Friday, March 12, 2010

දෙනෙත් පුරාවට..මග බැලුවත්............


අඳුර අරා සඳ විමනට වඩිනා - සරා සඳ අද නෑ

දෙනෙත් පුරා නෙත් අංජන මවනා - සොඳුරු රුව අද නෑ......

ළඟට වෙලා මට රස කර කියනා - කතා සරයත් නෑ

දෙනෙත් පුරාවට මං මඟ බැලුවට - ඔබ අද ආවෙත් නෑ.......


නෙතේ පැතුම ඔය රුවම වෙලා - ඔබම සොයනවා නම්

කියා ගන්න බැරි පැතුම් වැලක් ලඟ - මුව ගොළු වෙනවා නම්.....

නුදුටුව මොහොතෙදි හිතට මේතරම් - දුකක් දැනෙවා නම්

හිතාගන්න බැරි මේ අරුමය ළඟ - තවත් අසරණයි මං.........


අද රෑ මගේ දුක, මේ විදියට කවියකට නැගුනා. හේතුව තමයි පසුගිය දින කීපයේ වගේම.. තවත් දින ගානක් ,ඇය මා නෙත් මානයට නො එන බව.....අද දැන ගන්නට ලැබීම.

'' චංචලා ලෙඩ වෙලා "

එහෙමයි එයාගෙ යාළුවා -නදී- මට කිව්වේ.

"ඇයි චංචලා විතරක්... මාත් හොඳටම ලෙඩ වෙලයි ඉන්නෙ"

ඇත්තටම...මට එහෙම කියන්න හිතුනා. ... නදීට. චංචලා හින්දා මගේ හිත ලෙඩවෙලා තියෙන තරම්...නදීට කොහොම කියන්නද?

''ඇයි නදී............. චංචලාට මොනවා වෙලාද.. පහුගිය දවස් ටිකේම, මට ඔයාලව හමුවුනේ නෑ නේ..."‍

වෙනසක් නොපෙන්වා ඉන්න, අසාර්ථක උත්සාහයක යෙදෙමින්.... මම ඇහුවා..

''උණ හැදිලා... දවස් 3 ක් Hospital තියන් ඉඳලා.. ඊයෙ තමයි ගෙදර ගෙනාවේ. අපි, ඊයේ හවස බලන්න ගියා. දැන්නම් ටිකක් හොඳයි.. Train එකේ යාළුවො සේරම මතක් කරන්න කිව්වා. ලබන සඳුදා ඉඳන් වැඩට ඒවි. චංචලා නැති හින්දා..මාත් පහුගිය දවස් ටිකේ ගියේ බස් ‍එකේ..... ඒකයි ඔයාව හමු උනේ නැත්තේ‍ "

නදී කියාගෙන ගියා.

අනේ දෙයියනේ...Hospital නවත්තන්න තරම්, චංචලාට අමාරු වුනේ ඇයි?. හැදිලා තියෙන්නේ,මේ දවස් වල තියෙන වෛරස් උණ ද දන්නෙත් නෑ......මටත් යන්න ඇත්නම් එයාව බලන්න. ඒත් කොහොම යන්නද? අඩු තරමෙ, තාම...... අපි අතරෙ හොඳ යාළු කමක්වත් නැතුව.

පව්.......කෙල්ල ගැන මට දුකයි, ගොඩක්.

" එහෙම තමයිනෙ හොඳ යාළුවො උනාම...ඉන්න ඕන. සැපේදි වගේම, දුකේදිත් ලඟ ඉන්න ඕන... හොයල බලන්න ඕන"

මුකුත් නොකියා හිටියොත්, නදී මොනවත් හිතයි කියල, හිතුන හින්ද ..මම එහෙම කිවුවත්, මගේ ඇස් වලට පවා කඳුළු ඇවිත් තිබුනා. මං ජනේලෙන් ඈත බලාගත්තෙ .. ඒව කාටවත් නොපෙනෙන්න. ‍

මෙච්චර දවසක් ආරංචියක් නැතුව...පිස්සු හැදිල වගේ මම හිටියෙ. අඩුගානෙ දැන් ඒකට හේතුව හරි දැනගත්තනේ. තව දවස් ගානක් නොදැක ඉන්න උනත්, එයා කරදරයක් නැතුව ඉන්නව කියල , දැනගත්ත එකම මොනතරම් දෙයක් ද? එහෙම හිතලවත් හිත හදාගන්න....මම උත්සාහ කලා.

