Wednesday, June 22, 2011

ඇතුවත් බැරි..නැතුවත් බැරි...... නම.......!!!


අපි උපදින කොටම, අපට අපේම කියලා අම්මා කෛනෙක්, තාත්තා කෙනෙක් දායාද වෙලා තියෙනවානේ. ඊලගට අපට ලැබෙන නොහොත්, දායාද කර දෙන අනිත් දේ තමයි නම. කොයි තරම් ඇති නැති විෂමතාවයන් සහිත ලොවක අපි ඉපදුනත්, තමන්ටම කියලා නමක් නැති කෙනෙක් නම් ඇත්තේම නැහැ.

නිකම් හිතන්න....අපි කිසිවෙකුටත් අනන්‍යය වූ නමක් නොතිබුනා නම්..කොහොම වෙයිද කියලා.

එ‍කිනෙකා හදුනා ගන්නටත්..තව කෙනෙකුට හදුන්වා දෙන්නටත් ..මතකයේ තබා ගන්නටත්... මොන, මොන විදියේ දේවල් කරන්න වෙයිද කියලා....එහෙම උනා නම්.

නිවාඩු පාඩු වෙලාවක ඒ ගැනත් හිතන්න.......

ඒත්..දැන් මට කියන්න ඕන..අපට දීලා තියෙන නම හින්දා අපට අත්වෙලා තියෙන වාසි ගැන නම් නෙවෙයි.

මට කියන්න ඕන අවාසි ගැනයි.

මට හිතෙන්නේ, ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි..ඒ ගැන කතා කරන්න බැරි...ලියන්න බැරි...හිතන්න බැරි, හදුනා ගැනීමට කියලා, අපිව රාමුවක් තුල කොටු කරපු... අපට දිලා තියෙන නම නිසයි.... කියලා.

අපි උපදින කොටම අපි ජිවත් විය යුතු ආර්ථික..සමාජයීය ...සංස්කෘතිකමය හා ආගමික වටපිටාව, පැවතිය යුතු වපසරිය, නොහොත් රාමුව නිරිමාණය වි හමාරයි. අපි අපේ හැගීම් හා මතවාදයන් ඒ සීමාවෙන් මෙපිට තබා කටයුතු නොකරන්නේ නම්..අනන්ත වු පරිභවයන්ට ලක්වීම, නොවැලැක් විය හැක්කක් වනු ඇත. ඒ සීමාවන් තුල, සත්‍යයක් නෙවුවද...සමානාත්මතාව නොවුවද...ආදරයක් නෙවුවද...දියූණුවක් නොවූවද..ඒ ගැන නොවිමසා අදාල රාමුව තුල, මියෙන තුරාම අප ජිවත් විය යුතුය.

එසේ නොවි... යම් කෙනෙක්, ඉන් ඔබ්බට ගිය මතයක් ගොඩ නැගුව හොත්....පොල් ගෙඩි අකුරෙන් ඒ පුද්ගලයාගේ "නම" ලියා / කියා පට්ට ගසනු ඇත. ඔහුට තියා ඔහුගේ පවුලේ කෙනෙකුට වත්, පාරට බසින්නට බැරි වන්නට, ඒ පුද්ගලයාගේ නමට අපහාස කරනු ඇත.

’’ අසවලාගේ අම්මා..තාත්තා..අයියා..නංගි..නැන්දා..ආච්චි කියලා

ඒ හන්දා තමයි..මිනිස්සු ඇත්ත කියන්න ඕන වෙලාවට...නිර්නාමික...විදිහට පෙනි ඉන්නේ. දන්නවනේ "නම "කිව්වොත්.....සමහර වෙලාවට පරම්පරා ගානකටම සෙට් වෙන්න, වැඩක් ලැබෙන්නත් පුලුවන් බව.

කවුද ඉතිං තමන්ගේ ආත්ම ගරුත්වයටයි..පණටයි ආදරේ නැත්තේ..නෙ.

සමහරු-නිර්නාමික-වෙලා මෙලෝ රහක් නැති දහ ජරා වැඩත් කරනවා. ඒත්, මම.. අද කතා කරන්නේ ඒ පැත්ත ගැන නම් නෙවෙයි.

