Monday, June 27, 2011

100% ..ම...ඇයි මට..ඉඩ නොදෙන්නේ..!!!


මගේ, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ, ගනු දෙනු වල, පොඩි පහේ පැටලැවිල්ලක් වෙලා තිබුනා. ඒක ගැන හරියටම හොයන්න නම්, මේ අවුරුද්දේ පරණ බිල් ඔක්කොම ඕන. ඒක... සේරටම වඩා, පණ යන වැඩක්. ඇයි ඉතිං ... ඕන බිලක් ආවොත්, කබඩ් එකේ ලාච්චුවකට විසි කරනවා.....පරිස්සමට තියා ගන්න, ඕන නිසා.

හරියට පිලිවෙලකට, ඒවා තියලා තියෙන නිසා..හොයන්න ගියාම…. ආස හිතෙනවා.

ඒත්... ඉතිං.. ඒවා නැතුව, මේ අවුල, හොයා ගන්නත් බෑ.ඒ හන්දා... පොත් කබඩ් එකේ, ලාච්චු ‍ටික, එකෙන් එක අරගෙන, බිම තියාගෙන ..හොයන්න ගත්තා. ක්‍රෙඩිට් කාඩ් එකක් නිබ්බට, මම වැඩිය, ඕකෙන් ගනු දෙනු කරන් නෑ. මොකද….. හදිස්සියේ වත්, ඕක ගෙවන්න අමතක උනොත්..පොලී..වැල් පොලී වෙලා...තව තවත් පොලී එකතු වෙලා...අම්බානක බිලක්, ගෙදරට සැපත් වෙනවනේ.

අප්‍රේල් මාසෙ බිලයි....පෙබරවාරි මාසේ බිලයි, තමයි මුලින්ම හම්බ උනේ. ඒකටත් විනාඩි 20ක් විතර ගියා. ලාච්චුව හුගක් පිලිවෙලයි කියලා දැන් වත් ෂුවර් නේද....

ඊලගට අහු වුනේ, ජනවාරි බිල. ඒක දිග හැරියම ....තුනට හතරට නවපු කොලයක.... ලියලා තිබුනු ..දෙයක් නෙත ගැටුනා.

පවනැල්ලක් වූවා නම්

සුදු මුහුනේ

සෙනේහයෙන්.....වෙලෙන්න තිබුනා

------------------------------------------------

අරුණැල්ලක් වූවා නම්

උණුසුම ගෙන

ඔබ තුරුලේ..... රැදෙන්න තිබුනා

------------------------------------------------

ගීයක් වත් වූවා නම්

හද පතුලේ

නොමැකෙන සේ..... ගයන්න තිබුනා

------------------------------------------------

ඔබ.. මට හිමි වූනා නම්

රතු වෙන තුරු

ඔය දෙකොපුල..... සිඹින්න තිබුනා

------------------------------------------------

මට හිමි නැති ..හිනාවකට - පෙම් බදිනවා මං

යන එන මග ..නිමක් නැතිව - ඔබ සොයනවා මං

නොලැබෙන මේ.. රුව අභියස - පෙරුම් පුරන මං

පණ ඇරගෙන.. ඔයාට දැන් - ආදරෙයිනේ මං


මම…. හිත හදා ගන්න, නොකරපු... තාමත් නොකරන... දෙයක් නෑ.

අමතක කරන්න.......... නොදීපු ගේමකුත් නෑ.


ඈත් උනා........... ඇස් දෙකට, කොහොමටවත්..... නොපෙනෙන්නම....

ඒකට........... ඉඩ තියෙන, හැම මගක්ම..... මමම.... අහුර ගත්තා.

දුකට ලියපු, හැම දෙයක්ම.... පොත් කබඩ් එකේ, යටටම දාලා…… ඒකේ යතුර විසි කරලා දැම්මා.

මොකද...මම... එයා වෙනුවෙනු, කරපු..කියපු ..ලියපු කිසි දෙයක්, ඒ විදිහට ලේසියෙන් විසි කරන්න, බැරි හින්දා.

මතක් වෙන කොට, ඒවා බල බල මම විදවන හින්දයි..යතුර විතරක්, විසි කලේ.


ඒත්..මේ කවිය..මට කොහොම හරි, මග හැරිලා.

බිල හොයන්න, හිත හදා ගන්න බෑ...මම ආවා බ්ලොග් එකට.


නොබී............. දුක.... පා කරන්න.. පුලුවන් ..එකම තැනට.


ඇයි මට 100% ක්ම....ඔයාව අමතක කරන්න ...මගේ දෛවය ඉඩ නොදෙන්නේ...??????????

