Thursday, June 30, 2011

ලෙඩක් හින්දා ..හදා ගත්තු...තවත් ලෙඩක්....!!!!

මම දන්න අයියා කෙනෙක්ගේ, වයිෆ්ට නොසිතු ලෙස, මුහුන දෙන්න වෙලා තිබුනු අකරතැබ්බයක්....මේක. ඒ කතාව, එයාලට වගේම මටත්ඒ වගේම, මේ වගේ දේවල් ගැන නොදන්න, තව කාට හෝ ප්‍රයෝජනයක් වේවි, කියා හිතුන නිසා...පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවා.

හැබැයි..මේක වෙලා නම් ටික දවසක්. මගේ ප්‍රශ්නත් එක්ක ..දාන්න ටිකක් ප්‍රමාද වුනා.

ඒ අයියගේ අක්කා, නිතරම ගැස්ට්‍රයිටිස් හන්දා වේදනා විදින කෙනෙක්. ඕක ඉතිං කොහොමටත් නිට්ටාවටම, හොද කරන්න බෑනේ. නිවැරදි ආහාර පිලිවෙත් අනුගමනය කිරීමෙන් පමනක්, පාලනය කර ගන්න..පුලුවන් අසනිපයක්ලු නේ.

ඒ කියන්නේ...

· නියම්ත වෙලාවට ආහාර ගැනීම.

· ගොඩක් සැර හා තෙල් අධික ආහාර අඩුවෙන් කෑමට ගැනීම.

· හැකි තරම් වතුර පානය කිරිම.

..............වැනි පිලිවෙත් අනුගමනය කිරීම.

කොච්චර අගුන බව දැන ගත්තත් කවුද අඹ උයලා කන්න අකමැති.

පහුගිය පොසොන් දවසේ...මේ අක්කත්, අයියා එක්ක දන්සැල් වැදලා. ඒ කෑමට අඹත් තිබිලා.

ඒ වෙලාවට ලෙඩ අමතකයි නේ. හොදට දන්සැල් වැදලා ගෙදර ඇවිත්... නිදියගෙන.

ඊලග දවසේ උදේ වෙනකොට, අක්කට ටිකට් එක ඇදිලා. එයාට අමාරු වැඩි හන්දා අයියා එයාව පුද්ගලික රෝහලක, ඕ.පී.ඩී. ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් ගෙනාවා. මොකද ...පොසොන් පෝය දවස්වල, හුගක් විශේෂඥ ඩොක්ටර්ස්ලා, නිවාඩු අරගෙන තිබුන නිසා. ඒ බෙහෙත් බිලා ටික වෙලාවකට පස්සේ, බඩ දැවිල්ල අඩු වුනත්, එයාට තදට හිස රිදෙන්න අරගෙන.

ඇගට පණ නැති හන්දා දවසෙම ඉදලා තියෙන්නේ ඇදේ.

ඊලග දවස වෙනකොට, ටිකක් විතර ඒ අමාරුව අඩු වෙලා.ඒ හන්දා අක්කා දවල්ට කෑම ටිකක් කාලා…. නාලා තියෙනවා.

ඊට පැයකට විතර පස්සේ, අක්කා අයියට කියලා තියෙනවා, එයාගේ බෙල්ල හරියෙන් තද වෙනවා, වගේ කියලා. ඒ වගේම එයා කටේ එක පැත්තක් තද කරගෙන කතා කරන බවත්, අයියට තේරිලා තියෙනවා. ඒ අතරෙදි කට පොඩ්ඩක් පැත්තට යනවත් අයියා දැකලා.

අක්කත්.. පොඩි ලමයෙක් නෙවි නේ. මේ රෝග ලක්ෂන, මොන ලෙඩකට සම්බන්ධ ඒවාද කියලා දන්න හින්දා එයා හොදටම බය වෙලා අඩන්න අරගෙන. අයියත් නොපෙන්නුවට එයත් හොදටම බය වෙලා. එයා ඉක්මනටම, අක්කව ගාල්ලේ මහමොදර රෝහලේ ඕ.පී.ඩී. එකට ගෙනිහින්. ඒ යනකොට, එයා මතක ඇතුව එදා ….ඩොක්ටර් දිපු බෙහෙතුත් අරගෙන ගිහින්. බොන්න දියර බෙහෙතකුයි, එක පෙති වර්ගෙකුයි තමයි ඒ අතරේ තිබිලා තියෙන්නේ.

