Thursday, April 1, 2010

නුඹ.......නොදුටු ප්‍රාර්ථනා




ඈත ඉඳන් බලන් ඉඳියි
ඒ උනාට මං ගාවට ඇදී එන්නෙ නෑ
මෑත බලා සිනහ වේවි
ඒ හිනාව කවදාවත් නොදැක ඉන්න බෑ

කතා සැලෙන මුවඟ පුරා
සිර වූවට නුඹ ගාවදි
මගේ මල් හිනා....
සිනා සපිරි දෑස නුරා
හංගන්නට නොදෙයි මගේ
සිත පිපෙනා
ආදරයේ සුවඳ මල් කතා......

මඟ බැලුවට නෙතඟ පුරා
දොඩමළු නැති නුඹ ගැන
මම කරන කල්පනා.....
වද දෙනවා මහද පුරා
සිත පුරාම ගුලි වී ඇති
නුඹේ නමට මං පුරනා
සෙනේහයේ නොදුටු ප්‍රාර්ථනා......

26 comments:

  1. අවසානයේ දුක විතරද ඉතුරු වෙන්නේ? තව කොච්චර කල් බලන් ඉන්නද? නිල් අහස හැමදාම තියේවි මතක තියාගන්න ඒ නිල් අහසේ තරු නිවී ගියාට ආයෙත් දවසක ඒ තරු පායන බව....
    කවිය අනර්ඝයි

    ReplyDelete
  2. කලෙකට පස්සේ හිතට වැදුනු නිර්මණයක්

    "ඒ හිනාව කවදාවත් නොදැක ඉන්න බෑ" හිත් ගත් කොටස

    ReplyDelete
  3. යෞවනයේ සුන්දරත්වය පවතින්නෙ ආදරය තුළයි. ආදරයේ සුන්දරත්වයට බලාපොරොත්තුව,දුක, විරහව සියල්ල ඇතුළත් කරන්න පුඵවන්.
    ඔයාගේ නිර්මාණ තුල තියෙන්නෙ බලාපොරොත්තුවේ දැක්මයි. බලාපොරොත්තුවේ කාලය ගන්ධබ්බ අවදියක් වගේ. එතැනයි උල්පත පවතින්නෙ. ජය!

    ReplyDelete
  4. ලස්සන රිද්මයක් තියන හිතට වදින පද ‍පෙළක් මචන්.
    උඹේ ආදර කතාව දිග ඇරෙන දිහා අපිත් ආදරයෙන් බලාගෙන ඉන්නවා.
    ඔහොම යන්. උඹට ජය.

    ReplyDelete
  5. ඇගේ නමට නුඹ පුරනා
    ස්නේහයේ නුදු‍ටු ප්‍රාර්ථනා..

    ලස්සනයි

    ReplyDelete
  6. ලස්සනයි ලං වෙලා බ්ලොග් එකෙ ඇඩ්‍රස් එක දිපන්.... වැඩෙ ගොඩ..

    ReplyDelete
  7. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය/-
    ඉවසන්නම වෙනවා..යාලුවා.
    සාගරයක් වගේ තියෙන අහසට..එක තරුවක් උනත් මොන තරම් වටිනවද.
    හැමදාම එනවට..ස්තුතියි..ඔයාට.

    වැප්/-
    ඔබේ ආගමනය මට ලොතු සතුටක්.
    ස්තුතියි..ඔයාටත්...කරපු දිරි දිමට.

    Outsider/-
    හරියටම හරි.මම පහු කරන්නේ ගන්ධබ්බ අවදියක්.
    හරියටම කිව්වොත් ..හීනයක් වගේ.
    ආදරයේ බලාපොරොත්තුවෙන් ඒක ලස්සන වෙලා.

    නිල් අහසට පායපු ..ඔයාවත් ආදරයෙන් පිලිගන්නවා.
    පවතින්නෙ. ජය!

    Raven/-
    මං දන්නවා මචං..මටත් වඩා ආසාවෙන් උඹලා ඉන්න බව.
    මට ඒක හයියක්.

    චේජනා/-
    ලස්සන සිහින ලෝකෙක තමයි..මේ දවස් වල ඉන්නේ..චෙජනා.
    හිහ් ... හී.

    රවා/-
    තාම මට එයාව හරියටම තේරුම් ගන්න බැරුවයි ඉන්නේ.
    නැත්නම් මම ඒ වැඩේ..මෙලහකටත් කරලා..මලයා.

    ReplyDelete
  8. ගලාගෙන යන පද පෙලක්... ලස්සනයි සහෝ....... ඔය ආදරේ කියන්න පරක්කු වෙන්න එපා..... ජය පතනවා හදවතින්ම.....

    ReplyDelete
  9. අපූරුයි හැමදාමත් වගෙ...

    නුඹේ නමට මං පුරනා
    සෙනේහයේ නොදුටු ප්‍රාර්ථනා......

    බලාපොරොත්තුවක් !
    හ්ම් මේ බලාපොරොත්තු තමා අපි ව ජීවත් කරන්නෙ..
    මාත් බලාපොරොත්තු රොද බැඳ ගත්තා..
    සමහර වේලාවට ඒව කඩාගෙන වැටුණා..
    ආයෙම පණ ගහල නැගිට්ටා..
    හරිම සුන්දරයි මේ බලාපොරොත්තුව..
    උඹට ජය පතනවා මචං...

    (උඹ එදා ඇහැව්වනෙ කහ කිරිල්ලි ගැන.. උඹ චංචලා ගැන කියද්දි මාත් හිතුව කහ කිරිල්ලිටත් පියාඹන්න ඉඩ දෙන්න.. මේ සයිබර් අවකාශය පුරාවට...)