මම... චංචලාව අඳුර ගත්ත දවසෙ ඉඳලා, කොහොම හරි , එයා යන වෙලාවටම... Train එකට ගියා. වාඩි වෙන්න පුළුවන් උනත් හිටගෙන ගියේ, එයා නගිනකොට, වාඩි වෙන්න සීට් නැති හන්දා. ඉතිං.....මම වාඩි වෙලා හිටියොත්, හිනාවෙනව ඇරුනහම...... මට, එයා එක්ක කතා කරන්නවත් Chance එකක් නැතුව යනවනේ. ඒ හන්දා මම කරන්නෙ... ‍ Train එක අද්දන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ... නගින එක. එතකොට සීට් ඔක්කොම පිරිල ඉවරයි.

සමහර දවසට මෙහමත් කරනවා ..මම නගින වෙලාවට හිස් සීට් තිබුනොත්, වාඩි නොවී බෑනේ. එතකොට වාඩි වෙනවා. චංචලා නගින තැනට, මෙහා ස්‍ටේෂන් එකේදි විතර නැගිටලා, වෙන පෙට්ටියකට යනවා. එයාලා නගින්න කිට්ටු වෙද්දි, ආයෙම පුරුදු තැනටම එනවා. එතකොට බඩු හරි. සීට් එක වෙන පොරක් අරගෙන. මට ඉතින් කියන්න වදන් නෑ....අල්ලලා ඉඹගෙන යන්න හිතෙනවා අරූව...... මට මේ කරපු උදව්වට.

අන්න එහෙම.......වාඩි උන සීට් එක, වෙන කෙනෙකුට පුදල තමයි, චංචලත් එක්ක කතා කරන්න ,සෙට් වෙන්නෙ. හුඟ වෙලාවට කතා කරන්නෙ මම. එයා හිනා වෙනව විතරයි. අපි කතා කලේ.. ජොබ් එක... පාසල් කාලය..ගැන...........එතකොට...........ගෙදර විස්තර..වගේ ඒවා. ඊට එහාට දෙයක් අහන්න, උවමනාව තිබුනත්.. ඒ වගේ දෙයක්, දැන්ම අහන්න මම බය උනා. ඉක්මන් නොවී, ඒකටත් අවස්ථාවක් එනකම් ඉන්න, මම හිත හදාගෙන ඉවරයි. අනික...අඩුවෙන් කතා කරන හින්දා ද මන්දා, මට තාම එයාව, හරියට තේරම් ගන්නත් බෑ. ඔන්න ඔය කතා අතරෙදි තමයි, මම දැනගත්තේ...... එයා උදේට යන්නේ බස් එකේ කියලා. එදා ඉඳන් මමත් ලස්සන වැඩක් කලා. (ඒක, දැනගත්තම නම් කියන්න එපා........ ඒක ලස්සන වෙන්නේ කොහොමද යකෝ... අමු ගොන් වැඩක් නේ.......තෝ කරලා තියෙන්නෙ කියලා.) ( මේ ගැන ඊළඟ post එකේ දි කියන්නම්)

නදී ...............'' බහිනවා ".................. කියනකොට තමයි මම පියවි සිහියට ආවේ.

ගුඩ් නයිට් ... නදී......... Take Care"


මාත් ඉස්සරහ Station එකේ බහින හින්දා.. නැගිට්ටා.

" අනේ දෙවියනේ.....මගේ චංචලාව...... ඉක්මනට සනීප කරල දෙන්න...."

තරු පිරුණු....කරුවල, අහස දිහා බලාගෙන......කෝච්චියේ දොර ලඟ ඉඳන්, මම ප්‍රාර්ථනා කලා.

(මගේ චංචලා, කියා කියන්න, මට....තාම අවසර නැති උනත්.......... මට එහෙම කියවුනා)


ඇසිපිය හෙලනා හැම වාරේ - පිණි බිඳු විසිරෙනවා වාගේ

මදහස උතුරන මුව කමලේ - මල්පෙති පිබිදෙනවා වාගේ...........

රූසිරි වෑහෙන වන තුරුලේ - අමා සුවය රැදිලා වාගේ

සුවය සදන සුදු පිහාටුවේ - මගෙ හිත දැවටෙනවා රහසේ............