මුලින්ම අක්කගේ හැසිරීම ගැන ඩොක්ටර් බය වුනත්, අර දිපු බෙහෙත් පෙත්තේ නම දැකපු හැටියේ කිව්වලු..බය වෙන්න එපා ...මේ දිපු පෙත්තට ඔය විදිහට "ඇබ්නොමල් මූ මන්ට්ස් " එන්න පුලුවන් කියලා. ඒ බෙහෙත, වහාම නතර කරන්නත් කියලා. අර ඇබ්නොමල් තත්වය මග හැරෙන්න කියලා වෙන පෙත්තක්, දිලා තිබුනා. පැය 5ක්..6ක් යද්දි ඔය ත්තවය අඩුවෙයි කියලත් කියලා.

ඔන්න ඊට පස්සේ තමයි අයියගේ ඇගට ලේ ටිකක්, උනලා තියෙන්නේ.

ගෙදර ඇවිත් බෙහෙත් ගත්ත හැටියේ, ඒ ගති ටිකක් අඩුවෙලා. ඒත්.. අයියා, අක්කා ලගටම වෙලා, එයා‍ව හොදින් නිරීත්ෂණය කරමින් ඉදලා තියෙන්නේ.

විනාඩි 15කට විතර පස්සේ, අයියා දැකලා තියෙනවා, අක්කගේ කට.. ආයෙමත් පොඩ්ඩක් පැත්තට යනවා. එයාගේ මුණ අල්ලලා බැලුවාම, හරිම තද ගතියක් අතට දැනිලා. අක්කාට කතා කරන්න කියලා කිව්වත්, එයා කතා කරන්නේ නෑලු බයටම. බොහෝම අමාරුවෙන් කතා තරන්න පොලඹවා ගත්තමලු දැනුනේ, කට හඩත් වෙනස් වෙලා කියලා. තොල් දෙකම එයාට නොදැනිම, පිට අතට පෙරලිලා. කට ඇරියම දිවත් පැත්තට ගිහින්. අක්කා බයට, අත් දෙකෙන්ම කට වහ ගෙන..අමාරුවෙන් අඩන්න අරගෙන.

අයියා කියනවා එයා ජිවිතේ කවදාවත්ම ඒ වගේ දෙයක් දැකලා තිබුනේ නෑ කියලා.

ඒ හන්දා එයා බය වුනාලු පුදුම විදිහට.

හැබැයි මේ තත්වේ, දිගටම තියෙන් නෑලු. එහෙම ටික වෙලාවක් තිබිලා, නැති වෙනවලු. ආයෙම ටික වෙලාවකින්, ඒ විදිහටම වෙනවලු.

අයියාට තේරිලා, බලන් ඉදලා හරියන් නැති බව. අක්කව එක්ක ගෙන ගිහින්, කරාපිටිය රෝහලට නතර වෙන්නම බලාගෙන. ඒ හිතුවා වගේම, එයාව.. රෝහලේ නතර කරගෙන. එහෙනුත් කියලා තියෙන්නේ, බය වෙන්න එපා..අර බෙහෙතට තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මහමෝදරින් දිපු බෙහෙත් පෙත්තක්ම, ආපහු දීලා. ඒ බෙහෙත ලේ වලට මිශ්‍ර වෙන්න ටික වෙලාවක් යනවා..ඊට පස්සේ ඔය තත්වේ මග හැරෙනවා කියලා.

ඊට පස්සේ, අර ලක්ෂණ, අඩු වෙවී වැඩි වෙවී තිබිලා, රෑ 8ට විතර වෙනකොට සම්ර්‍පූර්ණයෙන්ම හොද වෙලා තියෙනවා. ඕක පටන් අරන් තිබුනේ දවල් 1.15ට විතර.

ඊට පස්සේ එයාලා ටිකට් කපන් ඇවිත්.