    ReplyDelete
  10. සිනා සපිරි දෑස නුරා
    හංගන්නට නොදෙයි මගේ
    සිත පිපෙනා
    ආදරයේ සුවඳ මල් කතා.....

    හපොයි... නුරා කතා.. මම කවදාවත් කියලා නෑ... මම බබා

    /බිඟුවා...!

    ReplyDelete
  11. විශ්මි/-
    බලමුකෝ විශ්මි මොකද වෙන්නේ කියලා. තාම අහන්න බැරි හේතුවක් තියෙනවා.

    sansarasidu/-
    කහ කිරිල්ලි පියාසලනවා බලන්න ආසයි ..මචං.
    ආසාවෙන් ඉන්නවා. ....ඒ ගැන දැන ගන්න.

    බිඟුවා/-
    පිස්සුද..මචං.දැන්ම ඔවා කියන්න ගිහින් ගුටි කන්න වෙයි.
    ඒ හන්දා..මම නං තාම බබා..තමා. හිහ්..හිහ්..හී..

    ReplyDelete
  12. මොකද කාලෙකින් දැක්කෙ නැහැ.. ඇයි වැඩ වැඩිද...කොහෙදිවත් දැක්කෙ නැහැ නෙ මෙ ටිකෙ..

    ReplyDelete
  13. ඒක තමයි මොකද මචං... ගොඩ දවසකින් හාවක් හුවක් නැති හන්දයි මේ බලන්න ආවේ...
    උඹ නිවාඩුවට ගමේ වත් ගිහිල්ලද?

    ReplyDelete
  14. රවාට / sansarasidu ට /-

    කියලා වැඩක් නෑ.
    පහුගිය දවස් වල කිසිම විවේකයක් නැතුව ගියා ..මචං.
    මගේ පුංචි බිස්නස් එක වෙන තැනකට shift කරා.
    ඉතිං මචං කෝටියක් වැඩ තිබුනා.
    අඩුම ගානේ mails වත් බලන්න උනේ නෑ.

    අද තමයි අලුත් තැන open කලේ.
    ඒ හන්දා අද තමයි පොඩි රිලැක්ස් එකක් ලැබුනේ.

    ස්තුතියි...මචං, මම ගැන හොයලා බැලුවට.
    ඇත්තටම, මට ගොඩක් සතුටුයි ඒ ගැන.

    ReplyDelete
  15. මචං...
    ලැබුවා වූ නව වසර....
    උඹේ ව්‍යාපාර කටයුතු සරර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වන...
    එසේම උඹ ප්‍රාර්ථනා කරන විදිහටම චංචලාගේ සැබෑ ආදරය හිමිවන...
    සාමය, සතුට සපිරි සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  16. නිල් අහස, සුබ අලුත් අවුරුද්දක් වේවා..සියලුම පැතුම් ඉ‍ටුවන..

    ReplyDelete
  17. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා මචන් උඹට සහ පවුලේ සැමට.
    බලාපොරොත්තු සඵල වල, ව්‍යාපාර වැඩකටයුතු සාර්ථක වන වසරක්ම වේවා!

    ReplyDelete
  18. sansarasidu ට/ චේජනා ට/ Raven ට/-

    ඉතිං යාළුවනේ, ඔයාලගේ අලුත් අවුරුදු සුභ පැතුම් වලට මුලින්ම ස්තූතියි.

    2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. සැමගේ සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා..

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete
  19. ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා

    ReplyDelete
  20. ආදරේ සොදුරැම වේදනාව විරහව කියනවානේ.උත්සාහ කරන්න ලාබ ගනන් හැකි වේවි

    ReplyDelete
  21. ස්තූතියි කාංචනා....
    නිල් අහසට ආදරෙන් පිලිගන්නවා.

    ඔවි....විරහවත්....ආදරණීයයි.

    හැම දේම, මම ලඟදිම ලියන්නම්

    ReplyDelete
  22. ෂෙ..... පට්ටයි හොඳේ. තනුවකුත් වැටිලා ලස්සන හඬකින් ගැයුනානම් මල් හතට තියෙයි.

    ReplyDelete
  23. හරිම ලස්සනයි..

    ReplyDelete
  24. අනුරාධ /-
    මේ මගේ ආදරය අනුරාධ. ගී දහසක් ලියන්න පුලුවන් මට...ඒ ගැන.
    මේ ඉසව්වට ...ආගන්තුක ඔයා, සාදරයෙන් පිලිගන්නවා.

    හැම දේටම ස්තූතියි.....

    Ansh Lucky Sri Jay /-
    හුඟ කාලෙකින් නේද...Ansh.
    සතුටුයි පැමිණීම ගැන.

    මේ ලස්සන මගේ නෙවෙයි....චංචලාගේ.

    ReplyDelete
  25. " ඈත ඉඳන් බලන් ඉඳියි
    ඒ උනාට මං ගාවට ඇදී එන්නෙ නෑ "

    අපිට නොතේරුන ඇත්ත මේක

    ReplyDelete
  26. සුදු මහත්තය ට/-

    මටත් නොතේරුනාම නෙවෙයි.
    මගේ හිතේ පිරුණ ආදරයම, යථාර්තයෙන් මාව මුදවලා තිබුනා...මිත්‍රයා.

    ස්තූතියි..ආවට.
    හැමදාම පුලුවන් නම් ඇවිත් යන්න එන්න.

    ReplyDelete