
මම කල්පනා කලා, ඉස් ඉස්සෙල්ලම... මගේ හිතේ ආදරයක් කියලා....” හැගිමක් ” ඇති උන දවස...ගැන.
ගැහැනු පිරිමි විශේෂයක් නැතුවනේ... අපේ, ලමා අවධිය ගෙවිලා යන්නේ. සෙල්ලං කලෙත්... රංඩු කලෙත් කිසිම විශේෂත්වයක් නැතුව. සමහර කෙල්ලෝ හරි හරියට කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහන්න ආවා වගේම..අපිත් එයාලා උයන සෙල්ලම් බත් වලට, හට්ටි..මුට්ටි..දරකෑලි ..කෙසෙල් කොල එහෙම ගෙනත් දීලා උදව් පදව් කලා. දග වැඩ කරලා එකට හිනා වුනා වගේම..එක පොදියට බිම පෙරලගෙන ගහලා... අඩලත් තියෙනවනේ. ඇත්තටම.. අපට ඒ කාලේ ගැහැනු ලමයි කියන්නෙත් “තවත් එක්කෙනෙක් ” විතරක්ම වුනා. මම මේ කිව්වේ අපේ බාල කාලේ ගැන.
ඉතිං..යාන්තමට තරුණ වයසට එනකොට….. අපියි එයාලයි අතර පොඩි පොඩි වෙනස් කම් පෙනෙන්න පටන් ගත්තා. මට ඉන්නේ මල්ලිලාම දෙන්නෙක් හින්දා....ඒ වෙනස තේරුම් ගන්න කල් ගියා වැඩිද මන්දා. අපි ටික ටික ලොකු වෙනකොට... අපේ සෙල්ලම් කරන ගැන්සියේ ඉන්න කෙල්ලෝ එකා දෙන්න අඩු වෙන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට… බෙහෙතකට වත්, අපිත් එක්ක අච්චර fit එකේ හිටපු එක කෙල්ලෙක් වත් හොයා ගන්න බැරිව ගියා. කොල්ලෝ වෙච්ච අපිට මේක මාර ප්‍රශ්නයක්. පස්සේ.... අක්කලා නංගිලා ඉන්න ඇයෝ තමයි කෙල්ලන් “අන්තර්ධාන විමට හේතුව” හොයන් ඇවිත් කිව්වේ. උන්ටත්, අම්මලා මුලදි කියලා තියෙන්නේ පට්ට බොරු. ඒත්, අපේ ඈයොන්ගෙන් පුලුවන්ද හැමදාම ඔය වගේ දේවල් හංගන්න.
එච්චරටම යාලුවෝ වෙලා හිටිය සමහර කෙල්ලෝ…. පස්සේ දි මුණට මූණ හමු උනාමත්, යාන්තමට ඔලුව උස්සලා, වචනයක් දෙකක් විතරක් කතා කරලා .. ලැජ්ජාවෙන් හිනා වෙලා යන්න යනවා. ඇත්තමයි .. මට නම් මේ වගේ දේවල් හින්දා.. කෙල්ලෝ එක්ක තද වුන වෙලාවලුත් තිබුනා..ඇයි වදේ මොකද ..මුන්ට මේ වුනේ කියලා...හික්..හික්.
………ඔන්න මම ට්‍රැක් පැන්නා වගේ..........
ඉතිං.....සෙල්ලං කරන්න කෙල්ලොත් නැතුව, කොල්ලෝ සෙට් එක විතරක් ඉන්න කාලේ...අපේ ගෙදරට ආවා....අපේ අම්මට දුරින් නෑ වෙන කට්ටියක්. කට්ටියක් කිව්වට අම්මයි ...දුවයි. ඔහොම කවුරු හරි කෙනෙක් ගෙදරට ආවොත්, අපේ අම්මගේ සිරිත තමයි..ඒ අයගේ ඉස්සරහට අපිවත් ගෙනිහිල්ලා අදුන්නලා දෙන එක. නොතේරුනු කාලේ ඉස්සරහට දුවන් ගියාට...යාන්තමට තරුණ වේගෙන එනකොට...මට නම් පෙන්නන්නම බැරි වැඩේ..ඒක.
එදත් ඒ වැඩේ පුරුදු විදිහටම උනා. අම්මා කතා කලා. මම කලේ මල්ලිලා දෙන්නව පිටත් කරලා, ජනෙල් රෙද්ද මෑත් කරලා…. හොරාට ගේ සාලෙට ඇහැ දාපු එක. මේ වෙනකොට මම හතේ පන්තියේ විතර ඇති.