හැබැයි රෝහලෙන් කියලා තියෙනවා, බෙහෙත් ගන්න යන සෑම විටකම..අර දිපු බෙහෙත හන්දා, තමන්ට සිදුවු කරදරය, අදාල වෛද්‍යවරුන්ට කියන්න කියලා..

ඒ බෙහෙත සාමාන්‍යයෙන් දෙන්නේ වමනය නතර කිරීමට හා කිරි දෙන මව්වරුන්ට, කිරි එරීමටලු.

මේ අක්කා බැදලා තාම මාස 5යි. බඩ දැවිල්ල ඇරුනාම එයාට වමනය තිබිලත් නෑ.

ඉතිං....හැමෝටම ප්‍රශ්නේ ඇයි …. අර පුද්ගලික රෝහලේ ඩොක්ටර්, ඒ වගේ බෙහෙතක් දුන්නේ කියලා.

අඩුම ගානේ ඒ ඩොක්ටර්ට කියන්න තිබුනා, මේ පෙත්තට, සමහරුන්ට මේ වගේ තත්ව එනවා ..ඒ හන්දා කල්පනාවෙන් ඉන්න...එතකොට, වහාම ඒ බෙහෙත නතර කරන්න කියලවත්. ඒ මොනවත්ම නොකියනේ මේ ‍පෙත්ත දීලා තියෙන්නේ.

මෙහෙම බැලුවාම, දැන්…. බෙහෙත් ගන්න ඩොක්ටර්ස්ලා ගාවට යන්නත්, බයයි ..නේ.

ඇයි..එක ලෙඩකට බෙහෙත් ගන්න ගියාම..තවත් ලෙඩක් හදා ගෙන, එන්න වෙන නිසා.

ප.ලි-

ඔයාලගේ දැන ගැනීම පිණිස ඒ බෙහෙතෙ නම කියන්නම්….

" Maxolon "

මේ බෙහෙත, ලෙඩකට නිර්දේශ කලොත් ඒ ගැන දෙපාරක් හිතන්න, අමතක කරන්න එපා.

ඒ වගේම, හැමෝටම මේ බෙහෙතෙන් අනිසි බලපෑම් නොවෙන බවත්, සිහි තබා ගත යුතුයි.

ප.ලි-

අර අක්කා නම්, ඒ බෙහෙතෙ නම ඇහෙන කොට, තාමත් වෙව්ලන්න ගන්නවලු..

ඇයි එයා මොන තරම් දුකක් විදින්න ඇද්ද ..එදා.

ඒ වගේද..මානසිකව එයා වැටුන ඇද වැටිම........බය විම.

28 comments:

  1. ඕකෙ නම මතක තියාගත්තට දොස්තර මහත්තුරු නෝනල ලියන අකුරු කියවන්න පුඵවන් පාමසි කාරයන්ට විතරක් වීම තමයි ගැටඵව.
    දොස්තරල පිස්සු කෙළින කොට තමයි එක එක මගඩි කාරයො සුවපත් කරන්නො විදියට කළඑළී බහින්නෙ.

    ReplyDelete
  2. වැදගත් ලිපියක්... බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක් අයියේ. අම්මෝ ගෑස්ටයිටිස් කියන ලෙඩේ නම් හදා ගන්න හොද නෑ. ඒ නිසා මොනවම හරි වෙලාවට කන්න මතක තියා ගන්න ඕනේ.

    අපේ මල්ලි කියලා තියෙනවා. ගෑස්ටයිටිස් ගොඩක්ම වැඩි උනාම ආමාෂයේ සිදුරු ඇති එනවා කියලා. එතකොට නම් ගොඩක්ම අමාරුයි ලු. ඒ වෙලාවට බේරියම් සල්පේට් කියන දියරය බොන්න දීලා එක්ස් රේ එකක් ගන්න වෙනවලු.

    බේරියම් සල්පේට් කියන දියරය බොන්න අමාරුයි ලු. ඒ නිසාම ඒ දියරයට රසයක් මිශ්‍ර කරලා තියෙනවලු. බේරියම් දියරයට රුපියල් දෙසිය ගානක් වෙනවලු. ඒක පිටින් ගන්න වෙනවලු.

