Friday, March 19, 2010

සඳ.......... අයිති උනත්...අහසට



ඔය විදියට බලන්නෙපා - මට දරන්න බෑ

නෙතු සඟලේ ඔය කතාව

මට තේරෙන් නෑ...

මා ගාවින් හිඳින්නෙපා - ම‍ට අවනත නෑ

අකිකරු කතා හැමදා

ඉවරයකුත් නෑ...


ඉස්සර විදිහට උන්නා නම්

ඔබ මා අඳුනන් නෑ තාමත්...

මගතොට රැකවල් දා රහසෙන්

ඔබ පසු පස යනවා තාමත්...


උදේ දකින රුව හවසත් හෙව්වා

අතොරක් නැති මහ සෙනඟ මැදින්...

නාඳුනනා එක දසුනක් වෙනුවෙන්

පුදුමයි මම දුක් වින්ද තරම්...


මතකය අමතක වූවා නම්

ඔබත් තව කෙනෙක් විතරක්මයි...

පෙර භවයක මට අමතක වී ගිය

රුවක් ඔබ ලඟක තිබුනාමයි....


අයිති වුනත් සඳ කලුවර අහසට

දුරැර උනේ පොලොවේ අඳුරයි.....

අයිතිය නොදන්න ඔය නෙතු සඟලින්

එළිය කලෙ මගේ පාලු හිතයි.....

13 comments:

  1. හිමිවීම් අහිමිවීම් උරුමයි ජීවත් වෙද්දි.... ලස්සනයි ...

    ReplyDelete
  2. ලස්සනයි මචන්.
    බලන් ඉඳිමු නේද සඳ කවදාක හරි පොලොවට වඩීවි..

    ReplyDelete
  3. සමහරවිට ඔය හඳ තවමත් පෙරුම් පුරනවා ඇති...ඔයාගෙ හද විමානෙට පායන්න.....පෙරුම් පුරලා ලබා ගන්න දේවල් කොහොමත් සුන්දරයිනෙ.....

    ඔය නෙතු සගලින්
    ඔහුගේ ලොව එළිය කල සඳවත
    නොයිද තව දුර
    නොරිදවා ඔහු සිත
    පායාපන්.......
    ඔහු සිත් අහසට....

    ReplyDelete
  4. පරක්කු වෙන්න එපා කොලුවො..ලඟට යමන්... ඇස් දෙක දිහැ බලන් කෙලින්ම අහපන්... කියපන් උඹ කොච්චර දුක් වින්දද කියලා... .. හදවතෙ අවංක කම, සෙනහස පිරිලා නම් වැඩෙ හරියයි...හැබැයි වෙලාවත් තියන්න ඔනා.... මම හිතන් ඉන්න දෙ හරිද...?

    ReplyDelete
  5. හරිම ලස්සන්යි.
    අමම් දෙපාරක් කියෙව්වා..
    ලස්සනට වැඩි වෙන්නේ ඒකේ තියෙන සලර අකුරු හින්දා කියලා මට හිතෙනවා..

    /බිඟුවා...!

    ReplyDelete
  6. නිල් අහස,
    අපූරුයි... කියන්න වචන නැති තරම් අපූරුයි !!
    ඔය සරල වචන වලින් නැගෙන ගීතවත් බව නිසාම පද පෙළට අමුතු සුන්දරත්වයක් එක් වෙලා... හරියට නිල් අහස වගේමයි...

    කවිත් ලියන අතරෙ චංචලාට මොකද වුණෙ කියලත් අපට කියන්න...

    ReplyDelete
  7. නිල් අහස.. හරිම ලස්සනයි අද පද පෙළ නම්.. ආස හිතුනා

    ReplyDelete
  8. විශ්මි/-
    හිමි උනොත් හොඳයි..අහිමි උනත්..මම මේ ජීවිතයට ආදරෙයි..විශ්මි.

    Raven/-
    විශ්මිත් එක්ක මේ පැත්තට ඇවිත්, හිතට දිරි දෙනවට thanks මචං.
    නිල් අහසම තමයි, රෑට කලුපාටට පේන්නේ.
    ඒ අහසේ..සඳ හැමදාම..පායාවි..
    මහපොලොව අමතක නොකර..එලිය දිදි.

    දිල්/-
    මගේ හැඟිම්..ඔයාට හොඳට දැනෙනවා නේද...
    Waiting List ඉන්න එක මොන තරම් අමාරුද.
    බලාගෙනම ඉන්න වෙනවා..දිල්.

    රවා/-
    ඔය කියන තරම් ලේසි නෑ..රවා මේක. හදිස්සි වෙලා, නැති උනොත් කියලා මට බයයි.
    අනිවාර්යෙන්ම අහනවා.
    ඒත්...මේක නෙමෙයි..තාම වෙලාව.

    බිඟු/-
    මම කොහොමත් සරලයි, සැහැල්ලුයි.
    කවිත්..ඒ වගේම වෙන්නැති.
    ආදරේ තරම හිතා ගන්න පුලුවන් නේද ..උඹට.
    Thanks..මචං සේරටම.

    Sansarasidu/-
    මාව බලන්න...එනවා නේද හැම‍දාම.
    චංචලාට ලියවෙන කවි, ඔයාලත් ආසාවෙන් රසවිදිනවා දැක්කම..මගේ සතුටටත් වචන නෑ..මිත්‍රයා.

    ඉක්මනින්ම..ලියන්නම්..හොඳද..චංචලා ගැන.

    චෙජනා/-
    ස්තූතියි, චෙජනා...
    මේ දවස් වල, මම ලියන්න දන්නේ ආදරය ගැන විතරයි.

    ReplyDelete
  9. මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

    අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
    ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
    හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
    මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
    http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

    ReplyDelete
  10. ලස්සනයි බන් . ගිය නිවාඩුවේදී සචී මට තෑගි කරපු සුනේත්‍රා රාජකරුනායකගේ "පූර්ව ජන්ම අපූර්වය" පොත මතක් වුනා. හරිම අපූරුයි මචං . . . !

    ReplyDelete
  11. හෘදයාංගම අගය කිරිමට ස්තූතියි ...මචං.
    ආ....සචීවත් ආදරෙන් මතක් කලා කියන්න.

    ReplyDelete
  12. පහු වෙලා හරි ඔයාගේ බ්ලොග් එකට එන පාර හොයාගත්තා...
    වේලාවක ඔක්කොම ටික කියවනවා. මේ කවිය නම් දුක හිතෙනවා ජීවිතය කඩාගෙන වැටෙනවා වගේ...

    ReplyDelete
  13. ඔයාගේ පැමිණීම මට ගොඩක් වටිනවා.
    පහුවුන එක නෙවෙයි වැදගත්....කොහොම හරි ආපු එකයි.

    ආදරයෙන් පිළිගන්නවා..නිල් අහසට.

    ReplyDelete