- මේ ආදරය.............මගේ හිත සසල කරන තරමක් -

16 comments:

  1. මචන්,
    මම මේක දිගටම කියවනවා. ලස්සනයි කියලා කමෙන්ට් කරන්න බැහැ මේක උඹේ ජීවිතයට සම්බන්ධ සටහනක් නිසා.
    දිගටම ලියමු යාලුවා.

    ReplyDelete
  2. මේ ආදරේ නෑත්තම් වෙන මොනාද ? අපි ආදරේ කරන කෙනා අපිට ආදරේ දුන්නේ නෑතත්, එයාගෙ පොඩි දුකකදි උනත් අපි මොනතරමක් කලබල වෙනවද ? .....

    ගේම අත අරින්න එපා....මොනදේ උනත් පස්සෙන්ම ඉන්න..කෙල්ලෙක් ආදරේ මනින ගොඩාක් දේ තියෙනවා....ඒල මම අද්දේකීමෙන් කියන්නේ...කෙල්ලෙක්ට ආදරේ තවත් එක දෙයක් නෙමේ...මුළු ජීවිතයම..ඒක නිසා හරිම කෙනා තෝරගන්න හුගාක් දේ බලනවා......

    ඉවසපන් පපුව කියලා ඉවසන් ඉන්න..නාර මම එක දවසක් කිව්ව වගේ කට්ට කාල ගන්න දේවල වටිනාකම වෑඩී.....

    ඔහොම යන්........

    ReplyDelete
  3. යන් යන්.. ඔහොම යන්

    ReplyDelete
  4. හැබැයි සමහර කෙල්ලන්ට ආදරේ කියන්නෙ තවත් එක දෙයක් විතරයි

    ReplyDelete
  5. Raven/-
    දිගටම ලියනවා Raven මොන විදියෙ පිළිතුරත් ලැබුනත්. පුළුවන් තරම් උත්සාහ කරනවා බැරි උනොත් ....

    දිල්/-
    තමන්ගේ පැත්තෙන් විතරක්, ආදරය දුන්නු ඔයා වගේ, තව කෙනෙක් මට නම් තවම හමුවෙලා නෑ... මට පුදුම ඔයා කොහොමද මේ තරම් කාලක්, නොසෙල්වී එක විදියට ආදරේ කරන්නෙ කියලා. මට හිතෙනවා අනාගතයේ දී මටත් ඔයාගෙන් උපදෙස් ටිකක් ඕන වෙයි කියලා.

    දෙනවා නේද.. සපෝට් එකක්.

    උත්සාහය නම් අතාරින්නේ නෑ දිල්. ඒත් කවුද දන්නෙ, මොනවයින් මොනව වේවිද කියලා. මේක මගේ සිතේ ඇතිවුනු ආදරණීය හැඟීමක්. එයාගෙ හිත ගැන මම මොනවත්ම දන්නෙ නෑ. එහෙම බැලුවොත්, තාම... මාත් කරන්නේ ඒක පාර්ශවික ආදරයක් වගේ නේද..

    රවා/-

    මේ ආදර චාරිකාවට, වචනයකින් හරි දෙන සහයෝගය මට කෝටියක් වටිනවා.. මලයා.

    Anonymous/-

    ඔව්.. ඒක දෙපැත්තටම පොදු දෙයක් නේ යාළුවා. ස්තූතියි දිරියක් වෙන්න ආවට.

    ReplyDelete
  6. ජීවිතේ කවියක්
    ආදරය එහි සොඳුරුතම වදනක්...

    ReplyDelete
  7. මගේ කවිය...දැන්..ආදරයම විතරයි..චේජනා.

    ReplyDelete
  8. මං නම් මේ ඉසවිවට අළුත්.. කතාබහට අවසරයි !
    චංචලට මොකද වුණේ බලගෙන අපිත් ඉන්න බව අමතක කරන්න එපා.
    පිළිගන්නව බෝට්ටුවට ...

    ReplyDelete
  9. මේ අඩවියත් පස්සේ වෙලවක බලන්නම්. මම බුක් මාර්ක් කර ගත්තා. වෙලාව හරිම අඩුයි මේ දිනවල.

    ReplyDelete
  10. sansarasidu/-

    නිල් අහසට, ආදරයෙන් පිළිගන්නවා...
    චංචලාට මොනවා වෙයිද කියලා බලාගෙන ඉන්න අය අතරට ඔයත් එකතු වීම ...සතුටක්.

    ස්තුතියි...බෝට්ටුවට, නග්ග ගත්තට..යාලුවා.


