
මට තාම සිංහල ටයිප් සෙටින් කරන්න හරි අමාරුයි. පේළියක් ගහන්න ලොකු වෙලාවක් යනවා. ඒත් මේ වැඩේ අතාරින්නත් බෑ. මොකද මම දැන් blogs කියවන්න වගේම ලියන්නත් ආස හින්දා. ලොකු කතා ලියන්න හිතේ තිබුනත්, තාම මගේ speed එකේ තරම හොඳටම දන්න නිසා මට හිතුනා...අද කවියක් වගේ දෙයක් ලියන්න.
මේක ගීතයක් ද .. නිසඳසක් ද .. කවියක් ද .. එහෙමත් නැත්නම් පැල් කවියක් ද කියලා ඔයාලම කියවලා බලන්නකෝ.
සුවඳ ඉතිරෙන තරමට
ආදරේ දැනුනාට
දෙනෙත කලඹන රුවකට
ආදරේ දුන්නාට
මදි නැතුව හිත පිරෙන්න ම
ආදරෙයි මං කිව්වාට
කාටවත් බැහැ තව හිතක්
හොඳින් හඳුනා ගන්නට............
ලියන හැම කවියෙම
ඔබම විතරක් උන්නට
සඳට..අහසට..සයුරට
ඔබව උපමා කෙරුවට
කෝටියක් දේ ගෙනත් දී
ඔබව සතුටින් තැබුවට
කොහොමටත් බැහැ වෙන හිතක්
මට මගේ කර ගන්නට.........
මැවෙන හැම සිහිනෙම
දකින සිනහව වූවට
තනිය..පාලුව දැණුනම
දුවන් එන්නට හිතුනට
ලඟ ඉන්න හැම මොහොතෙම
තුරුළු කර සිප ගත්තට
වෙනස් නොවනා එක හිතක්
කාටවත් බැහැ සොයන්නට........
හිරුද.. සඳ.. තරු දිලී
නිල් අහස තුල හිඳී
බඹරු වන පස අරා
රස රහස් ගුමු දිදී
බිඳුණු හදවත දිගේ
අළුත් හැඟුමක් ආ වෙලේ
නොවේ එය.. කුළුදුල් පෙමක්
කියන්නට හැකි දෝ කාටවත්..........
ලස්සනයි... ගොඩක්... ලස්සනයි... ඒක ඇත්ත කාටවත් බැහැ තව හිතක් හොඳින් හඳුනා ගන්නට
ReplyDeleteලස්සන කවි තවත් ලියන්න... අපිට ආසයි ඒව කියවන්න..
බඩී
Thanks බඩී දිරියක්...වුනාට
ReplyDeleteමම මේ දවස් වල සෝකෙන් ඉන්නේ මගේ ජුලියට් නැතුව.. මඤඤං මට ඉතිං..
ReplyDeleteමට ඒක නිසාමද මන්දා, සමහර තැන් තේරුනේ නෑ නොවැ.
ඒ කිව්වේ අනිත් කෙනාගේ හිත අයිති කරගන්න බෑ කියලාද? නැත්නම් වෙන මක්කාවත්ද?
කෝටියක් දේ ගෙනත් දී
ReplyDeleteඔබව සතුටින් තැබුවට
කොහොමටත් බැහැ වෙන හිතක්
මට මගේ කර ගන්නට.........
ආදරය කියන්නෙ එක වෙලාවකට ටිකක් ආත්මාර්ථකාමී හැඟීමක්..
පිස්සා - මට ඔයාගේ දුක හොඳට දැනෙනවා යාළු වේ. හිත
ReplyDeleteවගේම ආදරයත් තේරුම් ගන්න ලේසි නෑ.
අපට වෙන හිතක් අයිති කර ගන්න පුලුවන්
කියලා..අපි හිතුවට, ඒක කවදාවත්, හැමදාටම
කාටවත් කරන්න බැරි දෙයක්.
ආගන්තුකයාට - මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්.
ReplyDeleteඒ හන්දද මන්දා මම ඔය කාරනයෙදි නම්
ගොඩක් ආත්මාර්ථකාමියි. ඒත් එහෙම නොවි
ඉන්න පුළුවන් නම් කොච්චර හොඳ ද..?
මිහිරියි....
ReplyDeleteස්තුතියි..යාලුවා..ඇගයුමට.
ReplyDelete