(ඒ ආවේ අපට දුරින් නැන්දා වෙන කෙනෙකුයි එයාගේ දුවයි. එයාලා අතර කෙරෙන කතා බහ මට පැහැදිලිව ඇහුනේ නෑ.... ඒ මම වෙන සිහියක හිටිය හන්දා වෙන්නැති)
අනේ මන්දා, ඒ ගෑණු ලමයා දැක්කම …මට ඒ වෙලාවේ ආවේ…. මොන වගේ හැගීමක්ද කියලා.
ඉස්සෙල්ලම මට හිතුනේ එයා දිහා තව ටිකක් බලන් ඉන්නයි. මම හොරාට.. හොරාට හුග වෙලාවක් බලන් හිටියා...එයා දිහා.... මට ඇති වෙන්නෙම නෑ.
ඒත්.. මම බය උනා, මේක .....එයා හරි .. අපේ අම්මා හරි දැක්කොත් කියලා. එයා පැත්තට වාඩි වෙලා හිටියත්..අමුතු ලස්සනක් මම ඒ මුහුනේ දැක්කා. “හරිම ලස්සන ඇස් දෙකක්...”
මෙච්චර කෙල්ලන් එක්ක දග දාපු මට … මේ කෙල්ල දැක්කම “මොකද මේ උනේ කියලා” මම තනියම කල්පනා කලා.
අම්මා සාලේ ඉදන් කෑ ගහනවා .... මට “එන්න” කියලා. ඉස්සරහට ගිහින් ඒ මූණ හොදට බලා ගන්න ආස වුනත්...කවදාවත් හිතට නාපු ලැජ්ජාවකින් හිතම පිරිලා තිබුනා.
මම බැලුවා... මගේ වෙනදා තිබුන ගට්ස් වලට මොකද උනේ කියලත්.
මම ආයිත් හොරෙන් එයා දිහා බලන්න හැදුවා විතරයි ....එයා මාව දැක්කා. ඒ විතරක් නෙවි ..මම හීනෙකින් වත් නොසිතුව විදිහට..එයා නැගිටලා හිනා වේගෙන.. මම ඉන්න කාමරේ දිහාට ආවා. මට කරන්න ඕන මොනවද කියලා හිතන්න වත් බැරි වෙන වේගෙන්.... එයා කාමරේට ආවා. මම ටවල් රැක් එකත් පෙරලගෙන අල්මාරිය අස්සේ හැංගෙන්න හැදුවත් ..එතකොට එයා මාව දැකලා ඉවරයි.
හිතන්න...කෙල්ලක් දිහා… හොරෙන් බලන් ඉදලා..ඒ කෙල්ලගේ අතටම අහු වුනායින් පස්සේ...කොල්ලෙක් පත්වෙන තත්වේ. ඒ ගැන ඒ හන්දා ලියන්නෙම නෑ.
--------------------------------------------------------------------------------------------------
මම හිතන්නේ ඒක තමයි මම කෙල්ලේක් දිහා ...මට දැනෙන තරමින්... ආදරෙන් බලපු පලවෙනි බැල්ම වගේම...ආදරයක් ඇතිවුන පලමු දවස.
එත්................................................... ඒක ආදරයක් බවට නම් පත් වුනේ නෑ.
එකක් එතකොට මම වයස දාහතරක පමණ “ පොඩි පහේ කොලු ගැටයෙකු” වීම.
අනික තමයි වඩා වැදගත් දෙය.
ඇය මට වඩා වසර 3කින් පමන වැඩිමල් වීම.
කෙසේ උවත් ටික කලක් යනතුරු අප සහෝදර සහෝදරියන් ලෙස ලියුම් ගනු දෙනු පවා සිදු කර ගත්තා.
.....මට තාම මතකයි ඇගේ නම….-දීප්ති-.....
මගේ දිවියේ පුථම වතාවට, මා සිත ආදර හැගුමකින් සසල කලේ…. ඇගේ සිනහවේ හා දෙනයනේ රැදී දිප්තියම වන්නටද පුලුවන. මෙය නියම ආදරණීය හැගීමම දැයි තවම මා නෙදන්නා අතර...ආදරය කියා යම් දෙයක් ... මමද යන්තමින් හෝ ජිවිතයේ පලමු වරට…. අත්වින්දේ ඇය නිසා බව කියමි.
කොහොමින් කොහොම හරි මටත් ඉතිං .....නොදැන හරි ඉස්සෙල්ලම ආදරයක් හිතිලා තියෙන්නේ -අක්කා කෙනෙක්ට - නේද...
ප.ලි.
මම දන්නවා .. මීට වඩා ආදරණීය වූ …පුථම ආදර හැගීම් ..ඔයාලටත් ඇති.
කවුරු කවුරුත් කෙටියෙන් හරි ඒ ගැන සටහනක් තබලා ගියොත්...මරු නේද...අතීතය රස විදින්නත් එක්කලා.
(පෝසට් එක හිතුවට වඩා දිග උනා...සමා වෙන්ඩ ඕනා....)