    මනුසත්/-

    අවිවේකි දිවියේ, මොහොතකට හෝ ඉඩක් වෙන් කරගෙන, මෙහාට ආවට..ස්තුතියි.. මනුසත්.
    ඒවගේම බුක් මාර්ක් එකක් දා ගත්තටත්.
    වැඩ ටික හොඳින් කර ගන්න.

    ReplyDelete
  11. ලියාගෙන යමු සහෝ..... මමත් බලන් ඉන්නව

    ReplyDelete
  12. විශ්මිත්..ඇවිත්.
    ස්තූතියි..ඔයාටත්, හයියක් වෙන්න ආවට.

    ReplyDelete
  13. මේ ඒක නෙමෙයි නිල්, මාත් ඔය ගොන් වැඩේ ඒ කිව්වේ ඔය සීට් එක වෙන කෙනෙකුට පුද කරලා හිටගෙන ගිහින් තියෙනවා.
    හැබැයො බස් එකේ. උදේට එයා නගින්නේ මට කලින් බස් එකට. ඉතින් මම කරන්නේ මගේ පොත් ට්ක දෙන ඒක තමා.
    බහින්න කිට්ටු උනාම පොත් අමතක උනා වගේ බහිනවා. එයා දන්නවා ඒ මගේ පොත් කියන්න. ඒක හින්දා බැහැලා මට දීලා යනවා.
    එක දවසක් එයා ඉස්කෝලේ ගාවින් බහින්නේ නැතුව කෙලිම්ම ගියානේ ටවුමට. මට බඩු උනා. හැබැයි එයා මාව හොයලා පොත් දෙන්න.
    මගේ පොරකමට එයා දිහා බලලා නෑ. දන්නවනේ කොලු වැඩ. හික්ස්....

    ඕනේ නම් කියපන්. මම දෙන්නම් තව කුප්පි ටිකක්, වැඩේ කෙල වෙලාම යන්න.

    අහ්... කොහොමද එයා වෙන පිරිමි කෙනෙක් එක්ක හිනා උනොත් එහෙම. කතා කලොත්.
    පපුව හිර වෙනවා වගේ නේද?


    /බිඟුවා...!

    ReplyDelete
  14. බිඟු/-

    ඒ කියන්නෙ, මං තාම මේ කරන්නෙ, ඉස්කෝලෙ යන කොල්ලො කරන වැඩ නේද?... මොනා කරන්න ද බං. කෙරෙනව නම්, දණගාල හරි සෙට් කරගන්න තමයි Try කරන්නෙ..

    Love එකකට, අපි විඳින දුක, කෙල්ලො දන්නෙ නෑ මචං.

    මගේ පිස්සුවම, උඹටත් තිබුන බව දැනගත්තම, මාර ජොලියක් ගියේ.

    වැඩේ කෙල‍ වෙන්න නෙමෙයි... කෙස් ගහට හරියන්න, කුප්පි ටිකක් තියෙනව නම් දීපන්.

    කියල වැඩක් නෑ. ඒ වෙලාවට දැනෙන දුකට කියන්න වදන් නෑ මචං. සල්fපියුරික් ටිකක් බීලා මැරෙන්න හිතෙනවා. හිහ්... හිහ්... හිහ්....

    ReplyDelete
  15. ඔව්වා ඔහොම තමයි.
    දැම්ම දෙන්න බෑ කුප්පි ටික.
    පොඩ්ඩක් උඹ උඹේම ට්‍රික්ස් දාපන්..
    වැඩේ එතකොට තමා 200% ආතල්.
    එකක් කියන්නම්.
    උඹේ හිත කියනවානම් අද තමා දවස කියලා....
    මොකා කිව්වත් එපා කියලා කරපන් හිත කියන දේ...
    මොකද උඹේ හිත තරම් උඹ ගැන දන්න එකෙන් නෑ වෙන

    /බිඟුවා...!

    ReplyDelete
  16. ඔව් මචං ‍දන්න සෙල්ලං සේරම එක පාරට දාන්න හොඳ නෑනේ.
    තෝරලා..බේරලා..තමයි. අවස්ථාවේ හැටියට එලිදක්වන්නේ.
    තාම එහෙම දෙයක් දාන්න තරම්..සුභ වෙලාවක් නෙවෙයි.
    නියම වෙලාවට අනිවාර්යෙන්ම word එක දානවා.

    මොකද උනේ කියලා...තොරතුරු ලද විගස කියන්නම්කෝ.

    ReplyDelete