Friday, May 21, 2010

මේ තමයි මගේ ....ආදරය


හසඟන ඔබයි..හද විලම සැරසූ
පිපුනු මල් පරදා....
සඳවත ඔබයි..තුන් සිත එලිය කෙරූ
සහස් තරු පරදා...
හද විල කලඹා - තුන් සිතම කිති කැවූ
අන්සතු වරංගනා................

ලාහිරු කැන් දිගේ
පිය මනින අගේ
බලන් ඉන්න හිතුනා.....
කෝමල වත පුරා
පොරකන පෙම් රටා
දැහැන මුදා හැරියා......

රූසිරි රූ රටා
දෑසට නතු වෙලා
සෙනෙහස් වාන් දොරටු ඇරුනා......
සමනල තටු විදා
පහසක දැවටිලා
ස්වර්ණ වර්ණ සිහිනය දුටුවා.......
සිතම ආදරෙන් පුරවනා
ඔබ මගේ නොවෙයි - දනිමි මා
නමුදු සෙනෙහසේ - ඉමක් කොනක් නැතුවා......
මගේ ආදරය සඟවන්නම්
දෙලොවක ඔබ තනි නොකරන්නම්
සමුගන්නා තුරු - පුලුවන් විදිහට
මලක් වගේ ඔබ සුරකින්නම්....


9 comments:

  1. පොරොන්දු ....වෙන්න .....
    පන වගේ සුරැකලා...
    බලගත්ත ..ඔය
    මල......
    වෙන බඹරෙකුට අයිතිවෙනකොට...
    ඔය හිත්ට දුකක් දෙන්නේ ..
    නෑ...කියලා.....

    ReplyDelete
  2. තම්න්ගේ කියලා තම්න්ට වෙන්කරලා එච්චර ආදරෙන් බලාගත්තු කෙනා....වෙන කෙනෙක්ගෙ වෙන්න යනවා...ඉවසන්න පුළුවන්ද ? බලාගෙන ඉන්න පූලුවන්ද ? බෑ...නවත්තන්නත් බෑ නේද ?
    යන්න දෙන්න.......ඔයාගෙ මහ මෙරක් ආදරේ නොතේරුම් කම්ට ඔය යන්නේ....ඇත්තමයි


    දිල්

    ReplyDelete
  3. ඔහොම තමයි ජීවිතේ හැටි අපි ආදරය කරපු අයව අපිට නොකියාම යන්න යනවා අපිට කොච්චර දුකක් හිත්වේදනාවක් දැනෙනවද කියලා ඒ අයට වැටහීමක් නැ..ත ඒ යතාර්ථයට මුහුණ දෙන්න

    ReplyDelete
  4. හිමි නොවන දෙයක් ගැන් හිතලා වැඩක් නෑ... එත් දුකයි තමා...

    ReplyDelete
  5. ඉලංදාරියා ට/-
    මට දුක හිතේවි...පැලෙන්න තරම්.
    ඒත් එයා සතුටින් නම්, ඒ ගැන හිතලා හිත හදා ගන්න උත්සාහ ගන්නවා. කවුරු කොහොම මං ගැන හිතයිද නම් දන්නේ නෑ.
    ඒත් අයිති කර ගන්න පුලුවන් දේවල්ම හොයලා ආදරය කරන්න නම් ... මට අමාරුයි..
    අයිති වුනු දේවලුත් මොන වෙලාවේ දාලා යනවද කවුද දන්නේ.

    ආදරය කියන්නේ - හිමිවීම් - විතරක්ම නෙවි නේද.

    ReplyDelete
  6. දිල් ට/-
    මොකද දිල් අද ‍Anonymous විදිහට ඇවිත් ඉන්නේ. මම හිතනවා මේ ඉන්නේ අපේ - මතක අහුලන - දිල්ම තමා කියලා.

    මට තාම හිතා ගන්න බෑ, ඇයි මම එයාට මේ තරම් ආදරේ කියලා. හිත හදා ගන්න මොන තරම් හැදුවත් ඒක හිතන තරම් ලේසි නෑ. මගේ හිත එයා ලඟට යනවා. දවසේ හැම වෙහෙසක්ම නිවෙන තැන එතැනයි. එයා දැන් දන්නවා , මේ සේරම දැනගෙනත් මම තාම එයාට ආදරේ බව...අපි එහෙම දෙයක් ගැන කතා නොකලත්. ඒත් එයාටත් වෙන කරන්න දෙයකුත් නැතුව ඇති..නොතේරෙන විදිහට ඉන්නේ ඒකයි..

    මම එයාට යන්න දෙනවා ..දිල්.
    ඒත්..එතකන් මට එයාව දකින්න..කතා කරන්න..දුක සැප බෙදා ගන්න..එයට ආදරය කරන්න ඕන.
    එයාට මාව ඕන තාක්, මම එයා ලඟ ඉන්නවා ..දිල්.

    ReplyDelete
  7. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ට/-
    ඔව්. ඔයා කියන දේ හරි.
    අපි මොන තරම් ආදරේද කියලා එයාලා දන්නේ නෑ.
    සමහර වෙලාවට කවදාවත්ම නොදැන ගන්නත් පුලුවන්.

    මට යථාර්තයට කවදා හරි මූණ දෙන්න වෙනවා.
    ඒකටත් මම ලෑස්තියි...එයා මගේ ඉරණම්කාරි නොවේ නම්.

    ReplyDelete
  8. හසී ට/-
    ආදරෙන් පිලිගන්නවා ..හසී, ඔයාව නිල් අහසට.

    ඇත්ත හිමි නොවන දෙයක් ගැන හිතලා වැඩක් නෑ තමයි.
    එයා වෙන කෙනෙක්ට අයිති වෙන්න ඉන්න බව මට කිව්වා උනත් මට එහෙම හිතෙන්නේ නෑ හසී.
    මට හිතෙන්නේ එයා මගේමයි කියලා.

    කිසිම ඉරිසියාවක් නැතුව, පණ වගේ මට ආදරේ දෙන්න පුලුවන් එහෙම මට දැනෙන හන්දයි.

    කාලයට ඉඩ දීලා බලමු නේද..හසී.

    ReplyDelete
  9. වැටෙන් එහා මල් පඳුරේ..
    ඔබ පිපි වැනෙයි අත නුදුරේ...

    මිලින වුණත් ගණ අඳුරේ...
    මල නෙලන්න නම්, තහනම් !
    මල නෙලන්න නම්, තහනම් !!

    මචං මට උඹව තේරුම්ගන්න පුළුවන්...
    මොකද විරහ වේදනාව මාත් අත්දකින නිසා...
    උඹේ ලස්සන පද පෙළ කියවද්දි මට මතක් වුණේ දයාන් විතාරණ මහත්මයගෙ ඔය සින්දුව.. චංචලා හැමදාමත් උඹේ මතකයන් වල සැරිසරාවි.. හරියට කහකිරිල්ලි මගේ මතකයෙ සැරිසරනවා වගෙ..
    ජිවිතේ මහ පුදුමයි...
    උඹට හිත හදාගන්න උපදෙසක් දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මචං මමත් ඉන්නෙ...
    ඒත් අපි ජීවිතේට මුහුණ දෙන්න ඕනෑ... ඒක තමයි ඇත්ත. එහෙම නේද?

    ReplyDelete