    හරි ඒ කතා පැත්තකින් තියමුකෝ. අර දොස්තරට යුතුකමක් තිබ්බනේ ඒ පෙත්තේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ටික කියලා ඒ කට්ටියව දැනුවත් කරන්න. ඒ අතින් දොස්තර වැරදියි.

    අනිත් අතට ඒ අක්කත් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒත් ඉතින් අඹ මාලුවක් කියලා කිව්වම ලෙඩත් අමතක වෙන එකනේ වැඩේ. (මධුරංගගේ කටට කෙලත් උනන ලදී.)

    ඔය කිව්වට මටත් කට පාලනය කරගන්න බෑ නෙව. :)

    ReplyDelete
  4. ස්තූති දැනුම බෙදා දුන්නාට.

    ReplyDelete
  5. දැනුවත් කිරීම ගැන ඇත්තටම ගොඩක් ස්තුතියි අයියේ.. ඇත්ත අපි දොස්තර ලියලා දුන්නම් බෙහෙත බය නැතුව බොනවා.. ප්‍රශ්ණයක් වේවි කියලා හිතන්නේ නෑනේ.. රොහලකින්ම බෙහෙත් ගන්නවනම් ඉතින් වැඩි ව්ශ්වාසයක් තියන්න පුළුවන්.. ඒත් ඉතින් සමහර වෙලාවට එතනත් වරදිනවා.. ලියලා දෙන බෙහෙත් ගැන ලෙඩාව දොස්තර දැනුවත් කරනවානම් ගොඩක් වෙලාවට මේවගේ දෙවල් අඩු කර් ගන්න පුළුවන් කියලයි මම හිතන්නේ..

    ReplyDelete
  6. http://www.mydr.com.au/cmis/ReducedPDFs/CMR08904.pdf
    It should be MAXOLON not MAXALAN

    ReplyDelete
  7. Outsider-
    හරියට හරි..යාලුවා.
    පරණවිතාන මහත්තයටත් බෑ..ඔය දොස්තරලගේ අකුරු කියවන්න.
    වෛද්‍යවරු තමන්ගේ සේවය හරියට නොකරන හන්දා තමයි..... බුරුතු පිටින්, ගොඩ වෙද්දු බිහි වෙන්නේ.

    ReplyDelete
  8. සාතන් said...
    දිරි ගැන්වීමට ..තෑන්කූ..සාතන්.

    ReplyDelete
  9. මධුරංග-
    ඔව්..මල්ලී ..ගැස්ට්‍රයිටිස් කියන්නේ සුලු කොට තකන්න පුලුවන් ලෙඩක් නෙවෙයි.ඔයාට නම් ගෙදරම ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නේද. ඒක මෙන තරම් වාසනාවක්ද.

    අද හුගක් අය වගේම ‍සමහර ඩොක්ටර්ස්ලත් ලෙඩ්ඩු ගැන නෙවි..සල්ලි ගැන නේ හිතන්නේ.

    ReplyDelete
  10. Gimhani-
    සතුටුයි..ගිම්හානි නංගී..මේ පැත්තේ ආව එකට.
    ඒ වගේම අගය කලාට ස්තුතියි.

    ReplyDelete
  11. Dinesh-
    ලෙඩක් හැදිලා අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ...හරියට දෙවි කෙනෙක් දකින්න යනවා වගේ. ගත අසරණ වුනු හැම කෙනෙක්ටම ඒ වගේ හැගීමක් තමයි වෛද්‍යවරයා ගැන තියෙන්නේ.ඒ වගේම ලොකු විශ්වාසයකින් ඒ දෙන බෙහෙත් බොන්නේ.

    ඇයි ඒ හැගීම ..විශ්වාසය... මේ තරමට බාල්දු/හෑල්ලු වෙන විදිහට සමහර වෛද්‍යවරු හැසිරෙන්නේ කියලයි ..මට හිතා ගන්න බැරි.

    ReplyDelete
  12. කියන්න වදන් නැහැ වැදගත් ලිපියක් ........
    නම මතක තියා ගත්තා “මැක්ස්සලන්“ ........
    දැන් ඉන්න දොස්තරලගේ තියන නොසැලකිල්ලෙන් තව පොඩ්ඩෙන් මහා විනාශයක්නෙ වෙන්නෙ ......

