Thursday, February 11, 2010

කෝඩුකාරයාගේ .. උපහාරය ..



මේක මගේ කුලුදුල් blog එක.

මටත් ආස හිතුනා blogs ලියන්න. ගොඩක් අය ලියන blogs මම හරිම ආසාවෙන් කියවනවා. ඇත්තටම මේකට මාව පුරුදු කලේ පිටරටක ඉන්න මගේ යාලුවෙක්. එයාට නම් රහට ලියන්න පුලුවන්. එහේදි එයා ලබන..විදින අත්දැකීම්; ඒවගේම දරා ගන්න බැරි පාලුව .. තනිකම, ලස්සනට අකුරු වලට පෙරලනවා. සමහර ඒවා මටත් Magic වගේ. ඒ ඉතින් මම කවදාවත් ම පිට රටකට ගිහිල්ලා නැති හන්දා වෙන්නත් ඇති. කොහොම හරි මම දැන් ගොඩක් අයගෙ blogs කියවන්න ඇබ්බැහි වෙලා.

මරු වැඩේ කියන්නෙ..හැමදාම දවසකට පැය ගානක් Internet එකේ ඉන්න මම, අර මගේ යාලුවා කියනකම් blogs ගැන නොදැන සිටීම( ඒ දවස් වල ) . ඉතින් ඌ blog එකක් Post කරාම, මට Mail එකක් එවනවා

" blog එකක් දැම්මා..බලපන්, මෙන්න Link එක '' කියලා.

එහෙම තමයි ඌ මගේ blog රසවින්දනය දියුණු කලේ. මම ඉතිං ඒවා බලලා සිංග්ලිශ් වලින් Comments දානවා. ඒ විතරක් නෙවෙයි, සිංහල Type Setting ඉගෙන ගන්නත් මාව උනන්දු කලේ එයා. Sinhala unicode එක ඩවුන්ලෝඩ් කරලා Install කරන එක දක්වාම, හැමදේම ඌ තමයි කියලා දුන්නේ. අද මම බැරි මරගාතෙ මෙහෙම හරි ලියන්නේ, උගේ උනන්දු කිරීම නිසා. ''ඌ'' කියලා කිව්වට, මගේ යාලුවා, මට වඩා අවු.2ක 3ක් බාලයි. ඉස්සර අපේ ගෙවල් ලග තමයි එයාලත් හිටියෙ. පස්සේ එයාල අලුත් ගෙයක් හදාගෙන ටිකක් දුර පලාතකට ගියා. මමත් A/Ls වලින් පස්සේ කොළඔ Job එකකට ගියා.

එදා ඉදලා ගිය අවුරුද්දේ මුල වෙනකම් අපි හමුවෙලා තිබුනෙම නෑ. ඒ හමු උනෙත් ‍Facebook එකට පිං සිද්ධ වෙන්න. ඒත් ඒ වෙනකොට, ඌ හිටියේ ලංකාවෙන් හුගක් දුර තියෙන රටක. ඊට පස්සේ අපි දෙන්නා පහුගිය කාලේ සිද්ධ උන දේවල් Skype එකෙන් chat කරලා දැන ගත්තා. Mails දැම්මා. blogs කියෙව්වා.

ඇත්තම කියනවා නම්, මගේ යාලුවා සිරා පොරක්. මිනිහා දැන් රජයේ වගකිව යුතු රැකියාවක් කරන කෙනෙක්. රට ගිහින් ඉන්නෙ වැඩිදුර ඉගෙන ගන්න. හරියටම කිව්වොත් දුක දිනා ජීවිතය ජය ගත්ත කෙනෙක්. ඕන දේකට ඔට්ටුයි. මිනිහට කරන්න බැරි දෙයකුත් නෑ......හිතුවොත්. හරිම හිත හොද එකා. ඒ වගේම අමුම අමු පිස්සා.

මගේ කුලුදුල් blog එක.. මගේ යාලුවා ගැන ලියන්න වෙන් කලේ ......... එයාට කරන උපහාරයක් විදියට. එයා නැත්නම් මම කවදාවත්ම Blog writer කෙනෙක් නොවෙන්නත් තිබුනා.

ඉතිං යාලුවනේ...‍මේකෙ අනන්තවත් අඩු පාඩු ඇති. '' දිරිදෙන්න ඕන එකෙක් '' කියලා හිතෙනවා නම්...කවර ආකාරයේ හෝ වේවා, Comment එකක් දෙන්න අමතක කරන්න එපා.