අනික අපේ බ්ලෝග් කලාවේ පවා Anonymous තීරුවක් දීලා තියෙන්නේ, ඇත්ත කතා කරන්නත්...නව මතවාදයන්ට ඉඩ දෙන්නටත්...තමන්ට හිතෙන දැනෙන දේ එලෙසින්ම ප්‍රකාශ කරන්නටත් කියලයි...මට නම් හිතෙන්නේ.

එහෙම නොවුනා නම් .. බොහෝ දුරට බ්ලෝග් රයිටර්ගේ අදහසට, පක්ෂපාතී කමෙන්ට්ස් විතරක් ම වැටෙන්නත් තිබුනා. මොකද.. තමන්ගේ යාලුවෙක්ගේ බ්ලෝග් එකේ අඩු පාඩුවක් හෝ වැරද්දක් හො පෙන්වූ විට ඔහුගේ/ඇයගේ හිත රිදේවි යැයි, සිතන්න පුලුවන් නිසා.

අන්න එහෙම වෙලාවට.... මේ Anonymous තීරුව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නත් පුලුවන්.

ඒවගේම Anonymous වෙලා, තව කෙනෙක්ගේ ආත්ම ගරුත්වය .. මානසික ඒකග්‍රතාවය .. නැති කරලා..බ්ලෝග් කලාව ගැන කලකිරවලා..එයින් ඉවත් කිරීමට, උත්සාහ නොගෙන ඉන්නවානම් තමයි - හොද - කියලත් කියන්න ඕන.

ඉතිං..එකී, මෙකී හා තව නොකී..කරුනූ කාරනා හින්දා....මටත් වෙලාවකට මේ නම නම් මහ ම මහ වදයක්.

(මොන හොදක් කලත්...(නෑ..නෑ..හොදක් කලාට නම් අපේ නම් කියවෙන්නේ නැ) නරකක් කලත් ... නමටලු නේ ඒවා බලපානවා කියන්නේ...නේද. මැරුනට පස්සේ වත් සමහර මිනිස්සුන්ගේ "නම්" වලට නිදහසක් නෑ නේ)

මගේ හිතේ තියෙන දේ, ඒ විදිහටම කියන්න..මට දැනෙන... හරියි කියලා හිතන විදිහට ජිවත් වෙන්න ..සතුටු වෙන්න ..ආදරය කරන්න, බැරි වෙලා තියෙනවා..මෙන්න මේ අදුන ගන්න දිපු නම හින්දා.

ඒ හන්දා තමයි..මට උප්පැන්නට දීපු නම අර රාමුව තියෙන, ලෝකයට විතරක් දීලා...මට හිතෙන, දැනෙන හැම දෙයක්ම, බොහෝම නිදහසේ..සැහැල්ලුවෙන්..හංගන්නේ නැතුව කියලා දාන්න....මගේ බිලොග් එක ඇතුලට රිංගන්නේ.

මීටත් අමතරව, මම අකමැති , තව දේවල් තියෙනවා..බලෙන් අපේ ඇගේ ගහපු ඒවා....

ඒවා පස්සේ දවසක වෙන පෝස්ට් එකකින් දාන්නම්.

.ලි.

මේ ලියුවේ .... මගේ හිතට ආපු දේවල්..ඒ විදිහටම ..ගෙඩිය පිටින්ම.

ඉතිං ...මේ ගැන ඔයාලගේ අදහසුත් ලැබුනොත් ලිපිය තවත් හර බර වේවි.

13 comments:

  1. මම නම් හිතන්නේ Anonymous විදිහට කමෙන්ට් කරනවට වඩා කියන්න තියෙන දේ කෙලින්ම නමත් එක්කම කියලා දාන්න පුලුවන් නම් හොදයි. එහෙම කියද්දි අහන කෙනාගේ හිත රිදෙන්න පුලුවන්. ඒත් අපි එහෙම හිත රිදෙන්නේ නැති වෙන්න කියන්න දැන ගන්න ඕනේ. ඇනෝ කියනවට වඩා තමන්ගේ යාලුවෙක් කියන දෙයක් ඕනම කෙනෙක් අහන ප්‍රවනතාවක් තියෙනවා.

    ලස්සන නමක් එහෙමත් නැත්නම් ලස්න අරුතක් තියෙන නමක් තිබ්බට වැඩක් නෑ කරන්නෙම ජරා වැඩ නම්. ඒ නිසා නම වගේම කරන වැඩත් ලස්සන නම් ඒ නම කාගේ උනත් හිතක වැඩි කාලයක් රැදෙනවා.

