
අපි උපදින කොටම, අපට… අපේම කියලා අම්මා කෛනෙක්, තාත්තා කෙනෙක් දායාද වෙලා තියෙනවානේ. ඊලගට අපට ලැබෙන නොහොත්, දායාද කර දෙන අනිත් දේ තමයි “නම “. කොයි තරම් ඇති නැති විෂමතාවයන් සහිත ලොවක අපි ඉපදුනත්, තමන්ටම කියලා “නමක් “නැති කෙනෙක් නම්… ඇත්තේම නැහැ.
නිකම් හිතන්න....අපි කිසිවෙකුටත් අනන්‍යය වූ “නමක්” නොතිබුනා නම්..කොහොම වෙයිද කියලා.
එකිනෙකා හදුනා ගන්නටත්..තව කෙනෙකුට හදුන්වා දෙන්නටත් ..මතකයේ තබා ගන්නටත්... මොන, මොන විදියේ දේවල් කරන්න වෙයිද කියලා....එහෙම උනා නම්.
නිවාඩු පාඩු වෙලාවක ඒ ගැනත් හිතන්න.......
ඒත්..දැන් මට කියන්න ඕන..අපට දීලා තියෙන “නම” හින්දා අපට අත්වෙලා තියෙන වාසි ගැන නම් නෙවෙයි.
මට කියන්න ඕන අවාසි ගැනයි.
මට හිතෙන්නේ, ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි..ඒ ගැන කතා කරන්න බැරි...ලියන්න බැරි...හිතන්න බැරි, හදුනා ගැනීමට කියලා, අපිව රාමුවක් තුල කොටු කරපු... අපට දිලා තියෙන “නම” නිසයි.... කියලා.
අපි උපදින කොටම… අපි ජිවත් විය යුතු ආර්ථික..සමාජයීය ...සංස්කෘතිකමය හා ආගමික වටපිටාව, පැවතිය යුතු වපසරිය, නොහොත් රාමුව… නිරිමාණය වි හමාරයි. අපි අපේ හැගීම් හා මතවාදයන් ඒ සීමාවෙන් මෙපිට තබා කටයුතු නොකරන්නේ නම්..අනන්ත වු පරිභවයන්ට ලක්වීම, නොවැලැක් විය හැක්කක් වනු ඇත. ඒ සීමාවන් තුල, සත්‍යයක් නෙවුවද...සමානාත්මතාව නොවුවද...ආදරයක් නෙවුවද...දියූණුවක් නොවූවද..ඒ ගැන නොවිමසා අදාල රාමුව තුල, මියෙන තුරාම අප ජිවත් විය යුතුය.
එසේ නොවි... යම් කෙනෙක්, ඉන් ඔබ්බට ගිය මතයක් ගොඩ නැගුව හොත්....පොල් ගෙඩි අකුරෙන් ඒ පුද්ගලයාගේ "නම" ලියා / කියා පට්ට ගසනු ඇත. ඔහුට තියා ඔහුගේ පවුලේ කෙනෙකුට වත්, පාරට බසින්නට බැරි වන්නට, ඒ පුද්ගලයාගේ “නමට” අපහාස කරනු ඇත.
’’ අසවලාගේ ” අම්මා..තාත්තා..අයියා..නංගි..නැන්දා..ආච්චි කියලා…
ඒ හන්දා තමයි..මිනිස්සු ඇත්ත කියන්න ඕන වෙලාවට...නිර්නාමික...විදිහට පෙනි ඉන්නේ. දන්නවනේ "නම "කිව්වොත්.....සමහර වෙලාවට පරම්පරා ගානකටම සෙට් වෙන්න, වැඩක් ලැබෙන්නත් පුලුවන් බව.
කවුද ඉතිං… තමන්ගේ ආත්ම ගරුත්වයටයි..පණටයි ආදරේ නැත්තේ..නෙව.
සමහරු-නිර්නාමික-වෙලා මෙලෝ රහක් නැති… දහ ජරා වැඩත් කරනවා. ඒත්, මම.. අද කතා කරන්නේ ඒ පැත්ත ගැන නම් නෙවෙයි.
අනික අපේ බ්ලෝග් කලාවේ පවා Anonymous තීරුවක් දීලා තියෙන්නේ, ඇත්ත කතා කරන්නත්...නව මතවාදයන්ට ඉඩ දෙන්නටත්...තමන්ට හිතෙන දැනෙන දේ එලෙසින්ම ප්‍රකාශ කරන්නටත් කියලයි...මට නම් හිතෙන්නේ.
එහෙම නොවුනා නම් .. බොහෝ දුරට බ්ලෝග් රයිටර්ගේ අදහසට, පක්ෂපාතී කමෙන්ට්ස් විතරක් ම වැටෙන්නත් තිබුනා. මොකද.. තමන්ගේ යාලුවෙක්ගේ බ්ලෝග් එකේ අඩු පාඩුවක් හෝ වැරද්දක් හො පෙන්වූ විට ඔහුගේ/ඇයගේ හිත රිදේවි යැයි, සිතන්න පුලුවන් නිසා.
අන්න එහෙම වෙලාවට.... මේ Anonymous තීරුව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නත් පුලුවන්.
ඒවගේම Anonymous වෙලා, තව කෙනෙක්ගේ ආත්ම ගරුත්වය .. මානසික ඒකග්‍රතාවය .. නැති කරලා..බ්ලෝග් කලාව ගැන කලකිරවලා..එයින් ඉවත් කිරීමට, උත්සාහ නොගෙන ඉන්නවානම් තමයි - හොද - කියලත් කියන්න ඕන.
ඉතිං..එකී, මෙකී හා තව නොකී..කරුනූ කාරනා හින්දා....මටත් වෙලාවකට මේ “නම“ නම් මහ ම මහ වදයක්.
(මොන හොදක් කලත්...(නෑ..නෑ..හොදක් කලාට නම් අපේ නම් කියවෙන්නේ නැ) නරකක් කලත් ... “නමටලු” නේ ඒවා බලපානවා කියන්නේ...නේද. මැරුනට පස්සේ වත් සමහර මිනිස්සුන්ගේ "නම්" වලට නිදහසක් නෑ නේ)
මගේ හිතේ තියෙන දේ, ඒ විදිහටම කියන්න..මට දැනෙන... හරියි කියලා හිතන විදිහට ජිවත් වෙන්න ..සතුටු වෙන්න ..ආදරය කරන්න, බැරි වෙලා තියෙනවා..මෙන්න මේ අදුන ගන්න දිපු “නම” හින්දා.
ඒ හන්දා තමයි..මට උප්පැන්නට දීපු “නම “ අර රාමුව තියෙන, ලෝකයට විතරක් දීලා...මට හිතෙන, දැනෙන හැම දෙයක්ම, බොහෝම නිදහසේ..සැහැල්ලුවෙන්..හංගන්නේ නැතුව කියලා දාන්න....මගේ බිලොග් එක ඇතුලට රිංගන්නේ.
මීටත් අමතරව, මම අකමැති , තව දේවල් තියෙනවා..බලෙන් අපේ ඇගේ ගහපු ඒවා....
ඒවා පස්සේ දවසක වෙන පෝස්ට් එකකින් දාන්නම්.
ප.ලි.
මේ ලියුවේ .... මගේ හිතට ආපු දේවල්..ඒ විදිහටම ..ගෙඩිය පිටින්ම.
ඉතිං ...මේ ගැන ඔයාලගේ අදහසුත් ලැබුනොත් ලිපිය තවත් හර බර වේවි.