18 comments:

  1. අයියට ලස්සන ආදර කතාවක් තිබුන බව මේ කවි ටිකෙන්ම පැහැදිලි වෙනවා. කවි ටික මාරම ලස්සනයි. කොහොමහරි බිල් ගොඩ අස්සේ තිබිලා හරි මේ කවි ටික ලැබුන එක වටිනවා.

    පොඩි දෙයක් කියන්නම්. මේ කවි ටික කියවලා හදාගත්තු හිත කඩාගන්න නම් එපා !!!!!

    ඒ කෙනාව අමතක කරන්න දෛවය ඉඩ දෙන්නේ නැත්තේ අයියා තාමයි ඒ කෙනාට ආදරේ කරන නිසා කියලා තමයි මට නම් හිතෙන්නේ.

    තමන් තමන්ගේ මුළු හිතින්ම කරපු ආදරයක් කොහොමද එහෙම එකපාරටම අමතකර කරලා දන්නේ ? ඔන්න මට නම් බෑ එහෙම.

    මේ කවි සෙට් එකෙන් මම ආසම කවිය තමා

    "ඔබ.. මට හිමි වූනා නම්
    රතු වෙන තුරු
    ඔය දෙකොපුල..... සිඹින්න තිබුනා "

    ඔය කවිය. මේ කවි සෙට් එක තියාගන්න ඕනේ කෙල්ලෙක් හ්ම්බ වෙච්ච දාට දෙන්න, :) හික්ස්

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්! හිතට දැනුන දේ කියන්න කලින් ලියන්න දෙයක් තියෙනවා. ඒ තමා මේ කොල්ලන්ගෙ පිළිවෙල ගැන. අනේ ඉතින් ඒ ගැන මොනවට කියලද ? මමත් දන්නවනෙ මගෙ අයිතිකාරයගෙ හැටිත්....මොනා හරි හොයන්නෙ තවත් අයට බැන බැන...ඒ පිළිවෙල වැඩි කමට....

    දෙවෙනි කාරනාව....හිතට දැනුන ආදරේනෙ...එක පාරට මරලා දාන්න බෑ තමයි. ඒත් දකිද්දි හිත පෑරෙන්නෙ නැති විදියට නොදකින්න මතක ටික වීසි කරන්න....කාලයක්..ඒ කියන්නෙ අවුරුදු කීපයක් ගියාම ඒවා කොච්චර දැක්කත් දුකක් දැනෙන්නෙ නෑ එතකොට....

    ආදරේ කරන හැමෝටම ඒ ආදරේම ලැබෙනවානම්...ලෝකට මීට වඩා හුඟාක් වෙනස් වෙයි..ඒත් එහෙම වෙන්නෙ නෑනෙ....

    පද ටික නම් අපූරුයි..හිතට දැනෙන්න ගැට ගහලා තියෙනවා...

    ReplyDelete
  3. අයියට සොදුරු ආදර කතාවක් තිබිලා තියෙනවා.. ඒකයි ඒ මතකය මෙච්චරටම අමතක කරන්න බැරි.. අවංකවම හිතේ ඇති උන ආදරයක් ලේසියෙන් අමතක වෙන්නේ නෑ.. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්..
    කවි පද ටිකනම් හරිම අපූරුයි...

    ReplyDelete
  4. ඔන්න සාතන් නම් ඔය ආදර කථාගැන මොකුත්ම දන්නෙ නෑ...

    මගේ කාමරෙත් නිකන් පිස්සගෙ පලාමල්ල වගේ තමයි... හැබැයි බිල් නම් පිළිවෙලකට තියල තියෙන්නෙ... වෙන මොනව අපිළිවෙලට තියාගත්තත් බිල් පිළිවෙලකට තියාගනින්...

    ReplyDelete
  5. සහෝදරය මග හැරීමෙන් හෝ අමතක කිරිමෙන් කිසිවක් විසදෙන්නෙ නෑ. අමතක කර තිබෙන තරමට ඒ දේට වටිනාකමක් රැද් වෙනව. මග හැරැල ඉන්න තරමටත් එහෙමයි. ඒ මතකයට මුහුණ දෙන්න. ඒ මතකය තුළ ගිලී යන්න. ඒ මතකයෙන් පිරිල යන්න. සම්පූර්ණයෙන්ම ඒ තුළ ජීවත් වෙන්න. එවිට මොහොතක ඔයාට වැටහෙයි ඒ මතකය තේරුමක් නැති දෙයක් කියල. එවිට එය ඉක්මවා යා හැකියි. අමතක කිරීමට වඩා ඉක්මවා යෑම අර්ථාන්විතයි.

