Monday, September 12, 2011

පාත්තරයට.....................සිගා වැඩීම...???

එදා ටිකක් විතර වැඩ අධික දවසක්. මට මතක විදිහට වෙලාව උදේ 11ට විතර ඇති.

"අයියේ...හාමුදුරු නමක් වැඩම කරලා ඉන්නවා" එහෙම කිව්වේ මගේ ව්‍යාපාරික ස්ථානයේ වැඩ කරන, තරූෂි. වෙනත් පාරිභෝගිකයන් කිප දෙනෙක්ගේ වැඩක් කරමින් හිටි හන්දා, මම කිව්වා……..

"ආ...එහෙනම් අනිත් අයව පොඩ්ඩක් තියලා, හාමුදුරුවන්ගේ වැඩේ ඉක්මනට කරලා දෙන්න....."

ආයෙම තරූෂි කියනවා.."මට පේන විදිහට නම් හාමුදුරුවො වැඩලා ඉන්නේ..දහවල් දානය බලාපොරොත්තුවෙන් වගේ" කියලා.

ඒක ඇහුවා විතරයි..මට කර කර හිටිය වැඩෙත් අමතක උනා.

"මාර වැඩේනේ ...දැන් මොකද කරන්නේ...." මට ඉබේටම කිය වුනා.

මොකද….. මගේ ව්‍යාපාරය, මුද්‍රණ කටයුතු සම්බන්ධ එකක් නිසා.....දානය වෙනුවෙන් දිය හැකි ආහාරයක් එහි නොමැති නිසා.


"කමක් නෑ....ලග තියෙන කඩේකින් …. මොනවා ‍හරි ගෙනත් දෙමු......."


කරමින් හිටි වැඩය තරූෂිට පවරලා, මම ගියා ...හාමුදුරුවන් ඉදිරියට.


මා දුටු විට... ඉතා සන්සුන් සිනාවකින් මුව සරසා ගත් උන් වහන්සේ....මෙතෙක් වෙලා, තම සිවුරු පටින් වසා ගෙන සිටි, පාත්තරය මා වෙතට පෑවා.

ඇත්තටම ...පාත්තරය තුල ඇති දෑ දුටු විට...මම පුදුමයෙනුත් පුදුමයට පත් උනා.


රුපියල් 100/=, 50/=, 20/=, 10/= කොල වලින් පාත්තරය පිරීලා තිබුනා.


මොනවත් හිතා ගන්න බැරි වුන නිසා , මම නැවතත් හැමුදුරුවන් දිහා බැලුවා.

කිසිවක් නොපැවසූ උන් වහන්සේ නැවතත් මා වෙතට පාත්තරය දිගු කලා.


ඒ වෙලාවේ මට තේරුනා හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ආහාර නොවෙයි, මුදල් කියලා.

අට පිරිකර වලින් එකක් වන ..ඒ වගේම දන් වලදන .... පාත්තරයට , මුදල් දමන්නට තරම් ශක්තියක් මා වෙත නොවූයෙන්, මම අතට ගත් මුදල පාත්තරයට නොදමා, හාමුදුරුවන්ගේ අතට දෙන්න හැදුවත් , උන් වහන්සේ සන් කලේ.... එම මුදල් පාත්තරයටම දමන ලෙසටයි.

අන් කල හැකි දෙයක් නැති නිසා, මාත් අනිත් අය කරපු විදිහටම පාත්තරයට මුදල් දැම්මා.

නැවතත් සිවුරු පටින් පාත්තරය වසා ගත් හාමුදුරුවන් වහන්සේ, සිහින් සිනාවක් පා ඉවතට පිය නැගුවා.

මේ සිදුවීම පිලිබද .... නිශ්චිත පහන් හැගුමක් ගොඩ නගා ගන්නට හැදුවත්, කලකිරීම හා පසුතැවිල්ලක් හැර අන් යමක් සිතට දැනුනේ නෑ.

ඇත්තටම...මෙය කාලෝචිත යැයි කියා සාධාරණය කල හැකිද....????

28 comments:

  1. අනේ මන්ද?... මේ ගැන නම් අදහසක් දක්වන්න බෑ... දැන් ගොඩක් දෙනා පන්සලට දෙන දවල් දානය වෙනුවටත් සල්ලි යවනව මම දැකල තියෙනව...

    ReplyDelete
  2. හ්ම්......අනේ මන්ද...දැන් ස්වාමින් වහන්සේලා කියල ඉන්නේ ගොඩක් වෙලාවට මුදල් හම්බකිරීමේ පරමාර්ථයෙන් සිවුර දාගත්ත අය කියලයි මට හිතෙන්නේ...දැන් ස්වාමින් වහන්සේලා රැට නොකා ඉන්නවද...නෑ.....ටීවී බලනවා...මස් මලු කනවා...හොඳ සුපොගභෝගී වාහන වල යනවා...කාට කියන්නද....