    හොදම උදාහරණ තමයි වීරවරයෝ විද්‍යාඥයෝ වගේ අය. මේ අය ජීවත් වෙලා ඉදපු කාලය ගොඩක්ම කෙටි වෙන්න පුලුවන්. නමුත් ඒ හිටපු කෙටි කාලයට වඩා දහ ගුණයක කාලයක් නම මතක් කරන්න පුලුවන් තරමේ වැඩ සමාජයට කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ අයව ආදරෙන් මතක් කරනවා. දින වෙන් කරලා තියෙනව.

    ඒනිසා අපිත් හිතන්න ඕනේ කවදාහරි නම තියලා යන්න පුලුවන් තරමේ වැඩ කරන්න.නරකට නෙමේ හොද පැත්තට. !!!!!

    ReplyDelete
  2. නම කියන එක ඇතුවත් බෑ නැතුවත් බෑ තමයි. එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගැනීමට ඇස් වලට පුඵවන් වුණත් වෙන්කර අමතන්න නමක් අවශ්‍ය වෙනව. ඒත් ඒ සරල කාරණයට නමක් භාවිතා වීම ඇරැඹුනත් ඊට පස්සෙ ඒකට වටිනාකම් අත්කරගන්න යන ගමනේදී,නැත්නම් අනන්‍යතාවය අනෙකුන් ළග තහවුරු කරන්න යන ගමනේදී ගොඩක් දේවල් සිද්ධ වෙනව. ඒක පුද්ගල මමත්වයේ ස්වභාවය වෙන්න ඇති. ඒව හොද වෙන්නත් පුඵවන් නරක වෙන්නත් පුඵවන්. අපේ රටේනම් බොහෝ දේවල් වල සම්පූර්ණ හිමිකම තමන්ගෙ නමට ලියාගන්න මරාගන්න හැටි සාමාන්‍ය දෙයක් වෙලා. ඒක ඕනෑවටත් වඩා 'නම' නැත්නම් ඒ හා ගොඩනැගුණු මමත්වය බොරුවෙන් නැත්නම් බලය පාවිච්චි කරල හරි වටිනාකම් ආරෝපණය කරන්න හැදීමක්.
    බ්ලොග් කලාවේ නිර්නාමිකව අදහස් දක්වන්න ලැබීම හොඳයි කියල මම හිතනව. ඒ ඔබ කිව් කාරණා නිසාත් පාඨකයන් සියලු දෙනාම තමන්ගේ ප්‍රොපයිලයක් හදාගෙන නැත්නම් ඔවුන්ට අදහස් දක්වන්න එය උපකාරී වෙනව. ඒ වගේම ප්‍රොපයිලක් තනාගන්නන් පවා අන්වර්ථ නාමයකින් පෙනී සිටීම සුළභ නිසා ඇත්තෙන්ම අදහස් දක්වන්නන් බොහෝ දෙනෙක් නාදුනන අයම වෙනව බොහෝ වෙලාවට.

    ReplyDelete
  3. ඇත්තටම නමක් තිබුනට වැඩක් නෑ ඒ නම රැකෙන විදියට නම තියාගන්න බැරිනම්..... කෙනෙක්ව අනෙක් පුද්ගලයාගෙන් වෙන් කර හඳුනා ගැනීමේ සළකුනක් විදියට නෙ නමක් යොදා ගන්නෙ. නම කියන දේ ජීවිතයට කොයිතරම් වැදගත්ද ?

    මගෙ නම දිලිනි උනාට හැමෝම මාව දන්නෙ " දිල් " දැන මටත් දිලිනි කියන නම අමතක වෙලා ගිහින්.... නම හැමෝටම කියන්න අකමැති උදවිය ඕනෑ තරම් ඉන්නවා... ඒ තමාව තම කවුද කියන එක අන් අයගෙන් වසන් කරන්න...වැඩි ඇතකට යන්න ඕනේ නෑ...මේ නිල් අහස ලියන පුද්ගලයාගෙ නම මම නම් දන්නෙ නෑ. මොකද කවදාවත් ඇත්ත නන පාවිච්චි කරලා නැති නිසා

    තව දෙයක් මගෙ එක පුරුද්දක් තියෙනවා කොතැනකට හරි ගියාම හඳුනන්නෙ නැති පුද්ගලයෙක් මගෙන් නම ඇහුවොත්...ඒ පුද්ගලයා මට කොයියම්ම දෙයකින්වත් වැදගත් නැත්තම් මම කවදාවත් මගේ ඇත්ත නම කියන්නෙ නෑ..ඒ මගෙ හැටි....