    ReplyDelete
  13. Dinesh_Silva-
    ස්තුතියි..මිත්‍රයා දැනුවත් කිරීම ගැන.

    මම, මේ පෝස්ට් එකට, "බෙහෙතෙ නම" දාන්න ඕන හන්දා, ඩොක්ටර් ලියලා දිපු නම, කියව ගන්න බැලුවත්... හරි ගියේ නෑ.
    පස්සේ ... අයියා මට ගෙනත් පෙන්නුවා, ෆාමසි එකෙන්...... ඒ බෙහෙත, දාලා දිලා තිබුන, කවරේ. ඒකේ ලියලා තිබුන විදිහටයි මම ලිව්වේ.

    නිවැරදි කිරිම ගැන ..නැවත ස්තූති කරමි.

    ReplyDelete
  14. පන්සල් හංදිය-
    ඔව්...කල්හාර.
    මේ වෘත්තියේ වටිනා කම, මුදලින් විතරක් මනින්න ගියොත්..මීට වඩා අපහසුතාවන්ට අසරණ ජනතාවට මුහුන දෙන්න වේවි.

    ReplyDelete
  15. නඩු දාන්නයි වටින්නේ!

    ReplyDelete
  16. ඇත්ත..කතන්දර අයියා.
    මිනිස් ජීවිත එක්ක සෙල්ලං කරනවා..අද සමහර වෛද්‍යවරු.

    ReplyDelete
  17. මම ඔෂදවේදය ගැන හදාරන කෙනක්, ඔයා නොදැනුවත්ව මේ ලිපිය ලියලා කියලා පෙනෙන නිසා වැරද්දක් නිවැරදි කරන්න තමයි විශේෂයෙන්ම මම මේ ලියන්නේ.
    1) කරුණාකරලා ඔයාගේ ලිපියෙන් ඒ බෙහෙතේ නම අයින් කරන්න. ( හේතුව පල්ලෙහා තියෙනවා)

    බෙහෙතක්, අගුලකට යතුරක් වගේ දෙයක් නෙවෙයි. එක බෙහෙතකින් වෙන්නේ එක දෙයක් නෙවෙයි. එක බෙහෙතකින් ලෙඩ ගානකට බෙහෙත් කරනවා. ඒ වගේම බෙහෙතකින් හොද වගේම නරකත් තියනවා. හොද ලක්ෂණ වාසි විදියටත් නරක ලක්ෂණ අතුරු ආබාද විදියටත් හදුන්වනවා. බොහොමයක් බෙහෙත් වල වාසි වලට වඩා අතුරු ලක්ෂණ වැඩියි. ඒ නිසා තමයි හිතුමතේ බෙහෙත් ගන්න එපා කියන්නේ.

    රෝහලෙන් ඔයාලට කියලා තියන කාරනා හරි. ඒ බෙහෙත සාමාන්‍යයෙන් දෙන්නේ වමනය නතර කිරීමට හා කිරි දෙන මව්වරුන්ට, කිරි එරීමට. ගැස්ට්‍රයිටිස් ගොඩක් වැඩි කෙනෙකුට බෙහෙත් දුන්නම වමනේ යන ප්‍රවනතාවයක් ඇතිවෙන්න පුළුවන් ඒ නිසා තමයි අර බෙහෙත දෙන්න ඇත්තේ. ඒ වමනේ යාම වැලක්වීමට, වමනය ගියහොත් අම්ල මිශ්‍ර අමාශයික දියරයෙන් ගලනාලයට වන හානිය අඩු කිරීමට වැනි කාරනා කීපයකට.

