Wednesday, May 11, 2011

නැගණියේ....ඔබට සුභ මංගලම්....



ලස්සන දවසක පින්බර උදයක

පියාසලා දෙව් අගනක් අහසින්

සප්ත වර්ණ දේදුන්නක නැගිලා

අනන්තයට යනදා...නිම්නැති ආදරේ සොයලා...

-----------------------------------------------------------------------------

අසෙනිය මල් වැසි ඇද වැටිලා - සුදු පාවඩ සැදුවා

විසුරුණ සුභ පැතුමන් ගලපා - මංගල ගී ගැයුවා

සුපිපුණු නෙක මල් පෙති ගානේ - ආදර වදන් ලියා

රන් සමනලියක්.. මලක් වගේ - අද දීගෙක යනවා.....

-----------------------------------------------------------------------------

සුර අගනක්.. සුර කුමරෙකු අතගෙන ..පෝරු මස්තකයේ හිදින වෙලේ

බලන්න ආසයි ගිලිහෙන හසරැලි ..ආදරයෙන් රතු උන මුහුනේ

මාපිය සෙනෙහස උණු කදුලක් වී.. ගලා ගියත් සමු දෙන මොහොතේ

ඔබයි දූ කුමරි එදා වගේ අදත්.. හැමදාමත් ඒ හද මඩලේ.....

-----------------------------------------------------------------------------

ලගින් හිටිය හැම දුරක තියා - මංගල ගමනක ඈ යනවා

රැකවරණය ආදරය පිරී ගිය - අලුත් හිතක හිමිකම ලැබිලා

තෙරුවන් සරණින් දෙවි රැක වරණින් - පැතූ හැම පැතුම් ඉටූ වීලා

ඔය සුදු පාටැති පුංචි පැටව් ලැබ - යුග දිවි සතුටෙන් ඉතිරේවා.....

-----------------------------------------------------------------------------

හමු වී වෙන් වී මතකෙන් ගිලිහෙන - දහසක් හිත මිතුරන් මැද්දේ

දෑතේ දසගිලි වලටත් අඩුවෙන් - ඔබ මා හමු වීලා ඇත්තේ

මනාලියක වූ ඔය රුව දැකුමට - එනමුදු මා පිං කර ඇත්තේ

මහමෙරටත් වැඩි මගෙ සුභ පැතුමන් - මේ කවි තුල සැග වී ඇත්තේ...

18 comments:

  1. හරිම ලස්සනයි..... සහෝදර සෙනෙහසින් පිරුණ මේ වගේ ආශිර්වාදයක් ලබන්න ඈ සැබෑම වාසනාවන්තයි.......

    ReplyDelete
  2. කොච්චර වාසනාවන්ත නoගෙක්ද අපූරුයි පද පෙළ

    ReplyDelete
  3. "අහිමි උනත් ඔබ ළඳේ මට අඬන්න අවසර නෑ..."

    ReplyDelete
  4. හරිම වාසනාවන්ත නැඟණියක්.සුභම සුභ මංගලම් ඒ නoඟට

    ReplyDelete
  5. ටී.බී-
    බොහෝම ස්තූතියි..වෙසක් සුභ පැතුමට..

    අයේෂා-
    ඇත්තමයි...ඇය හුගක් වාසනාවන්තයි.
    ස්තූතියි සුභ පැතුමට..අයේෂා.

    ReplyDelete
  6. දිල්-
    මුලින්ම ස්තූතියි දිල්..නැවත මගේ අඩවියටත් පැමිණියාට.
    ඇය තමයි පවුලේ එකම දියණිය...ඇය සැබෑවටම වාසනාවන්තයි.

    ReplyDelete
  7. ටී.බී-
    ස්තුතියි..සහෝ..හැමදාමත් මගේ දුක සැප බලන්න එනවට.

    ReplyDelete
  8. අපූරුවට පද වැල් ටික ගලපලා තියනවා .........

    ReplyDelete
  9. මගේ අඩවියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා....කල්හාර.
    ඒ වගේම ස්තූතියි...පැසසුමට.

    ReplyDelete
  10. හරියටම අවුරුද්දකට පස්සෙ ඔයා ඇවිත්...ඒත් වින්දනීය වෙනස ආපහු ලියවෙන බව මම දැක්කෙ දැන්...අලුතෙන්ම ලස්සන පදවැල් තුනක්ම...

    ReplyDelete
  11. ඔව්..චේජනා..හුග කාලෙකට පස්සේ මම ආපහු ආවා.
    ස්තූතියි..ඉස්සර වගේම සහෝදරත්වයෙන් මාව පිලිගත්තට...ඒ වගේම මාව අමතක නොකලාට.

    ReplyDelete
  12. කොහේද ඇත්තට ගිහින් හිටියේ . .
    අර ටී බී කිව්ව වගේ
    අහිමු වුනත් ඔබ ලඳේ . .. . කියලා තමයි මටත් හිතුනේ
    ඊට වඩා හොඳයි කියලා
    කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා . .
    කියලා . .
    නිසඳැස ලස්සනයි . . . පොඩි දුකකුත් තැවරිලා තියෙනවා වගේ

    ReplyDelete
  13. ලස්සනට පද ගලපලා ඒ පද පේලි වලට ආදරය ඔබ්බවලා ඊට පස්සේ ඒ ටික බ්ලොග් එකට යතුරු ලියනය කරලා. හරිම ලස්ස්නයි.

    ගොඩක් කට්ටියගේ ජීවිතයේ ලස්සනම දවස තමයි ඒ දෙන්නා විවාහ වෙන දවස. දෙතුන් පාරක්ම කියෙව්වා මේ කවි පද ටික. ඇත්තටම ඒ තරම්ම ලස්සන කවි ටිකක්.

    ReplyDelete
  14. හිමි වීම් අහිමි වීම් හමුවේ ජීවත් වෙන්න පුරුදු වෙන්න උනා.
    ඒ කාලය තුල මට බ්ලොග් අවකාශය ටිකකට මග හැරුනා...දුකා.
    ස්තුතියි..නැවත මාව මතක් උනාට..ඒ වගේට පදවැල අගය කිරිම ගැනත්.

    ReplyDelete
  15. එහෙම තමයි අප්පා වෙන්න ඕන . .

    ReplyDelete
  16. මධුරංග-
    ලියන්න ගත්ත වෙලේ අදහස් ගලා ආවේ මටත් නොදැනීමයි.
    පද වැල් ගලපන්න තමයි ටික වෙලාවක් හරි ගියේ.
    මටත් ඕන උනේ දැනෙන පදවැලක් ලියන්නයි..මගේ හැගීම්නුත් ඔබ්බවලා

    හැම පැත්නේම ලැබුන ප්‍රතිචාර වලින් හිතෙනවා ඒ උත්සාහය සාර්ථකයි කියලා.

    ස්තුතියි...හදවතින්ම දීපු දිරි ගැන්වීමට.

    ReplyDelete
  17. දුකා-
    කොයි තරම් අමාරු උනත් ...මම දැන් ඒක බොහෝ දුරට අවබෝධ කරගෙන ඉන්නේ ...දුකා.

    ReplyDelete