    ReplyDelete
  4. ඇත්ත අපි කරන් කියන දේවල් හැම දෙයක්ම අපේ නමත් එක්ක බැදෙනවා.. අපිට ඒකෙන් ගැලවෙන්න බෑ.. වෙනස් දෙයක් කරන්න යනකොට ඇත්තටම ගොඩක් දෙනෙක් අපිට හිනාවෙන්න බැන වදින්න තියෙන අවස්තා වැඩියි.. ඒ නිසා වෙන්න ඇති ගොඩක් දෙනෙක් තමන්ගේ හිතට සමීප වෙනත් නමකින් ගොඩක් වෙලාවට බ්ලොග් ලියන්නෙ.. ඉතින් එකට එයාලට දොස් කියන්න බෑ.. කොටින්ම ඇත්ත නමින් ලියලා ගෙදර කෙනෙක් ඒ ලිපිය බැලුවොත් සමහර විට හොද හෝ නරක ප්‍රතිචාර එන්න පුලුවන්..

    ReplyDelete
  5. "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී"

    ReplyDelete
  6. මධුරංග-
    මම නොලියපු වාසි සහගත පැත්ත කෙටියෙන් හරි ලිව්වට ..ස්තූතියි..මල්ලී.
    ඒකනේ මම කිව්වේ නැතුවත් බෑ කියලා.

    මම කියන්නෙත් නෑ Anonymous වෙලා කමෙන්ට් කරන්න කියලා.
    නමුත් ඒකත් යම් යම් අවස්ථාවලදී විවාදයන්ට තුඩුදිය හැකි, වෙනස් මතයක් එලි දක්වන මාවතක් විදිහට, යොදා ගන්න, උනත් පුලුවන්.

    ඒ වගේම, තමන්ගේ මතය ..තව කෙනෙක්ගේ හිත නොරිදෙන්න කියන්න..හැමෝටමත් බැරි උන අවස්ථා තියෙනවා...නේද.
    ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක් නේ.

    ඉතිං..ඇනෝ කෙනෙක් ගේ මතයක් තමන් කැමති නම් පිලි ගන්නත්..නැතිනම් අල්ලලා විසි කරලා දාන්නත් පුලුවන්..යාලුවෙක්ගෙන් එන මතයකට වඩා ලෙහෙසියෙන්ම.

    හැබැයි..මට නම් වැදගත්..නාමික ද නිර්නාමිකද කියන එක නෙවෙයි. දෙනු ලබන මතයේ...හරයයි.ඒ ඔස්සේ මට අලුත් විදිහට හිතන්න..යමක් මගේ ජීවිතයට එකතු කර ගන්න..පුලුවන් නම් එච්ච්රයි.

    මට නම් හිතෙන්නේ සමාජයට අවශ්‍යය.. අපේ..නම නෙවෙයි.
    අප විසින් ඉටු කරනු ලබන දෙයයි...දෙන දෙයයි.

    අප විසින් සිදු කරන ලද දෑ පවතින තුරු ..පමනක්..නමක පැවැත්ම රැදී පවතිනු ඇත...කියාය.

    ReplyDelete
  7. Outsider-
    ඔව්..ඔයා කියන දේ හරියට හරි.
    තමන්ගේ -නමට- වටිනාකම් ආරෝපනය කරන්න ..මිනිස්සු මොනව ද... අද... නොකරන්නේ.
    හැමෝටම වැදගත් දෙයක් දෙන්න, නෙවෙයි ඕන..මොකක් හරි කරලා..තමන්ගේ නම ඉහලින් බබලවන්න.

    මම කියපුවට අමතරව...නමෙන් සිදුවෙන තවත් අවැඩක් විදියට...අපව මමත්වයටත් ඇදලා දැමීමත් සිදු වෙනවා.

    ස්තූතියි..මිත්‍රයා..මට ඒක මතක් කරලා දුන්නට.

    ReplyDelete
  8. දිල්-
    ඇත්ත ... දිල්. නම වැදගත්. ගොඩක් වැදගත්.
    ඒත් මම කිව්වේ..ඒකත් බොහෝ අවස්ථාවල -රාමුවකට- අපිව, කොටු කරන විදියයි.