    ReplyDelete
  6. මධුරංග-
    ඔව්..මල්ලි, මගේ හිතේ තිබුනේ.. අවංක ලස්සන ආදරයක්.
    එයා, මට ලැබුනා නම්...ඇත්තටම, මම.. ඔය,ලියලා තියෙන විදිහටම, එයාට ආදරය කරනවා.

    ඒත්, එයා... දන්නවද දන්නේ නෑ..මම, මේ.... තරම් එයාට ආදරෙයි කියලා.

    ස්තූතියි..මල්ලි..හැමදාම ..මුලින්ම ඇවිත්..මාව දිරිමත් කරනවට.

    ReplyDelete
  7. දිල්-
    ඒකනේ..අපට කොල්ලෝ කියන්නේ.
    හැබැයි ඉතිං..හැම කොල්ලෙක්ම අපි තරම් පිලිවෙලට නැතුව ඇති.

    ඒවා එහෙම උනාට අපේ හිත් හරි පිලිවෙලයි..හොදද.
    බොරු නම් අහන්නකෝ ...අයිතිකාරය ගෙන්ම...D

    මම උත්සාහ කරනවා..දිල්.
    ඒත් පරන මතකයන්.. සමහර වෙලාවට මාව.. බිංදුවටම ඇදලා දානවා.

    ස්තූතියි..සිස්..පද වැල රස වින්දට.

    ReplyDelete
  8. දිනේශ්-
    ඔව්. මල්ලි...
    ඇත්තටම හිතට දැනුන ආදරයක්..හිතෙන් අයින් කරන්න ලේසි නෑ.
    ලිව්වා වගේම...මම ආදරය කලේ...පණ ඇරගෙන.
    අත්දැකිම් තියේ නම්..ඒ ගැන මම අමුතුවෙන්, කියන්න ඕන නෑනේ ..මල්ලි.

    ReplyDelete
  9. සාතන්-
    ඒක ඇත්තනේ.
    සාතන්..ආදරේ කරලත් නෑ..ඒවා ගැන අහලත් නෑ නේ.
    ඉතිං..කොහොමද..ආදර කථා ගැන "මොකුත්ම" දන්නෙ...D

    එදා..මට, ඒ ගැන තදින්ම දැනුනා. එච්චරටම අපිලිවෙල හොද නෑ...නේද..කියලා.

    හැදෙන්න ඕන සාතන්..දැන්නම්.

    ReplyDelete
  10. Outsider-
    මම හැමදාම ඔබේ දැක්මේ වෙනසක් දකිනවා.
    සමහර දේවල් මට තේරුම් ගන්න බැරි තරම් වෙනස්.
    මම ඒකට ගැඹුරුයි කියන්න කැමති නෑ.
    මම ඒ වෙනස අත් විදින්න උත්සාහ ගන්නවා..දෙපාරක් බැරිනම් තුන් පාරක් හරි කියවලා.

    ඔයා..හරි.
    මග හැරීම් වලින්වත්..අමතක කරන්න, බලෙන් උත්සාහ කිරීමෙන්වත් වැඩක් නෑ.

    "අමතක කිරීමට වඩා.. ඉක්මවා යෑම අර්ථාන්විතයි"

    හද පතුලෙන්ම..ස්තුතියි..සහෝදරයා..මේ ඔවදනට.

    මම උත්සාහ කරන්නම්.

    ReplyDelete
  11. ලොකු දෙයක් බන් බාර් එකකට යන්නේ නැතුව දුක නිවා ගන්න බ්ලොග් එකට එන එක . . .

    ආදරේදී මට මෙහෙම දෙයක් හිතෙනවා.

    අපි පට්ට ආත්මාර්ථකාමීයි . .

    ආදරේ නැති උනාම මැරෙන්න හදනවා මම මුලු ලෝකෙටම වඩා ඔයාට ආදරේ කලා ඒත් ඔයාට මාව එපා වුනා මාව දාලා ගියා කියල . .

    ඒත් අපි ආදරේ කරලා තියෙන්නේ අපිටමයි බන්

    මම කැමති රූපෙකට

    මම කැමති ගතිගුණ තියෙන කෙනෙක්ට

    මාත් එක්ක වලි දාගන්නේ නැතුව ඉන්න වෙයි කියලා හිතපු කෙනෙක්ට

    ඔය විදිහට බැලුවාම අපි ආදරේ කරලා තියෙන්නේ අනිත් කෙනාට නෙමෙයි අපිටමයි . .

