Monday, April 4, 2011

තාම ආදරෙයි........



සුලග සේ පාවී යා වූ - සමනල් පාරාදීසයේ

එක පාරට හද සැලුනා - ඒ නිමේශයේ

දෙනෙත් සර විහිදා - මැවෙන සිනහා බලා

ලබා ගන්නට බැරි රුවක් ලග - ‍හිත ම නතර උනා

-------------------------------------------------------------

හැමදාම හමු වෙන්න තිබුනා නම්

සිය දහස් වාරයක් - දැක ගන්න පිං ඇත්නම්

සසර පුරුද්දට උන්නා වාගෙම

ඔය හිතේ මට ඉන්න දෙනවා නම්

--------------------------------------------------------------

දුටුව දින හිත සැලී නොගියා නම්

සිනා වැස්සට තෙමී නොගියා නම්

අහම්බෙන් වත් හමුනොවී ඔබ

ඒ සැදෑ කල ඔහේ ගෙවුනා නම්

11 comments:

  1. ස්තූතියි...අයේෂා..ඔයා මගේ ඉසව්වට පැමිණියාට.

    ReplyDelete
  2. "එදා සෙනෙහෙන් නොබැඳුනා නම්, මෙදා වියොවක් නෑ..."

    ReplyDelete
  3. ඇත්ත..ඒත් එදා එහෙම නොවී ඉන්න බැරි උනා.
    ස්තූතියි...සහෝදරයා මගේ අඩවියටත් ඇවිත් ගියා ට.

    ReplyDelete
  4. "සදාකාලික නොවූ ලෝකේ - සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා - ගෙවූ කාලය සිහිනයක්"

    සෑම එක්වීමක් ම වෙන්වීමකින් කෙලවර වෙනව. ඒක දවසකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දකින්, ජීවිත කාලයකින්... ඕනෙම වෙලාවක වෙන්න පුලුවන්.
    ඉතින් මේ කාටත් පොදු ධර්මතාව අවබෝධකරගත්ත නම් වෙන්වීම ගැන නව මානයක් ඔබට පෙනේවි...

    ReplyDelete
  5. අපි බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙනවනම් ජීවිතය කොයි තරම් සුන්දර වෙයි කියලද අපි හිතන්නේ . . ඒත් අහිමි වීමේත් සුන්දරත්වයක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද ?? අහිමි වුනු නිසානේ කම්පා වෙන්නේ . . කවි ලියන්නේ . . හිමි වුනානම් ටික කලෙකින් එපා වෙන්නත් ඉඩ තිබුනා නේද . . එහෙම හිතුවාම අහිමි වීමත් එක්තරා හොඳක් . .

    ReplyDelete
  6. බැදීම් කියලා කියන්නේ ගොඩක් දුක හිතෙන දෙයක්. අපි බැදීම් ඇති කරගන්න ආසයි. නමුත් ඒ බැදීම් කඩිලා යනකොට ඒ දුක දරාගන්න බෑ. එහෙම වෙන බව දැන දැනත් අපි බැදීම් වලම ඇලිලා ඉන්නවා.

    එහෙම වෙන්න එපැයි. අපි රහත් වෙලා යෑ. අපි පෘතග්ජන මිනිස්සු නේ.

    බැදීම් නැතුව ජීවත් වෙන්න හිතන්නවත් අමාරුයි. ලස්ස්නයි කවි සංකල්පනාව

    ReplyDelete
  7. දුකා-
    ඇත්ත...සමහර වෙලාවට අපි පෙරුම් පුරලා පුරලා ලබා ගත්ත දේවල් ටික කලකදි අපටම එපා වෙලා යනවා. එහෙම බැලුවාම අහිමි වීම් සැමදාටම ආදරෙන් අපේ මතකය පුරා හිදීවි.
    -අහිම් වන සියල්ල සුන්දරයි- කියලා කොතැනකදි හරි කවුරු හරි ලියලා තියෙනවා මාත් දැකලා තියෙනවා.

    මටත් ඒක ඇත්තමයි කියලා හැම තිස්සෙම හිතෙනවා..සමහර අවස්ථා වලදි.

    ReplyDelete
  8. මධුරංග-

    ඔයා සාදරෙන් පිලිගන්නවා..මගේ අඩවියට.

    බැදීම් නැතුව ඉන්න පුලුවන් නම් ‍මොන තරම් හොදද.
    ඒත් බෑ නේද...
    අපි වැඩිපුරම ලුහුබැදන් යන්නේ නොලැබෙන දේ පස්සෙන්මයි.

    පැසසුමට හුගක් ස්තූතියි.

    ReplyDelete
  9. ඇයි අපි අපේ ආදරේ දාලා ගියාම දුක් වෙන්නෙ .....

    අපිට ආදරේ ලැබුනත් නොලැබුනත් ඇයි ඇයි මුකුත් හිතන්නෙ නැතුව, දුක් වෙන්නෙ නැතුව අපේ ආදරේ සදාකාලික දෙයක් විදියට තියා ගන්න බැරි .....

    ReplyDelete
  10. ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ.
    මට හිතෙනවා එහෙම වෙන්නේ අපි පෘතග්ජන මිනිස්සු හන්දා වෙන්න ඇති කියලා...කල්හාර.

    දුක ඇතත් නැතත්...ආදරය නම් සදාකාලිකම..තමයි..යාලුවා.

    ReplyDelete