Saturday, May 28, 2011

සදාකාලිකව සැගවූවා නම් ...හොද යැයි ...සිතෙන ...රහස



ගොඩක් දේවල් හිතේ තියන් හිටියා කවද හරි දවසක කියන්න.

හමු වෙන්නේ බොහොම සුලු වෙලාවකට විතරක් හන්දා, දිග කතාවක් කෙටි කරලා කියන්න මම ලෝබ උනා.

මට ඕන උනේ හුගක් ආදරෙන් ලගට වෙලා ඒ දේවල් එකින් එක කියන්නයි. ඒ හැම දෙයක් ම... "දවසක කියන්නම් කියලත්" මම එයාට කිව්වා.

ඒත් එයා කිව්වේ " අපෝ එච්චර දවස් ඉන්න බෑ. දැන් කියන්න කෝ " කියලා.

එහෙම කිව්වම මම හිතුවේ... එයාට මම කියන්න යන්නේ මොකක්ද කියලා... දැන ගන්න තිබුන කුතුහලයට එහෙම කිව්වා කියලයි.

ඒ දවස්වල නොකිව්වොත්, ඒ කතාව.. කවදාවත්ම එයාට අහන්න දවසක් නොලැබෙන බව දන්න හින්දා තමයි...එදා එයා එහෙම කියන්න ඇත්තේ කියලා, දැන් මම දන්නවා.

ඒ වගේම, ඒ කතාව කියන්නට හැකි වතාවරණයක්... මට ද... නැවත උදා නොවන බව සහසුද්දෙන්ම දන්නේ.. ඔබ පමනක් ම වන නිසා, එසේ පවසන්නට ඇති බවත් දැන් මා තහවුරු කරන් අවසන්.

------------------------------------------------------------

එනමුදු....සැගවූ සියල්ල මෙලෙස.. එලි වන තුරු.. නිහඩව උන්නේ මන්දැයි..කියා පමනක් - දිවා රෑ නොමැතිව - තවම මම කල්පනා කරමි.

------------------------------------------------------------


මේ අනෝරා වැසි නොවේ - මගෙ නෙතේ කදුලුයි

ගිගුම් දෙන ගිගුරුම් නොවේ - හිත අඩන අයුරුයි

හාත්පස ගණදුරු නොවේ - මගෙ ලොවේ අදුරුයි

මේ ලියන්නේ කවි නොවේ - සැගව ගිය අයුරුයි


------------------------------------------------------------


තනිව මේ මග පැමිණියේ - හිතින් මං විතර ද

මා ඇවැසි බව පැවසුවේ - මොහොතකට විතර ද

ලැබුණූ මේ දුක මහ මෙරයි - කෙලෙස විදවන්න ද

කදුලු සගවන් ආයෙමත් - කොහොම මං එන්න ද


------------------------------------------------------------


හදා ගන්නට කාලයක් - හිතට වත් නොතියා

සදක් යනවා සැගවිලා - අහසටත් නොකියා

ඔබ උරුම දින මෙපමනයි - අදහ ගනු බැරුවා

නමුදු ඉන්නෙමි හිනැහිලා - ඔබ ලගදි නොහඩා.

34 comments:

  1. දරාගෙන දුක සඟවලා-හිත යටින් තබලා
    දරා ඉන්නෙ කොහොමදෝ-හිත මගෙන් ඇසුවා
    හදා ගන්නට කාලයක්- ගතවෙනා හින්දා
    මගේ දුක කවි කර ලියා- ඔබට මම එව්වා

    ReplyDelete
  2. නොහඬා හිනාවෙන්න බලමු. ජීවිතේ ඔහොම තමා. ලස්සනයි සිතුවිල්ල

    ReplyDelete
  3. "ඔබ අන්සතු ළඳක් කියා......... ඇයි මට කීවෙ..."

    ReplyDelete
  4. ජීවිතේ ඔහොම තමා සහෝ. අපිට හමදාම අපි කමතිම දේවල් විතරක් ම ලැබෙන්නේ නෑ.