    මෙහෙම හිතමු.
    දිල්..ඔයාගේ සත්‍යය නමින් නැතුව.. අන්වර්ථ නාමයකින් පෙනී හිටියා..කියලා.
    මට වැදගත්.. ඔයා මේ බ්ලොග් අවකාශය තුල හැසිරෙන විදිය..ඔයාගේ පෝස්ට් වලින් ඉදිරිපත් කරන දේ හා ඒවා මොන තරම් මගේ ජීවිතය, පන්නරයට උදව් වෙනවාද..ඔයාගේ අත්දැකීම් බෙදා ගන්න..මොන විදිහට, ඔයත් එක්ක, මම.. හවුල් විය යුතුද..කියන කරුණු කාරනා, වගේ දේවල් විතරයි.

    ඔයත් නම කිව්වට..රුපයෙන් මොන වගේද කියන්න මම දන් නෑ.
    ඇත්තටම මට ඒකත් වැදගත් නෑ. මොකද.. ඔයා ලියලා තියෙන දේවල් හරහා, මම.. මගේ හිතේ රූපයක් මවාගෙන ඉන්නවා.
    ඔයා ඇත්ත නම හරි, අන්වර්ථ නමක් හරි, නොදි ... ඔයාගේ ලිවිම කරගෙන ගියත්...මට කවදාවත්ම,ඔයාව අමතක වෙන්නෙත් නෑ.

    මට මතක තියේවි..අපමන බාධක වලට මුහුන දිලා..ජීවිතය ජය ගත් ...අභීත තරුණ කාන්තාවක්..මෙලොව සිටි බවත්, ඒ චරිතය මමත් හදවතින් හෝ...ස්පර්ශ කල බවත්.

    ඇත්තටම...මට නම් වටින්නේ ...පුද්ගල චරිතය විතරයි.

    ReplyDelete
  9. Dinesh-
    නමක් නැතුව බැහැනේ .. මචං.. මේ ගොඩ නංවලා තියෙන ක්‍රමේ අනුව.
    ඒ කොහොම උනත්, මට නම් හිතෙන්නේ..නමක් දීමෙනුත්, වෙලා තියෙන්නේ...මනුෂ්‍යාව..පුද්ගලික මට්ටමෙනුත්, බෙදීමකට ලක් කරපු තවත් ඒක්.. අවස්ථාවක් විදිහටයි.

    මොහොතකට හරි..නමක් නොතිබුනා නම් හොදයි...කියලා, හිතුන වාර මට නම් අනන්තයි.

    ස්තූතියි...නිල් අහසට...ගොඩ උනාට.

    ReplyDelete
  10. ටී.බී-
    ඈහ්..ඇත්ත ද.
    දෙවියොත් වදින්නේ නමට විතර ද...DDD
    එහෙනම් ඕක නැතුවම බැරි වෙයි වගේ.
    තව ටිකක් බීලා..ඒ ගැන හිතන්න ඕන.

    ‍නරකද..සිංදු බ්ලොග් එකකුත් පටන් ගත්තොත්.

    ReplyDelete
  11. "නාමෙ නොදිරනා කුණු කය දිරනා අරුමැකි සෝබා සංසාරේ"
    බීල නම් ඔය ගැන හිතන්න හිතක් ඉතුරු වෙන එකක් නෑ :D
    සිංදු නම් හැමෝම නිතරම අහනවනෙ, රසවිඳිනව නෙ. ආයෙ ඕක බ්ලොග් එකක දාන්න දෙයක් නෑ...

    ReplyDelete
  12. නම කියන එක රඳා පවතින්නෙ පුද්ගලයාගේ ක්‍රියාකලාපය මතයි. ක්‍රියාකලාපයෙන් තමා නමට අර්ථයක් දෙන්නෙ හෝ නොදෙන්නෙ, හොඳ ක්‍රියා කලාපයක් තියනවනං හොඳ නමක්, නරක නම් නරක නමක් .......

    මගේ අදහස නම් ඇනෝනිමස් කමෙන්ට් තියෙන්න ඕන, හැබැයි මම ප්‍රතිපත්තියක් විදියට ඇනෝනිමස් කමෙන්ට් කිසිම බ්ලොග් එකක දාන්නෙ නැහැ ........

    ReplyDelete