
නොසිතුව ලෙස ඔබ ඇවිදින්
නෙතු අංජන තවරා....
මා නොසිතුව නිමේෂයේ
හද ගී විල කලඹා.....
මතක බණක් සේ හඩ ඇසිලා
තුන් සිත සසල වුනා...
දෙව් අගනක රූසිරි දැකලා
සෙනෙහස් වාන් දොරටු බිදුනා...
වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොත
මොහොතක්..මා.. සුරතේ රැදුනා
කතා කරන ඒ..ඇස් දෙක..අද්දර
මතකයි....මේ පද වැල...ගෙතුනා
ගොඩක් කාලෙකට පස්සෙ කවියක්වත් ලියන්න හිතුණ එක ලොකු දෙයක්.
ReplyDeleteඅයියත් කවියෙක් වෙලානේ.
ReplyDeleteනියමයි අයියේ කවි සෙට් එක. අයියව කවියෙක් කරපු කෙල්ල කවුද කවුද කියලත් මම් තාම හිතන්නේ. :)
මමත් කාලයක් කවියෙක් උනා කෙල්ලෙක් නිසා
අනේ බම්බුව යන එකා ගියදෙන්, ඕන දෙයක් ගැන උපේක්ෂාවෙන් බැලුවොත් හිතට දුක අඩුයි .......
ReplyDeleteහොඳ සංකල්පනාවක් .......
Outsider-
ReplyDeleteවැඩ හුගක් වැඩි උනා මේ දවස්වල. ඒකයි කමෙන්ට්ස් විතරක් දාන්න එන්නේ.
අමතක නොකර මේ පැත්තේ ආවට...ස්තුතියි..යාලු.
මධුරංග-
ReplyDeleteඅපි කවියෝ කරන්නේ, අපේ හිතට ආදරේ අරන් එන අය තමයි මල්ලී.
ෂා...ඒ කියන්නේ මල්ලිත් සිරාවටම ලව් කරපු කොල්ලෙක් එහෙනම්.
හැමදාම මාත් එක්ක ඉන්නවට...ස්තූතියි...ඔයාට
පන්සල් හන්දිය-
ReplyDeleteයන අයට යන්න දිලයි මාත් ඉන්නේ.
ඒත්... නොකියාම.. ආයේ ආවාම, හදාගෙන ඉන්න හිතට මොනවා වෙනවද ...මන්දා.
ස්තුතියි ඇගයුමට...කල්හාර
"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් - රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්..."
ReplyDeleteටී.බී. හේරත්-
ReplyDeleteහැමදාම සින්දුවකින් කමෙන්ට් කරන ටී.බී. පරක්කු මොකද කියලා මාත් මේ බැලුවා.