    ඒ බෙහෙතේ ඉතාමත් කලාතුරකින් එන අතුරු ලක්ෂණයක් තමයි ඔයාගේ යාළුවාට මෙහෙම තත්වයක් ඇති වෙන්නේ. මේක බොහොම දුර්ලබයි. සමහරවිට 10000 කට 1 වත් නැතුව ඇති. ( නිවැරදි ගණන දන්නා කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න) මම දන්නා තරමට බෙහෙත මුත්‍රා හරහා පිටවුණාට පසු මේ ලක්ෂණ අඩුවෙලා නැවත යතා තත්වයට පත්වෙනවා. එහෙත් මෙවැනි අතුරු ලක්ෂණ පෙන්වන කෙනෙක් නැවත නැවත එම බෙහෙත ගැනීම සුදුසු නෑ. ඒ නිසා තමයි රෝහලෙන් කියලා තියෙන්නේ නැවත බෙහෙත් ගන්න ගන්න හැමවිටම මේ ගැන දොස්තරව දැනුවත් කරන්න කියලා. එවිට දොස්තරට හැකි වෙනවා ඒ සදහා වෙනත් බෙහෙතක් යොදාගන්න.

    ගොඩක් බෙහෙත්වල 10000 කට 100000 කට එක්කෙනෙකුට ඇතිවෙන අතුරු ලක්ෂණ තියනවා. මේ බව බෙහෙත් ගන්න හැම ලෙඩාටම කිවයුතු නෑ එහෙම කීමෙන් රෝගීන් අනිසි විදියට බය බෙහෙත ගැන බයවෙනවා. අනිත් කාරණය ජීවිත අවදානමක් හෝ වෙනත් දරුණු අතුරු ලක්ෂණයක් සහිත එහෙත් කලයුතු වෙනත් විකල්පයක් නැති අවස්තාවලදී දෙන බෙහෙත් බොහෝවිට දෙන්නේ රෝහල් ගත කරලා විශේෂ තත්ත්ව යටතේ.

    කොහොම වුනත් එක් එක් බෙහෙත එක් එක් කෙනාට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඒ නිසා මොන බෙහෙත ගත්තත් විශේෂ ලක්ෂණයක් මතුවෙනවානම් හැකි ඉක්මනින් දොස්තර මහතකු හමු වියයුතුයි.

    ඔබ නොදැනුවත්ව මේ ලිපිය නිසා වී ඇති වැරැද්ද ඔබ හදයි කියලා මා බලාපොරොත්තු වෙනවා
    (මාගේ දැනුමේ හැටියට අදහස පල කල අතර වැරදි තිබේනම් නිවැරදි කරන්න)

    ReplyDelete
  18. නිල් අහස , ..ඔබේ ලිපි ලිවීමේ රටාව හරිම ලස්සනයි ...ඒත් මල්ලි ..මෙහි සමහර කරුණු ඔබ තරුණයෙක් ලෙසින් මෙහෙම ලිව්වත් ඒ ඖෂධයේ බලාපොරොත්තු විය හැකි ප්‍රතිපලයක් මෙම extra pyramidal effects තත්ත්වය මෙහි All in one කළ විස්තරය හරිම වැදගත් ... මෙය අපේ රටේ ඇති ගැටළුවක් ...තමන් ගන්නා ඖෂධය ගැන නිසි දැනුමක් ලබා ගැනීමේ ක්‍රමයක් නැහැ ..නැත්නම් ඒ ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ..ඒ සඳහා නිසි තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ ..ඔබේ මේ ලිපිය හරහා එවැන්නක් සඳහා මඟ පෑදේනම් එය අපේ රටවැසියාගේ වාසනාව ...
    මම යම් උත්සාහයක් දරමින් ඉන්නවා www.sonduru.tk මගින් ඇවිත් බලන්න ..යමක් දැනගන්න ...කොහොම වුනත් ඔබේ “අවංක අදහස් වලට“ මම ගරු කරනවා ....

    මෙන්න මගේ බ්ලොග් එකේ මග www.sonduru.tk හොඳනම් යාළුවන්ටත් කියල මේ දැනුම බෙදා හරින්නට එකතු වෙන්න

    ReplyDelete
  19. අනේ මන්දා මිනිහෙකුගේ ජීවිතේ වටිනකම ඇයි මේ තරම් නොසලකා ඉන්නේ කියලා හිතා ගන්න බෑ

    ReplyDelete
  20. All in one-
    මුලින්ම හුගක් ස්තූති වන්ත වෙනවා, මගේ ඉසව්වට පැමිනීම ගැන..
    වගේම දිපු අදහස් වලටත්.