    "හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට සිත මගේ බොලද වෙලා"

    ReplyDelete
  5. ආදරේ ඇතිවෙන්නේ කවුද කින්ද මන්ද නොසොයා...ඇති උන ආදරයක් අමතක කරන්නත් ගොඩක් අමාරුයි...එත් සහෝ, අන්සතු දෙයකට කරන ආදරෙන් ඔයාටමයි දුක...අමාරුවෙන් හරි අමතක කරන්න වෙර දරන්න ..........

    ReplyDelete
  6. දිල්-
    ස්තුතියි....ලස්සන කවියකින් මගේ දුක බෙදා ගන්න ආවට.

    ReplyDelete
  7. අයේෂා-
    මම ඇඩුවා එකම එක දවසක්...හොදටම.
    ආයෙත් අඩන් නෑ...අයේෂා...
    මම දැන් දුක දරන්න පුරුදු වෙනවා...ස්තූතියි පැසසුමට.

    ReplyDelete
  8. ටී.බී-
    බණ වගේම..සිංදු වලටත් හරිම දක්ෂයෙක් නේ..යාලුවා..ඔයා..D.
    ස්තුතියි..හැම දේටම.

    ReplyDelete
  9. මධුරංග-
    මම දන්නවා...හිතන පතන දේ එහෙම්ම ම ලැබුනා නම්..අපට ජීවිතයක්...නොවෙන්නත් තිබුනා.
    මම දැන් යථාර්තය අවබෝධ කරන් ඉන්නේ.
    ඒත්..ඒ ගැන කවි ලියවෙන එක නම්..තාම නතර කර ගන්න බැරි උනා.
    ස්තුතියි..හදවතින්ම ලියපුවට.

    ReplyDelete
  10. සිතුවිලි නිහඩයි-
    ස්තූතියි මුලින්ම.....මේ පැත්තට ගොඩ වැදුනට...හා අදහස් වලට ඔයාගේ.
    හිතකට ආදරයක් ඇති වෙන්නේ අහම්බෙන්. ඒක හරිම පුදුම දෙයක්.
    මම කලේ.... ඒක පාර්ශ්වික ආදරයක්.
    ආදරයක් නොලබාම..ආදරය දුන්නා.

    දැන් කොහෙත්ම එහෙම වත් බැහැ.
    මම හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නේ.

    ReplyDelete
  11. හිත තියෙන දුක මෙහෙම හරි පිට කරන එක හොඳ කොල්ලෝ . . .

    නැත්නම් පිස්සෙක් වෙයි . . .

    විඳින්න එන්න කියලා උඹ කියන්නේ . .

    ඒත් උඹ විඳවන එක මේ විදිහට අදහස් වලින් හරි හැබෑ කඳුලු වලින් හරි නිමා කරලා අපි ඒ කිව්ව වගේ විඳින්න පටන් ගමු මචන් . .

    හෙට අළුත් දවසක් . . .!

    ReplyDelete
  12. ඔන්න ඔන්න ඉතිං, ඔබ තුමා මට විහිළු කරනවනෙ... :D

    ReplyDelete
  13. සඳට උරුමයි සැඟව යන්නට අමාවක ආ දා
    සැඟව ගිය සඳ මතක අහසෙන් අමතක ව ගිය දා
    යළිත් පුරපස පුරා සඳ වී සඳ එළිය දෙන දා
    අද පුරා සඳ වඩා සොඳුරුයි හිතෙයි දෝ මන්දා

    මෙහෙම හිතෙන විදියට හිත හදාගන්න... අමාවක සඳ හැංඟුනාට ආයෙම පුරපස සඳක් පායන්න ම ඕනෙ...

    ReplyDelete
  14. චේජනා ඒ අදහසම තියෙන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවක් තියෙනවා අහලා තියෙනවා නේද . .

    වියෝ වූ පසුවයි දැනෙන්නේ . .
    ප්‍රේමයේ අභිමන් . .
    හැඬූ දා කඳුලයි දකින්නේ
    සිනහවේ සරදම් . . .


    ඉවුරු දෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඩයි කදිමයි . .
    දියට වන් විට
    එවන් නදියම
    බිහිසුනුයි චන්ඩයි . .