    ReplyDelete
  3. මටත් මේ ගැන මුකුත් කියන්න බෑ.. මොකද දන් ගොඩක් වෙලාවට හාමුදුරුවරුන්ට දානේ පන්සලටම ගෙනිහින් දෙනවා.. එහෙම තියෙද්දිත් සිගා වඩිනවනම් එක ඇත්තටම හොද දෙයක්.. ඒත් පාත්තරේ සල්ලී??? අනේ මන්දා අයියේ...

    ReplyDelete
  4. කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස වෙනවා වගේ සහෝ...ස්වාමින්වහන්සේලාටත් අවශ්‍යදේ ගන්න ඉතින් මුදලුත් ඕනෙනෙ..දානෙ විතරක්ම තිබ්බම උන්නාසේලාගෙ හැම අවශ්‍යාතාවයම ඉටු වෙන්නෙත් නෑනෙ..ඒත් ඉතින් පාත්තරේට සල්ලී???

    අනේ මන්දා....

    ReplyDelete
  5. මට නම් මේ දේවල් අනුමත කරන්න බෑ. හාමුදුරුවන්ට මුදල් එකතු කිරීම අකැපයි. මේ නිසා මුකුත්ම කියන්න බෑ. ඔන්න දන් ටිකක් හොයාගන්න කියලා පින්ඩපාතේ වඩිනවා නම් කමක් නෑ.

    ReplyDelete
  6. ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් රක්සාවක් කරන තරුණයෙක් වෙන්න පුලුවන් .....

    ReplyDelete
  7. මෙතන වරද තියෙන්නේ හාමුදුරුවන්ගේ නෙවෙයි කියල මට හිතෙන්නේ.පත්තරේට මුලින්ම කවුරුහරි කෙනෙක් දානෙ වෙනුවට මුදල් නෝට්ටුවක් දාන්න ඇති.දෙවනියට හාමුදුරුවෝ වැඩි තැනින් ඔබ හිතු පරිදිම හිතලා මුදල් දාන්න ඇති.
    සමහර විට ඒ ගැන හාමුදුවන්ට ලොකු කලකිරීමක් ඇති වෙන්නත් ඇති.
    සල්ලි බලාපොරොත්තුවෙන් හාමුදුරු කෙනෙක් දන් වළදන පාත්‍රය දිගුකරයි ද?

    ReplyDelete
  8. බුද්ධ ශාසනයේ පිරිහීම... වෙන මොනවද.

    ReplyDelete
  9. අනේ මන්දා..? අපේ ගෙදරටත් දවසක් ඔහොම හාමුදුරුවෝ කෙනෙක් වැඩියා පාත්තරේට සල්ලි එකතු කරන්න

    ReplyDelete
  10. මහණකම කියන්නෙත් අද කාලෙ රස්සාවක්නෙ ඉතින්.
    සසර දුකින් එතෙර වෙන්න මහණ වෙන අය දැන් ඇත්තටම සමාජයෙන් ඈත් වෙලා ඉන්නෙ. මොකද අතිබහුතරය මහණකම ජීවිතය රැකගන්න රස්සාවක් කරගෙන නිසා..

    ReplyDelete
  11. ඇත්තටම අද මහණබව ව්‍යාපාරයක් වී ඇති බවනම් පිළිගන්නට වෙනවා , ඒ සෘජු ව්‍යාපාර හෝ දේශපාලකයින්ගේ ඇඟේ ගෑවෙමින් වරප්‍රසාද ලබා ගැනීමේ ව්‍යාපාර , සමහරුන් බණකට වඩින්නෙත් Advance payment එකක් අරගෙන , මට නම් හිතෙන්නේ එදා දේවදත්ත තෙරුණ්ට කළාට වඩා පවු අද බොහෝ භික්ෂූන් කර ගන්නවා ,අපි පහුගිය දවසක රත්නපුර පැත්තේ අළුත් , ජනප්‍රිය ,රැල්ලට යන තැනකට ගියා බලන්නට එතැන මේ වගේ සෘජු ව්‍යපාර හැමතැනම , සිරීපාදෙට ගියත් රැපියල් තිහට පිරිත් කියන “සිවුරු දාගත්තවුන්“ පිරිලා , මේ තත්ත්වය ගැන බොදුනුවන් විදියට අපිට තියෙන වේදනාව අපේ නායක හාමුදුරුවරුන්ට , අධීකරණ සංඝනායකයින්ට නැත්ද මන්දා , නැත්නම් උන්වහන්සේලාත් මේ දැලේම පැටළිලාද මන්ද ...