14 comments:

  1. ෂා... නියමයි... ඔයාගෙ උත්සාහය ගොඩක් සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ, මේක කියවද්දි මට හිතෙන්නෙ මේ වගේ blog වලින් තවත් හොඳ නිර්මාණ කරන්න ඔයාට ‍හැකියාවක් තිබෙනව කියලයි... ඉතිං මං සුභ පතනවා ලස්සන blogs තව තවත් ලියන්න හැකියාව ලැබෙන්න.. හොඳ රස වින්දනයක් අපටත් ලබා දෙන්න හැකියාව ලබාදෙන්න කියල...

    - බඩී -

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එකට අදයි ආවේ...
    ඔයා දිගටම ලියන්නකෝ..
    ලස්සනයි ලියන විදියත්.
    ඔන්න මගේ සුබ පැතුම්!!!

    ReplyDelete
  3. මම ඔයාගේ blogs කියවලා තියෙනවා.
    හරී ම ලස්සනයි ඒවා.
    කුලුදුලේම මගේ අඩවියට..ප්‍රවීණයෙක් ගොඩ වැදිලා.මට හරිම සතුටුයි.
    ඉතිං ඔයාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  4. අපොයි,,, මම ප්‍රවීනයෙක් කියන්න එපා.. මම තාම අවුරුද්දක් වත් නෑ, මේ කෙරුවාව පටන් අරගෙන.. තාම බ්ලොග් පෝස්ට් 25යි කරලා තියෙන්නේ..
    කොහොම උනත්, මම දිගටම එන්න බලන්නම්කෝ,
    මේක සිංහල බ්ලොග් සින්ඩිකේටරේටත් දාන්නකෝ.. එතකොට ගොඩාක් අය බලාවිනේ..
    මම මේකට ගොඩ වැදුනේ, ඔයා මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එක දිගේ...

    ReplyDelete
  5. හැම දේම සාපේක්ෂයි නේ. ඒ හන්දා මට ඔයා ප්‍රවිණයෙක්.
    මගේ අඩවිය පිස්සන්ට නිරතුරු විවෘතයි.මාත් එහෙම නිසා.....

    ReplyDelete
  6. අපේ සිංහලෙන් බ්ලොග් ලියන කට්ටිය එකතු වෙලා හදාගෙන තියෙනවා, පොඩි යූනියන් එකක්.දැන් 600ක් විතර ඉන්නවා.
    ඔයාත් කැමති නම් එකතු වෙන්න..
    http://blogs.sinhalabloggers.com/
    ඔන්න ඔය සයිට් එකට ගිහින් ඔයාගේ බ්ලොග් එකත් එකතු කරන්න කියන්න... චුට්ටක් කල් යයි.

    ReplyDelete
  7. මේ මග පෙන්වීමට...බොහොම පිං ඔයාට..
    I will do it now.

    ReplyDelete
  8. සිංහල බ්ලොග් අවකාශයට ආදරෙන් පිළිගන්නවා. පටන් ගත්තා වගේ නෙවි දිගටම ලියන්න. ජයවේවා කිවුවා එහෙනම් !

    ReplyDelete
  9. සිතට ලොකු ශක්තියක් වගේම, මහ මෙරක් තරම් සතුටුයි.
    ස්තූතියි ඔයාටත් ගොඩක්.

    ReplyDelete
  10. ‍සිරා සිරා අළුත් චරිතයක්.. කොහේ තිබ්බත් කොහේ තියලා පෙන්නුවත් තමන් ලියන දේ විශ්වාසයෙන් ලියන්න.. සුබපැතුම්..

    ReplyDelete
  11. ලියන්න දිරි දෙන්න, නිල් අහසට පෑයූ..ආගන්තුකයාණෙනි..ඔබ මට ශක්තියක්...

    ReplyDelete
  12. ඔන්න මටත් මේ බ්ලොග් එකට පාර කිව්වේ ඔයාගේ කමෙන්ට් එකක්. ඔයාට ජය
    දිගටම ලියන්න . . .
    ඔයාට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා දැනට දාපු පෝස්ට් දෙක තුන දැක්කාම හිතෙනවා

    ReplyDelete
  13. බොහෝම ස්තූතියි ... සහෝදරයා..
    මට දැනෙන සතුට මොන තරම් ද කියලා දැනේවි..ඔයාලත් මුලින්ම තමන්ගේ blog එක හදපු දවස් මතක් වෙනකොට.
    මට මේ comments කෝටියක් වටිනවා.

    ReplyDelete
  14. අපෙනුත් සුභපැතුම්!!!!

    ReplyDelete