Tuesday, February 23, 2010

නාම යෝජනාව....බාර අරගෙන...හුරේ...


ඔන්න ඉතිං හිතුවටත් වඩා ඉක්මනින්ම තව blog එකක් ලියන්න උනා. කොහෙන් පටා......න් ගන්නද මන්දා. හිතා ගන්නත් බැරි තරම් ඉක්මනට, මගේ blog අඩවියත්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන. සතු‍ටේ බැරුවා. මාර ජොලි ..අනේ. වචනත් නෑ වගේ සතුටෙ තරම කියා ගන්න.

වැඩ අඩු දවස‍ට කරන්න දෙයක් නැතුව, කාලකන්නි විදියට ගත කරපු දවස් ගාන ... පැය වලින් ගත්තොත් කීයක්ද.? සමහර දවසට ඔළුව මේසෙ ගහගෙන නිදි. FB එකේ, skype එකේ චාටර් වෙවී ඉන්නවා කරන්න දෙයක් නැති උනාම. ඒත් මේ සේරම දේවල් වෙනස් උනා බ්ලොග්ස් ලියන්න ගත්තට පස්සේ.

අර මම කලිනුත් කිව්ව යාළුවා නිසා තමයි, මම blogs ලෝකයට අවතීර්ණය උනේ. මුලින්ම උගේ ඒවා කියෙව්වා. පස්සේ වෙන අයගෙ ඒවාත් හොයාගෙන ගිහින් කියෙව්වා. ඒ වෙනකොට මගේ හිතත් අසීමිතව බ්ලොග්ස් කලාවට ඇදී ගිහින් ඉවරයි. මාත් හිතුවා ලියන්න.......

අද .. මේ නව ඇරඹුමේ තවත් ජයග්‍රාහි ... එක් දිනක්...!!!!

මං දන්නවා මේ ගැන දැනගත්තම, මගේ මිත්‍රයා මොන තරම් සතුටු වේවිද කියලා. blogs ගැන මළ පොතේ අකුරක් නොදන්න මාව, අද ඉන්න තැනට ඔසවා තැබුවේ එයා. සින්ඩිකේටරයට මාව තල්ලු කරන්නත් එයාට තිබුනේ හරිම හදිස්සියක්. ඒ විතරක් නෙවෙයි..දිගටම ලියපන්.. කියලත් හැමදාම කියනවා.

ඉතිං මචෝ... සතුටුයි නේද..උඹට....? මටත් වඩා....ආ..

නොසිතපු ගමනක්.. මේ තරම් දුරකට මා රැගෙන ආ.. මාගේ මිතුරාණෙනි..ඔබටත්....
ආධුනික මා.. ඉතා ඉක්මනින් සිංහල බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කර ගත් සහෘද ඔබ සැමටත්...

මම මගේ මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙමි. ..නිබඳ මා සමඟ රැදෙන්නට ද ඇරයුම් කරමින්......ම...!!!!

-දැන් ඉතිං.. මට ඔබේ ලොවේත්..ඔබට මගේ ලෝකයේත්, රිසි සේ සැරිසැරිමට අවකාශ ඇත-

10 comments:

  1. අපිටත් සතුටුයි..
    ඔන්න එහෙනම් සිංහල බ්ලොග් අවකාශයේ අපි, ඔබව සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete
  2. ඔයා දිනුව නේද?.... මගෙනුත් උණුසුම් සුභපැතුම්... මෙන්න...
    බඩී

    ReplyDelete
  3. ජය !!
    දිගටම ලියන්න . . .!!

    ReplyDelete
  4. ස්තූතියි...හැමෝටම .. සතුට බෙදා ගන්න ගොඩ වැදුනට.

    ReplyDelete
  5. කොහොමද ඔයා මෙතනට එන්නෙ... අත්දැකිම් වලින්ද...? දැනුමෙන්ද.....? නිර්මාණ වලින්ද....? කමක් නැහැ කොහොම ආවත් සාදරයෙන් පිලිගන්නවා...

    ReplyDelete
  6. ඔය හැමදේම එක්ක. හැබැයි බොහොම ටිකයි දැනට දන්නේ.
    ඊට වඩා පොහොසත් යමක් කරන්නයි උත්සාහය.

    ස්තුතියි..රවා, මාව බලන්න, දිරි දෙන්න ආවට..

    ReplyDelete
  7. ඔහොම යන් ඉස්සරහට...

    ReplyDelete
  8. mekata dammada?

    http://blog.inetlanka.com/

    ReplyDelete
  9. Thank බිඟු..මේ ගැන දැනුවත් කලාට.
    මං, දැන්..ඒ පැත්තේ ගිහින් ආවා.

    ReplyDelete