    ReplyDelete
  12. සාතන්-
    ඔව්.මමත් දන්නවා අපේ පන්සලටත් ...තමන්ගේ සලාක දානේ, මොනා හරි කරදරයක් නිසා, දෙන්න බැරි උන දාට,සමහර දායකයෝ ....පන්සලට සල්ලි හරි දානෙට අවශ්‍යය බඩු ටික හරි, ගෙනිගින් දෙනවා.එහෙම දෙයක්, කරදරයක් වුනාම වෙන්න පුලුවන් නේද.

    ඒත්... හාමුදුරුකෙනෙක් පා ගමනින් වැඩලා, තමන් දන් වලදන පාත්තරේට, සල්ලී එකතු කිරිමයි මට අදහගන්න බැරි උනේ.

    ReplyDelete
  13. සිතුවිලි නිහඬයි-
    අල්පේච්ඡ ජීවිත ගතකල යුතු උවත් , අද සමහර හාමුදුරුවරු විදින සුඛෝපභෝගී ජීවිත දැක්කම..අවංකවම දැනෙනවා, ලොකු කලකිරීමක්.

    ReplyDelete
  14. Dinesh-
    මගෙත් ඇස් උඩ ගියා..පාත්තරේට සල්ලි දාන්න කියලා ..සන් කලාම ..මල්ලී. හරිම දුකක් දැනුනා..ඒ වෙලාවේ.

    ReplyDelete
  15. දිල්-
    හාමුදුවන්ගේ අවශ්‍යයතාවයනුත් අනිවාර්යෙන්ම ඉටු වෙන්න ඕන තමයි.. දීල්. ඒත්... ඒකට යොදා ගත් ක්‍රමය හා භාන්ඩය ගැන මීට වඩා හිතුවා නම් මොන තරම් හොදද... නේද.

    මෙහෙම ගියෙත්... අන්‍යය ආගමිකයන් ඉදිරියේ,බෙෘද්ධයන්ට නොසෑහෙන්න, හැල්ලු වෙන්න වේවි.

    ReplyDelete
  16. මධුරංග-
    දායක සභාවකින් ඇරුනාම ..මේ විදිහට තැනින් තැනට වැඩලා ...හාමුදුරුවරු , පාත්තරයට මුදල් එකතු කිරිම..මොන තරම් ඇකැපද කියලා අපි දන්නවා උනාට, දැන ගන්න ඕන අය, නොදන්න එක නේ පුදුමේ...මල්ලී.

    ReplyDelete
  17. Thanikada-
    මටත් පස්සේ ඔය දේම හිතුනා....
    ඒත් ඇයි...චීවරේට, පාත්තරේට... මේ තරම් අපහාස කරන්නේ.

    ReplyDelete
  18. පබලු-
    මුලින්ම ස්තූතියි ඔයාට, මගේ ඉසව්වට ආවට.
    ඔව්. සමහර වෙලාවට ඔයා හිතන විදිය හරි වෙන්නත් පුලුවන්.

    මගේ ව්‍යාපාරය තියෙන්නේ රාජ්‍යය හා පුද්ගලික රැකියා ස්ථාන පමනක් තියෙන පුදේශයක.ඒ හන්දා හාමුදුරුවෝ දන්නවා දහවල් දානයට අවශය ආහාර මේ ස්ථාන වල නැති බව.( නිවාස මෙම පුදේශය තුල පිහිටා නැත.)

    ඉතිං..එවැනි වූ පුදේශයක්ම තෝරා ගෙන, පිඩු සිගා වැඩීමෙන්, මුදල් ලබා ගැනිමේ අරමුනින්ම ආ ගමනක් කියා සිතීමටද අවකාශ ඇත.

    ReplyDelete
  19. පැණි දොඩම්-
    ස්තූතියි...ඔයාටත් මගේ ඉසව්වට ආවට.
    මගේ හිතටත් ලොකු පසුතැවිල්ලක් තියෙනවා...සාසනය පිරිහෙන දේකට, මමත් දායක උනා ..නේද කියලා.

    ReplyDelete
  20. අයේෂා-
    ඇත්තද..??
    මෙහෙම දෙයක් මම අත්වින්ද පලවෙනි වතාව මේක.
    ඒකයි..මට මේ ගැන අදහන්න බැරි.

    ReplyDelete
  21. Outsider-
    ඇත්ත. දැන් හුගක් අය මහන දම් පුරන්නේ, හුදු ලාභ ප්‍රයෝජන හා තමන්ගේ සුඛ විහරනය සදහා මිස, සසර ගමනින් එතෙර වන්නට නෙවෙයි.... කියන එක තහවුරු වෙනවා, මේ වගේ වැඩ හන්දා.