    සඳක් නැති අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා
    එවන් තරුවම
    ලබන්නේ ගැරහුම් . . .

    (සමහර වචන හරිද මන්දා මතෙකෙන් ලිව්වේ)

    ReplyDelete
  15. සොයුරිය චේජ         නා
    පදරුත් අතර සඟව  නා
    ඔබෙ සිත නොසඟ   නා
    වැසි අරුත තේරු     නා

    ReplyDelete
  16. ටි.බි-
    අයියෝ..විහිලුවක් නෙවෙයි මම කලේ.
    ඇත්තයි...ලිව්වේ...
    හොදයි ..එහෙනම් කියමු බලන්න මම කිව්වේ බොරුද කියලා..සහෝ.

    ReplyDelete
  17. ටී.බි-
    මෙන්න ඒපාර කවි කාරයෙකුත් වෙලානේ...D
    හරිම ලස්සනයි...
    ඒ උනාට මොකක් ද මේ චේජනාගේ " තේරුනා " කියලා තියෙන්නේ...DDD.

    ReplyDelete
  18. දුකා-
    මම දන්නවා දුකා...විදින්න එන්න කියලා...විදවන එක... ලියන එක විහිලුවක් කියලා.
    මම ඇත්තටම හිතුවේ විදින්න පුලුවන් වේවි කියලා. ඒකයි ඒ විදිහට නම දැම්මෙත්.
    අනික මම සිරා දේවල් ලියන්න දන්නේ නෑ.
    මට ඕන උනේ සැහැල්ලුවට මගේ ආදරය ගැන ලියන්න විතරමයි.

    නමුත් ඒ හැම දේම නොසිතුව විදිහට වෙනස් උනා.

    ඇත්ත..මේ දුකම දරාගෙන ඉන්න මටත් බෑ.
    මම ඉක්මනින්ම වෙනස් වෙන්න ට්‍රයි කරනවා

    ඒ - අලුත් දවස උදා වන තුරු- මා සමග ඉන්න.

    ReplyDelete
  19. චේජනා-
    හරිම ලස්සනයි..
    මම වෙනුවෙන් මේ වගේ පද වැලක් ලිව්වට...ඔයාට බොහොම ස්තූතියි.
    ඔව් චේජනා. මම දැන්වත් වෙනස් වෙන්න ඕන කියලා මටම හිතෙනවා.
    සමහර වෙලාවට ... මම වටා ඉන්න අය..මම හින්දා විදින දුක දැක්කම... මට එහෙම කරන්නම වෙනවා...අනිවාර්යෙන්ම.

    සතුටුයි නේද...
    ඉතිං ප්‍රාර්ථනා කරන්න මටත් අලුත් ජීවිතයක් උදා කර ගන්න පුලුවන් වෙන්න කියලා ..... ඉක්මනින් ම.

    ReplyDelete
  20. දුකා-
    හරිම සංවේදි ..හරවත් සිංදුවක්.
    දුක හිතුන වෙලාවට මම අහන්න කැමති ගීත වලින් එකක් මේක.
    මටත් වචන නම් කට පාඩම් නෑ. හරි ඇති කියලා හිතනවා.

    ReplyDelete
  21. ඔව්වා ඔහොම තමා. හැමවෙලේම අපිට කැමතිදේවල්ම ලැබෙන්නෙ නෑනෙ.ඉවසන්න.කාලය ගොඩක් දේවල් වලට විසදුම් දෙනවා.

    ReplyDelete
  22. නිල් අහසේ සිත්තම් කල කවි පෙල එක්ක බලද්දි මගෙ සීපදය මොකක්ද... හික්// :)

    @ - නිල් අහස - ,
    "ඒ උනාට මොකක් ද මේ චේජනාගේ " තේරුනා " කියලා තියෙන්නේ...DDD."? දෙතොල නොකී දේ දෙනෙත් කියැවෙනවා ඕං ඈ :D

    "පන වාගෙ හිටියාට-වෙන්වීල ගිය දාට
    පෙම් ලෝකයේ මතක-ටික කාලයයි"

    ReplyDelete
  23. නදී-
    ඔව්...ලැබෙන දේ පිලිගන්නත්..නොලැබෙන දේ අතහරින්නත් අපි පුරුදු වෙන්න ඕන.
    ඒකට තමයි නදී.... මේ දවස් ටිකේම උත්සාහ කරන්නේ.

