Thursday, February 18, 2010

කොතැන නවතී ද..


සුව පහසුව අසුනට බර දී උන්නත් හිතට නම් සැනසිල්ලක් ඇත්තෙම නෑ.

දුම්රිය වෙනදාට වඩා සෙමෙන් ගමන් කරතියි මට සිතේ. සිතට නැගෙන්නේ දැඩි කුතුහලයකි. එහෙත් එය ආනන්දණීය හැඟීමකි.

අදවත් ඔබ එයි ද..?

මෙසේ සිතා මග බලා‍ගෙන සිටි දවස් කීයක් නම්, හිතට දුක දී ගෙවී ගියාද? මේ නාදුනන රුවක් වෙනුවෙන් මං මොකට මේ හැටි නැහෙනවාද? තාම දැකලා දවස් කීයද? වැඩිම උනොත් දවස් 5,6ක් ඇති. දකින්නෙත් හැමදාම කරුවලේනේ. කොච්චර try කලත්මේ රූපේ මතකෙ තියා ගන්න බැහැ....... අමතක වෙනවනේ. ඒකෙත් අරුමයක් නෑ. මොකද අද දැක්කොත් ආයෙම දකින්නෙ සතියකට විතර පස්සේනේ. ඒ දැකලත් හිතේ හැටියට බලා ගන්න කෝ chance එකක්.

එයා දැක්කොත් කියලා, හැංගි හැංගි නේ මම බලන්නේ. මම බලනකොට එයා අහක බලනවා. මාත් මොකටද සවුත්තු වෙන්නෙ..එයා බලනකොට මමත් නොදැක්ක ගානට ඉන්නවා. මේ සෙල්ලම ඉතිං කාටවත් නොපෙනෙන්නත් එපැයි කරන්න. අඳුනන කෙනෙක් දැක්කොත් ... බඩුම තමයි.

මම try කියන එක, අදාල කෙනාට වත් නොදැනෙන්න කරන්නයි මට ඕන. වැදගත් විදිහට, second නොවි කරගත්තොත් මම ගොඩ. ඔන්න ඔය විදියේ මල කොලං ගොඩක් කරන හන්දා, හරියට මූණු පොඩ්ඩ මතකෙට වදින්නෙම නෑ.

අම්මෝ...දන්නෙම නැතුව එයා නඟින තැනටම ඇවිත්... මල් හතා...යි

මම ඉතිං හැමදාම, දඩි බිඩි ගාල නැගලා දොර පැත්තෙ තියෙන සීට් එකක්ම අල්ල ගන්නවා. එතකොට එයා නගින්නේ මොන පෙට්ටියටද කියලා ම‍ට බලා ගන්න පුළුවන්නේ. එහෙම උනාම මම ඉන්න තැනත් හොඳට එයාට පේනව. අහම්බෙන් උනත්, හැමදාම උනේ, එයා මං නැගපු එකටම නගින එක තමයි. ඒ ඇවිත් මට පේන හරියෙ සීට් එකක් අල්ල ගන්නවා. මං වාඩි උනාට එයා හිටගෙන. දුකේ බෑ එතකොට නම්. මට හිතෙනවා එයාට සීට් එක දීලා හිටගන්නත්. මොන පිස්සුවක්ද ඒක. මෙයා වාඩි නොවුනොත් නෝන්ඩි හතයි. වෙන එකෙක් දනි පනි ගාලා එතන වාඩි වේවි. මම හෙන ගේමක් දිලා අල්ල ගත්ත සිට් එක පුදපන්කෝ නිකමෙකුට. වෙලාවකට හිතෙනවා එහෙම හරි වෙනවා නම් හොඳයි කියලා. අඩුම ගානෙ එතකොට මට එයා ලඟින්වත් ඉන්න බැරියෑ. . හොරාට හොරාට මූණු ඩිංග දිහා බලාගෙන.

මේ ඩිංගට හිත ගිය දුරක්. කෝචිචිය අද්දනවා හිනෙන් වගේ මට ඇහුණා. සේරම අය නැගලා ඉවරයි.

ඒත් කෝ එයා....????