    ReplyDelete
  22. බුද්ධාගම ගැන මහා ගැබුරින් ඉගෙන ගෙන නැතත් ... අපට වඩා ඒ ගැන දැනුම් තේරුම් ඇත්තන්, මේ වගේ අකටයුතු කම් ගැන ..ඇස් කන් පියාගෙන ඉන්න එක ගැන .. මටත් තියෙන්නේ හරි කනගාටුවක් අයියා.

    ReplyDelete
  23. බුදුදහම තුන් කාලෙටම.එක වෙනස් කරන්න ගියොත් වෙන එකම දේ තමා බුද්දාගම නැතිවෙලා යන එක.හාමුදුරු කෙනෙක් පින්ඩපාතෙ වඩින්නේ බඩගින්න නිවාගන්නයි,මිනිස්සුන්ට අනුකම්පාවෙනුයි, එක වෙනක් කරන්න ගියොත් තව අවුරුදු 2500 නෙමේ 100 ක්වත් ආගම ඉතුටුවෙන එකක් නෑ.හාමුදුරුවන්ට සල්ලි අකැපයි,මම කියන්නේ සියලු දේ දුකයි කියල නිවන් දකින්න ප්‍රර්ථනා කරන උතුම් බුද්ධ පුත්‍රයයො ගැන.අනිත් අය ගැන නම් මම දන්නේ නෑ.

    ReplyDelete
  24. අනේ මන්ද මොනව කියන්ඩද කියල, හාමුදුරු ගොල්ලන්ටත් සල්ලි අවශ්‍ය නං තමා, ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කරපු ක්‍රමේ හරිද කියන එක, ඒත් ඉතින් විකල්පයක් කියන්නෙ නැතුව විවේචනේ කරන එකත් සාධාරනද කියල හිතෙනව

    ReplyDelete
  25. මේ වගේ කතාවක් ඇහුව ප‍්‍රථම වතාව මේක. නමුත් අද කාලේ හාමුදුරුවරු කරන අනෙක් වැඩ දිහා බැලුවම, මේවා පුදුම වෙන්න කාරණාත් නෙමෙයි. හැබැයි ඉතින් දුකයි සාසනේ තුවාල වෙන විදිහ දැක්කම.. :(

    ReplyDelete
  26. අප්පට සිරි කිව්වලු...
    පපුව එහෙම තියෙනවද?
    කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා...

    ReplyDelete
  27. මම නම් තෙරුම්ගන්න විදියට , දැනෙන විදියට සල්ලි අවශ්‍ය නැහැ. සාසනය රැක ගැනිම ගිහියන්ගෙ දෙයක්. දානය ක් නෙ දුන්නෙ.... යහපත් හිතින් දුන්නා නම් එච්චරයි, දෙගිඩියාවකින් දුන්න නම් මෙච්චරයි.. ඔයා දානය කරපු සල්ලි හාමුදුරුවො පාවිච්චි කර විදියට තමයි ඉලඟ කාරනය. අපි මහන වෙන්න යන්න ඔනා ගෙවල් දොරවල් ගැන කලකිරිලා මෙතනින් මිදෙන්නෙ අරමුණ කරගෙන... එත් සමහර අය සාසනය රකින්න කියලා පොඩි කාලෙ ඉදම්ම මහන වෙලා හම්බෙන මුදල් හදල් වලින් පොත් පත් දැනුම සහිත සාසනය රකිනවා. එත් බුදු හාමුදුරුවන්ගෙ සංග සාසනය... අපි ආහුනෙයියො, පාහුනෙයියො, දක්කිනෙයියොඅ.. කියලා ගුණවලින් වදින සංග සාසනය කියන්නෙ ඔය සල්ලි එකතු කරන සාසනය නෙමෙ

    ReplyDelete
  28. මොනව කරන්නද මල්ලී . .

    හාමුදුරුවරුන්ටත් ගිහි අපිට වගේම මුදල් වලින් කර ගත යුතු දේවල් ඕනෑ තරම් තියෙනවනේ ..

    ගෝල හාමුදුරුවරුන්ට උගන්වන්න ටියුෂන් පීස් ගෙවන්න . .

    බස් වියදම් . .

    ලෙඩ රෝග වලට වියදම් කරන්න . .

    දානේ නම් නොවැලඳුවත් ඒ දේවල් අනිවාර්යෙන් කල යුතු නිසා සල්ලි පින්ඩපාතේ යනවා වෙන්න පුලුවන්.

    ReplyDelete