    ඒ වගේම කියන්න ඕන..කිසියම් පුද්ගලයෙකුට හෝ වෘත්තියකට හෝ බෙහෙතකට හෝ පහර ගැසිමේ අරමුණින් මේ ලිපිය සකස් නොකල බව.
    ඒ වගේම කිව යුතුයි.. කිසිදු "අසත්‍ය" වූ යමක් මා මෙහි සදහන් නොකල බව.

    වෛද්‍යය නිර්දේශ වලට යටත්ව, ගත් බෙහෙතකින් සිදු වු කරදරයක් ගැනයි, මම මේ සටහන තැබුවේ.

    ඔබ මෙන්ම, මාද..තවත් බොහෝ අයද, බෙහෙත් වලින් අතුරු ආබාධ ඇතිවිය හැකි බව දනිමු.. සාමන්‍ය අතුරු ආබාධ පිලිබදව, රෝගියා දැන්‍රුවත් කිරිම අනිවාර්යෙන්ම සිදුකල යුතු යැයි, මමද පිලි නොගනිමි.
    නමුත්, අංශභාග රෝගියෙකුට පෙන්වන, මූලික රෝග ලක්ෂන, දෙනු ලබන... කිසියම් බෙහෙතක... අතුරු ආබාධයක් ලෙස ඇතිවිය හැකි නම්, ඒ පිලිබදව, රෝගියා හෝ ඔහු සමග පැමිනි පුද්ගලයෙකුව හෝ දැනුවත් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවයි මගේ හැගීම.(අඩුම තරමින් විකෘති චර්යා රටාවන් හෝ ඇතිවය හැකි බව ) එවැනි වූ බරපතල Side Effects යම් කෙනෙකුට ඇතිවීමේ ප්‍රවනතාව
    100,000 ට, 1 ක් උවද .. ඒ පිලිබදව දැනුවත් කිරිම සිදුවිය ම යුත්තකි. මන්ද ප්‍රතිශතය කෙතරම් අඩු වුවද, ඉන් එක් අයෙකු හෝ දැඩි අපහසුතාවයකට පත් විය හැකි බැවිනි.

    ඒ වගේම, මම පැහැදිලිවම කියා තිබෙනවා, මෙම තත්ව, සමහරෙක්ට පමනක් ඇතිවිය හැකි බව.

    " අඩුම ගානේ ඒ ඩොක්ටර්ට කියන්න තිබුනා, මේ පෙත්තට, සමහරුන්ට… මේ වගේ තත්ව එනවා ..ඒ හන්දා කල්පනාවෙන් ඉන්න...එතකොට, වහාම ඒ බෙහෙත නතර කරන්න කියලවත් "

    මම නම් හිතන්නේ, බෙහෙතක... අතුරු ආබාධ ගැන දැනුවත් කිරිමෙන් නොව ... ඒ පිලිබදව, දැනුවත් නොකිරිමෙනුයි..මිනිස්සු ඒ බෙහෙත් ගැන බිය වන්නේ කියා.

    මම නොදැනුවත්ව හෝ මේ සටහනින්..කිසිදු පාර්ශවයකට, වැරැද්දක් නොකල බව, මට කියන්න පුලුවන්.

    ඇත්තටම.. මේ සටහනින් මට කියන්න ඕන උනේ, බෙහෙතින් පෙන්වන... බරපතල අතුරු ආබධයන්... දැනුවත් කිරිම, මග හැරිමෙන්.. අහිංසක තරුණ යුවලකට විදින්නට සිදු වූ කායික හා මානසික පීඩාවන් පෙන්වාදිමය.

    ReplyDelete
  21. Mahesh Nishantha-
    බොහෝම ස්තුතියි අයියා..අගය කිරිමට වාගේම...අදහස් වලටත්.
    අනිවා...ඔයාගේ බ්ලොග් එක පැත්තේත් එන්නම්.

    ඒ වගේම සාදරයෙන් ..ඔයාව මගේ අඩවියට පිලි ගන්නවා.

    ReplyDelete
  22. ayesha-
    බෙහෙත් දෙනවා වගේම ඒ ගැන අවශ්‍ය විටදි..රෝගියා දැනුවත් කිරිමත්, වෛද්‍යය වෘත්තියේ.. තවත් එක් කාර්්‍යය භාරයක් විදිහටයි ..මම දකින්නේ..අයේෂා.

