Monday, March 21, 2011

සුදු ම සුදු සමනලි


සිතට සතුටක් මවන දසුනක

රුවක් අරගෙන ඔබ ඇවිත්

නෙත ම කළඔනවා.......

වරම් නැති බව හිතෙන පැතුමක

අකීකරු හිත දැවටෙමින්

ඔබ ම අයදිනවා.......

-----------------------------------------------

පාවෙනා සුදු වලා අහුරක

ඔබව සතපා

උණුසුමක් වෙන්නට හිතයි........

රෝස පැහැවන් දෙතොල් අද්දර

හාදු වපුරා

ආදරය දෙන්නට හිතයි.........

-------------------------------------------------

වෑහෙනා හසරැල් විලේ

දෑස් නොපියා

බලන් ඉන්නෙමි හරි හැඩයි.........

කියා ගන්නට බැරිව ලතවෙන

ආදරේ

කව් සිලුමිණක් පබදින හැඩයි...........

5 comments:

  1. කියා ගන්න බැරි ආදරේ.........

    ReplyDelete
  2. ඔව්..සමහර විට කවදාවත්..ම මට කියා දෙන්න බැරි වේවි.

    ReplyDelete
  3. හිතක් ඇතුලේ මොනතරම් නම් දේවල් කියා ගන්න බැරුව හිර වෙලා තියෙනවද. දවසක් ඒ දේවල් ලෝකයටම නැති උනත් අදාල කෙනෙක් ලග කියලා දාන්න තියෙනවනම්..... අපට කොච්චර සැහැල්ලුවක් දැනෙයි ද !!!!!

    ReplyDelete
  4. ඔව් මචං.....
    ඇස් දෙකේ විතරක් නෙවි...වචන වලත් ආදරේ පුරව ගෙන ඒ දේවල් මම කියන්න හිතන් හිටියත්.....?????????

    අනේ මන්දා....

    ReplyDelete
  5. ලස්සනට ගලපලා ලියපු පද පේලි ටිකක් .........

    ReplyDelete