විනාඩි 5ක් විතර සෙනඟ පීර පීර මගේ ඇස් එයාව හොයනවා. hair style එකවත් වෙනස් කරලද.? නැත්නම් මේකෙ, කට කපලා සෙනඟ හන්දා එහා පෙට්ටියටවත් නැග්ගද.? පේන නොපෙනෙන තරම් කුඩා ශරීරයකුත් නොවෙන නිසා මේකෙ ඉන්නවා නම් ... බැලුව බැලිල්ලට මට පේන්නත් ඕන. දැන් නම් හතිත් වගේ හොයලා හොයලම. ඕන දෙයක් වෙද්දෙන් නැගිටලා ගිහින් බැලුවා අනිත් පෙට්ටි සේරොගෙම.

අනේ ඉතිං නෑනේ... දුකයි කියන්නේ කියලා වැඩක් නෑ. උදේට නැගිටින්නේ හවස් වෙන්නෙ මොන වෙලාවෙද හිතාගෙන. අද හවසත් ඉවරයි. රෑට නිදා ගෙනත් ඉවරයි. රටේම තියෙන සිංදු අහනවා දුක හේදිලා යනකම්ම...phone එක කනේ ගහගෙන. ඊලඟට අන්තර්ජාලය පීරනවා, මට මේ හැදිලා තියෙන love sick එකට හරියන සිංදු හොය හොය. අදත් ඉතිං ගෙදර ගිහින් ඇඳට වෙලා කරන්න තියෙන්නෙ ඕකම තමයි. හැබැයි වැරදිලාවත් ම‍ට හිනෙන් පේන්නෙ නෑ .. මේ වස්තුව. ඕං .. ඉතිං හිතා ගන්න පුළුවන් නේ, මාත් පිං කරපු තරම.

අන්තිමේදි .. කෝච්චියෙ එහා කෙළවරේ ඉඳලා, මෙලෝ හසරක් නැති එකෙක් වගේ, වැනි වැනි මම හිටිය පෙට්ටියට ආවා.

හ්ම්ම්ම්....පුදන කොටම කාපි යකා කිව්වලු. මටත් වඩා සිහිය නැති උන එකෙක් හතර ගාත දාල ‍මගේ සීට් එකේ දොයි. දැන් ඉතිං පල කෝ හැතැප්ම 8,10ක් හිටගෙනම. චික් අප්පා.. මේ විදියට චාටර් උන කීවෙනි දවසද අද...? ( මතකත් නෑ..)

මේ නැහෙන නැහිල්ල දෙවියන්ටවත් පෙනිලා...අර මායාව හෙටවත් මගේ දෙනෙතේ පැටලේවා...!!!!
හැමදාම පතන පැතුම පැතුවා.... දාඩිය පෙරාගෙනම.

මාත් අතාරින්නේ නෑ...බලන්නකෝ .... ඔය තරුව .. මම මේ නිල් අහසෙ දි ..කොහොම හරි අල්ල ගන්නවාමයි.

( ඒ වෙනකන් මාත් එක්ක ඉන්න හො‍‍දේ....)

10 comments:

  1. හික් හික්.. ඒක මරු..
    ඔය ලියන්නේ හොදට... ඔහොම යංකෝ...

    ReplyDelete
  2. ස්තූතියි..සහෝ...හැමදාම, මේ අඩවියට ගොඩ වදිනවට.

    ReplyDelete
  3. darling kawada indan da me wage katu kana katha liyanna purudu une.....kathawa nam ela..habai experience eka kageda kiyala thamai hoyanna one..dan ithin langai indan gedara yanneth bus eke ne...kochchiya kiyala bus ekatada refer kare....anyway...good job darling.....full romantic....

    ReplyDelete
  4. ම්ම්හ්..කවුද මේ...??? Anyway..thank..

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි... කියවද්දි ඒ අත්දැකීම මැවිලා පේනවා... මටත් හිතෙනවා.... ඒ නිල් අහසෙ තරුව වෙන්න තිබුනනම් කියලා....

    ReplyDelete
  6. තරු කොතරම් අහසේ පෑයුවත්..හැම තරුවම එක වගේ නෑ..යාළුවේ.

    ReplyDelete
  7. දැන් ඉතින් මේකට කමෙන්ට් කරන්න පරක්කු වැඩියිනෙ... :(

    ReplyDelete
  8. සුදු මහත්තයා ට /-

    ඔවි නේද...
    ඒත් මගේ ආදරය තාම එහෙමමයි.

    ඒ හන්දා පරක්කුයි කියලා හිතන්න එපා....

    ReplyDelete