    ReplyDelete
  23. සමහර බෙහෙත් සමහර පුද්ගලයන්ට ආසාත්මික තත්ත්වයන් ඇති කරන්න පුලුවන්!ඒ වා ජානමය තත්ත්වයන්!ඉතින් එවැනි තත්ත්වයක් තියනවඩ කියල දැන ගන්න පුලුවන් වෙන්නේ එක පාරක් ඒ බෙහෙත බිව්වම තමයි!

    ReplyDelete
  24. බොහොම හොඳ ලිපියක් මල්ලී .. . .ගොඩක් ප්‍රයෝජනවත් . . .

    ReplyDelete
  25. Sabith-
    සාදරයෙන් පිලිගන්නවා..ඔබව මගේ අඩවියට.

    හරියට හරි. රෝගියා තමන්ට යම් බෙහෙතකින්, අසාත්මිකතාවයක් තියෙනවා කියලා 100%ක්ම දැන ගන්නේ..ඒ බෙහෙත බිව්වට පස්සේ.

    ඒත් side effects ඇතිවිය හැකි බෙහෙත් වෛද්‍යයවරුන් දන්න හන්දා..රෝගියාව, කලින්ම.. ඒ ගැන ..යම් පමනකින් දැනුවත් කල හැකියි.

    ස්තුතියි..අදහස් වලට.

    ReplyDelete
  26. දුකා-

    ඔයාගේ අදහස් වගේම..පැමිණීමත්..මට ලොකු ශක්තියක්..අයියා.

    ReplyDelete
  27. මේ ලිපිය කියවගෙන යද්දිම ලියන්න හිතුනු ටීක All in one සහ මහෙෂ් ලියා තිබෙනවා. මේ පෙත්ත අප වෛද්‍ය වාට්ටු වල නිරන්තරයෙන්ම පාවිච්චි වෙන්නක්. විශේෂයෙන්ම මාතෘ ගැබිනි වාට්ටුවල. ඒ වගේම මෙය එන්නතක් වශයෙන්ද නිරතුරුවම ඒ කියන්නේ හැමදාම සමහර විට සමහර ලෙඩුන්ට උදේ සවස භාවිතා කරනවා. අතුරු ප්‍රතිඵල එන්නේ බොහොම කලාතුරකින්. නමුත් සයිඩ් ඉෆෙක්ට්ස් ගැනනම් දැනුවත් කිර්‍රීමක් කළ යුතුව තිබුනා. ප්‍රශ්ණය වෙන්නේ ඕවා කළාතුරකින් වෙන නිසා සමහර විට දැනුවත් කිරීම අමතක වුනාද දන්නේ නෑ.පැනඩෝල් පෙත්තක් බොන්න කිව්වත් අපි පුරුදු වෙලා ඉන්නේ වැඩිපුර බිව්වොත් වෙන අතුරු ආබාද ගැන හොඳින් තේරුම් කිරීමයි.කොහොම උනත් රෝගියාගේ පැත්තෙන් බලන කල ඔවුනට මානසිකව සහ ශාරීරිකව ඇතිවූ බලපෑම විශාලයි. එවැනි දේවල් සිදු නොවිය යූතුව තිබුනා. වෛද්‍යවරු ලබා දෙන සමහර බෙහෙත් වල පෙට්ටි ඇතුලේ තේරුම් ගත හැකි වචන වලින් එම බෙහෙත ගැන සඳහන් වන කොල කැබැල්ලක් තිබෙනවා මෙය බලන්නට කියවන්නට උත්සහ ගන්නේ කීයෙන් කී දෙනාද. ෆැකල්ටි ගිය දවසේ පටන් මේවා කියෙව්වත් අපිවත් ඊට කලින් ඔය තුන්ඩු කැබලි කියෙව්වේ නෑ.

    ReplyDelete
  28. ලිපිය වගේම ලිපිය හරහා ඇතිවෙච්ච සංවාදයත් ගොඩක් වටිනවා මචං...

    ReplyDelete