    ReplyDelete
  24. ටී.බී.-
    බලන්න. ඔයා.. ලොකු අරුතක් .. වචන කීපයක් විතරක් අරගෙන,ලස්සන පද වැලකට... ලියලා තියෙන අපූරුව.
    මට එහෙම දක්ෂතාවයක් නෑ..ඒ අතින් ඔයා 1.

    * ඒ කියන්නේ ඔයා චේජනාව දැක්කද...???
    කියන්නකෝ..ඉතිං..මොනව ද ලියැවිලා තිබුනේ...D.

    * හැබෑවටම සිංදු ලියනවා වගේ..කියන්නත් පුලුවන් දෑ...???

    ReplyDelete
  25. මං ඉතිං ඔය බොහොම අමාරුවෙන් සීපදයක් ලියගත්තට ඔයා ගලපන මියුරු කවි පද වගේ මට වචන ගලපන්න බෑ, බලන්න ඔයාගෙ පලවෙනි කවියෙ එහෙම පද හතර කොච්චර ලස්සනට උපමා උපමේය ගලපල තියනවද...

    නෑ// මගෙ ජීවිතේට මං චේජනාව දැකල නෑ, මං කීවෙ එයා ලියපු කවියෙ අදහස මං දැක්ක කියන එකයි...

    මෙහෙමයි ඉතිං සින්දු කියනව කියන්නෙ එකක්, ගායනා කරනව කියන්නෙ තව එකක් නෙ, හික් :D
    බොරු කියන්න ඕනෙ නැනෙ ඉතිං, දන්න කියන අය එකතු උනාම ඒ අය ගෙ ඉල්ලීම පරිදිත්, ස්ව කැමැත්තෙන්මත් 'සින්දු කියනව'

    ReplyDelete
  26. * මට හිතුනේ ඔයා චේජනාව දන්නවා ඇති කියලයි.

    * මම ගෙස් කලා හරි.
    ඔච්චර සිංදු දන්න කෙනෙක්ට ලස්සනට සිංදු ගායනා කරන්නත් පුලුවන් වෙන්න ඕන.

    ටී.බී. හැම පැත්තෙන්ම හරි ටැලන්ටඩ් නේ.

    ReplyDelete
  27. ගොරක අතු නම් නැමෙනව... :D

    ReplyDelete
  28. ලොකු දුකක් වචනවලට හැරවෙන පාටක් තියෙන්නෙ ......
    ලස්සනයි ඇත්තටම ලස්සනයි ......

    ReplyDelete
  29. දුක තමයි පද වලට පෙරලුනේ...
    ස්තුතියි කල්හාර...පැසසුමට.

    ReplyDelete
  30. මම සෑහෙන පරක්කුයි නේ, මම අදහස් කළේ බැහල ගිය හඳට වඩා ලස්සන හඳක් පායන්න කියල ඔයාගෙ ලෝකෙට... ඔයාගෙ දුක අඩුවෙලා යන්න ඕනෙ නිසා...

    ReplyDelete
  31. මට ඔයා කියපු දේ තේරුනා ...චේජනා.
    ඒත්..මේ ටී.බී. කියපු කතාවක් හන්දයි..මට පැටලුනේ.
    දැන් ඒ ගැටලුව විසදගෙනයි ඉන්නේ..

    ReplyDelete
  32. ගනන් ගන්න එපා බන්... ඕවට දුක්‍ වෙන එක තේරුමක් නෑ කියල මම දැනගත්තෙ පරක්කු වෙලා... උඹ එච්චර පරක්කු වෙන එකක් නෑ කියල හිතනව...

    ReplyDelete
  33. ඇත්ත..
    මම එයාට හැමදාටම ආදරෙයි.
    ඒත් මම හිත හදා ගන්නවා..කොහොම හරි.

    සතුටුයි..මචං..අස්වැසුමට.

    ReplyDelete