    අපි අපේ වාසියට අපේ පහසුවට අපිත් එක්ක ඉන්න පුලුවන් කෙනෙක් තෝරගෙන පස්සේ ඒකට නමක් දෙනවා ආදරේ කියලා . .

    නැති උනාම මැරෙන්න හදනවා . .

    දුක අඩු කරගන්න කියලා බ්ලොග් එකට ඇවිත් මගේ බයිලා කියවලා උඹේ දුක වැඩි වෙයිද දන්නේ නෑ කොල්ලෝ . . .

    හෙමීට අමතක කරපන් . . .

    කාලය හැමදේම විසඳයි . .

    ReplyDelete
  12. ලස්සන නිසඳැසක් සහ කවියක්.

    ReplyDelete
  13. 100% සමහර දේවල් අමතක කරන්න බෑ. ඒක ඇත්ත

    ReplyDelete
  14. දුකා-
    ඇත්ත දුකා...ආදරේ බොහෝ තැන් වලදි ආත්මාර්ථකාමී වෙනවා.
    ඒත්.. මම ආදරේ කරපු විදිය, ඊට වඩා ටිකක් වෙනස්.
    ඒකයි...මම එයාගේ සතුටට ඉඩ දිලා...අයින් උනේ.
    ආදරේදි... මම හැම තිස්සේම හිතුවේ, එයාගේ සතුට.
    මම, තදින් අකමැති උනා නම්..එයා තාමත්, මම ලග.
    ඒත්... එහෙම වෙන්න, මට ඕන උනේ නෑ.

    මම දන්නවා..එයාගේ හිතේ හැමදාම, මම ඉන්න බව.
    ඒක.... මට බලෙන් තියා ගත්තට වඩා...ඉබේ ලැබෙන, ආදරයක් විදිහටයි මම දකින්නේ.

    මගේ බ්ලොග් එකට පුලුවන් හැම වෙලේම ගොඩ වදිනවට...මගේ හිත හදන්න උත්සාහ ගන්නවට..ගොඩක් ස්තූතියි..දුකා අයියා.

    ReplyDelete
  15. ටී.බී. හේරත්-
    නිහතමානිව සතුටු වෙනවා..අගය කිරිම ගැන.

    ReplyDelete
  16. ayesha-
    ඔව්.අයේෂා.
    100%ක්ම අමතක වෙන්න පුලුවන්.
    ඒත්.....100%ක්ම අමතක කරන්න බෑ...සමහර දේවල්.

    ReplyDelete
  17. අයියේ...මන් කියන්නේ බණක් කියල හිතන්න නම් එපා..
    ඔයා එයාට ඇත්තටම ආදරේ කරන්න ඇති...සමහර විට එයත්...මොක හරි හේතුවක් නිසා එයා ඔයාව දාලා ගියානම් ඒ එයාගේ සතුට වෙනුවෙන්නේ....ඉතින් හිත හදාගන්න තියන එකම මාර්ගේ ඒක..ඔයා එයාට ඇත්තටම ආදරේ නම්, එයාගේ සතුට ගැන හිතනවනම්, එයා ඔයාගෙන් ඇත් වුනේ එයාගේ සතුටටනේ කියල හිතල, මොන නැතත් එයා සතුටින්නේ කියල හිත හදාගන්න.....ආදරේ කියන්නේ ගොඩක් වෙලාවට පරිත්‍යාගයක් නේ....මන් නම් ඒ පරිත්‍යගේ කළා...අදාල පුදගලයාගේ සතුට වෙනුවෙන් මගේ ආදරේ කැප කරලා එයාගේ සතුට දිහා බලන් සතුටු උණා...(මුලින් මුලින් දුක හිතුනත් පස්සේ ඉබේම හරියනවා එයා සතුටින් කියල දන්න නිසා)

    ReplyDelete
  18. සිතුවිලි නිහඬයි-
    ඔව්..නංගී.
    පරණ මතකයන්, සමහර වෙලාවට හිත රිද්දුවට...මම, මේ තරම් හරි හිත හදන් ඉන්නේ ..එයා සතුටින් බව දන්න ..නිසයි.

    ම්ම්ම්...ඔයත් මං වගේ කෙනෙක් ..නේද..

    ඔයා කියපුවා මට බණක් තමයි.
    මොකද..යම් තරමකින් හෝ අවුල් වෙලා තියෙන හිතකට...යථාවබෝධය ලබා දෙන්න, ගත්ත.. අවංක උත්සාහයක් නිසා.

    ReplyDelete