
මගේ, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ, ගනු දෙනු වල, පොඩි පහේ පැටලැවිල්ලක් වෙලා තිබුනා. ඒක ගැන හරියටම හොයන්න නම්, මේ අවුරුද්දේ පරණ බිල් ඔක්කොම ඕන. ඒක... සේරටම වඩා, පණ යන වැඩක්. ඇයි ඉතිං ... ඕන බිලක් ආවොත්, කබඩ් එකේ ලාච්චුවකට විසි කරනවා.....පරිස්සමට තියා ගන්න, ඕන නිසා.
හරියට පිලිවෙලකට, ඒවා තියලා තියෙන නිසා..හොයන්න ගියාම…. ආස හිතෙනවා.
ඒත්... ඉතිං.. ඒවා නැතුව, මේ අවුල, හොයා ගන්නත් බෑ.ඒ හන්දා... පොත් කබඩ් එකේ, ලාච්චු ටික, එකෙන් එක අරගෙන, බිම තියාගෙන ..හොයන්න ගත්තා. ක්‍රෙඩිට් කාඩ් එකක් නිබ්බට, මම වැඩිය, ඕකෙන් ගනු දෙනු කරන් නෑ. මොකද….. හදිස්සියේ වත්, ඕක ගෙවන්න අමතක උනොත්..පොලී..වැල් පොලී වෙලා...තව තවත් පොලී එකතු වෙලා...අම්බානක බිලක්, ගෙදරට සැපත් වෙනවනේ.
අප්‍රේල් මාසෙ බිලයි....පෙබරවාරි මාසේ බිලයි, තමයි… මුලින්ම හම්බ උනේ. ඒකටත් විනාඩි 20ක් විතර ගියා. ලාච්චුව හුගක් පිලිවෙලයි කියලා දැන් වත් ෂුවර් නේද....
ඊලගට අහු වුනේ, ජනවාරි බිල. ඒක දිග හැරියම ....තුනට හතරට නවපු කොලයක.... ලියලා තිබුනු ..දෙයක් නෙත ගැටුනා.
පවනැල්ලක් වූවා නම්
සුදු මුහුනේ
සෙනේහයෙන්.....වෙලෙන්න තිබුනා
------------------------------------------------
අරුණැල්ලක් වූවා නම්
උණුසුම ගෙන
ඔබ තුරුලේ..... රැදෙන්න තිබුනා
------------------------------------------------
ගීයක් වත් වූවා නම්
හද පතුලේ
නොමැකෙන සේ..... ගයන්න තිබුනා
------------------------------------------------
ඔබ.. මට හිමි වූනා නම්
රතු වෙන තුරු
ඔය දෙකොපුල..... සිඹින්න තිබුනා
------------------------------------------------
මට හිමි නැති ..හිනාවකට - පෙම් බදිනවා මං
යන එන මග ..නිමක් නැතිව - ඔබ සොයනවා මං
නොලැබෙන මේ.. රුව අභියස - පෙරුම් පුරන මං
පණ ඇරගෙන.. ඔයාට දැන් - ආදරෙයිනේ මං
මම…. හිත හදා ගන්න, නොකරපු... තාමත් නොකරන... දෙයක් නෑ.
අමතක කරන්න.......... නොදීපු ගේමකුත් නෑ.
ඈත් උනා........... ඇස් දෙකට, කොහොමටවත්..... නොපෙනෙන්නම....
ඒකට........... ඉඩ තියෙන, හැම මගක්ම..... මමම.... අහුර ගත්තා.
දුකට ලියපු, හැම දෙයක්ම.... පොත් කබඩ් එකේ, යටටම දාලා…… ඒකේ යතුර විසි කරලා දැම්මා.
මොකද...මම... එයා වෙනුවෙනු, කරපු..කියපු ..ලියපු කිසි දෙයක්, ඒ විදිහට ලේසියෙන් විසි කරන්න, බැරි හින්දා.
මතක් වෙන කොට, ඒවා… බල… බල මම විදවන හින්දයි..යතුර විතරක්, විසි කලේ.
ඒත්..මේ කවිය..මට කොහොම හරි, මග හැරිලා.
බිල හොයන්න, හිත හදා ගන්න බෑ...මම ආවා බ්ලොග් එකට.
නොබී............. දුක.... පා කරන්න.. පුලුවන් ..එකම තැනට.
ඇයි මට 100% ක්ම....ඔයාව අමතක කරන්න ...මගේ දෛවය ඉඩ නොදෙන්නේ...??????????