Tuesday, March 9, 2010

සිතුවම..නුඹයි...


මගේ නව කතාවට.. ලියන්න තරම්, හරිහමන් දෙයක්, තාම සිදු වුනේ නැති සොවින්, අනිත් අයගෙ බ්ලොග් වලට කමෙන්ට්ස් දාන එක තමයි, පහුගිය දවස් ටිකේම කලේ.

ඇත්තටම.. මේ බ්ලොග් මිතුරු,මිතුරියන්, හදුනා ගන්නට ලැබීම... මොන තරම් වාසනාවක් ද?

දුක, සතුට, අත් දැකීම් , දේශපාලන, පරිගණක, කාලීන සිදුවීම්, ජීවිත කතා, ආදරය, විරහව..... යන විවිධ තේමා රැගත්.. සටහන් මත, දෙනෙත් දිව යන තුරාවට, පාලුවට හෝ තනිකමට .. සිතට ඇතුලු වීමට ඉඩක් කොයින් ද? නෙතින් නොදකින රුවක් හා බැදුනු සිත් කියවමින්, අප ලබන්නේ මොනතරම් ආශ්වාදයක් ද? හැම දිනකම හැකි තරම් කමෙන්ට්ස් දමමින්, මේ..හිත් තුල රැඳී හිදින්නට තරම්, ලෝබකමකින් අප හිත් බැඳි ඇත.

පසුගිය දින කිහිපය පුරාවට, චංචලා නොදැකීමෙන්..හිතට දැනුනු වේදනාව පහ කලේ..මේ මිතුරු ඉසව්වයි. නමුදු, නෙතු .......දිවා-රෑ, ඇය සොයමින් වෙහෙසේ. එවන් වූ මොහොතක, චංචලා දුටු මුල් කාලයේ, ඇය වෙනුවෙන්, දින පොතෙහි පිටු අතර.....මා, කුරුටු ගෑ පද පෙලක්, ඔබ සැම දෙනෙතහි ද ගැටෙන්නට.... දෙන්න ඕන කියලා මට හිතුනා...

බලන්නකො කියවලා කොහොමද කියලා...........


නුදුටුව සිනහ රැල්ලෙ පිපුනු හිනාව

නො ඇසුනු කතා බහේ රැදුනු ලතාව‍

සැඟවුනු දෙනෙත් පුරා - හීන් සරින් ඇදෙන නුරාව

මට විතරක් ඇයි මෙතරම් - හිත සසලව කරන විඩාව......


පන්සල පුරා පිරෙන - සිල් සුව්ඳක - සුවඳ ගෙනාව

පුදසුන බවුන් වඩා - මල් අතුරා - දැහැන් ගත කල

මල් සුවඳින් දැහැන් මුදා - මසිත පුබුදන

පින්සර බණ පදයක - අරුත නුඹයි ...ආදරය දෙන.......


මං ලඟ නැති විටදි - මටත් හෝරා - හිතට දුව එන

දුටු විට අහක බලා - මට රිදවා - හිතට වද දෙන

හංගා ගන්න නොහැකි - හැඟුම් වැලක මහද රඳවන

සිතුවම නුඹයි මගේ - දෙනෙත් පුරා - සතුට ගෙන දෙන...


15 comments:

  1. හරිම ආදරණිය පද ටිකක්...

    ආදරේ හිතට දැනුනම අපේ සිතිවිලි පවා වෙනස් වෙනවා..රළු හදවතක් තියෙන කෙනෙක් උනත් මුදු වෙනවා...මේක තමා ආදරය අපේ හිත්වල කරන මැජික් එක....

    මේ සිතිවිලි අපිට හංගන්න බෑ...ඇස්වලින් පවා එළියට එනවා...මූනේ ඇදෙනවා ( බොරුනම් කණ්නාඩියෙන් බලා එන්න ) හිත හිරිවට්ටනවා..අනිත් අයටත් අපේ වෙනස පේන්න ගන්නවා

    තනිවෙන හැම වෙලේම හිත ඇතුලෙ ඉදන් අපිව හිනස්සනවා...ඇස් වලට කදුළු ගේනවා....

    හැම තිස්සෙම දකින්න බැරි උනත් හිතේ ඇදිලම තියෙනවා.....

    කොයිතරම් අපූරුද ?

    චංචලා දවස ඔයාගෙ ආදරේ තේරුම් ගනීවි......ඔය තනිවෙච්ච හිත ආදරෙන් පුරවාවී...බලා ඉන්න...බලා ඉදන් ලැබෙන ආදරය හරිම සුන්දරයි....

    ReplyDelete
  2. "සිතුවම නුඹයි මගේ - දෙනෙත් පුරා - සතුට ගෙන දෙන..."

    සුන්දර පද පෙළක් යාලුවා. ඔබේ ආදරයේ සාර්ථකත්වය උදෙසා මම හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
  3. සාමජිකත්වය ලබා ගන්න
    ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/

    ReplyDelete
  4. පින්සර බණ පදයක- අරුත නුඹයි ආදරය දෙන..
    චංචලා වෙනුවෙන් ලියවුනු ඒ කවි පද ලස්සනයි..

    ReplyDelete
  5. මේක නම් ගීයකට අපූරු පද පෙලක්. . .
    හැබැයි තුට්ටු දෙකේ ගයකයෙක් ට නීම්යි . . .
    කිත්සිරි ජයසේකර වගේ ගැඹුරු හඩක් තියෙන කෙනෙකුට නම් අපූරුවට ගැලපෙයි . . .

    නියමයි . . ජය . . !

    ReplyDelete
  6. මං ලඟ නැති විටදි මටත් හොරා හිතට දුව එන
    දුටු විට අහක බලා මට රිදවා හිතට වද දෙන....

    ආදරේ... හරිම ලස්සන දෙයක්... අපිට නැතිව බැරි දෙයක් උනත්.... ඒත් ආදරේ හරි ගනන් යාළුවා....

    හරි අපූරුයි....

    ReplyDelete
  7. දිල්/-

    ආදරය තරම් සුන්දර දෙයක්..නෑ නේද තවත්.

    මම කැමතියි, තව කෙනෙකුට ගෙඩක් ආදරය දෙන්න. දීලා..එයා සතුටු වෙන විදිය බලන්න.
    ම‍ට, කොච්චර ආදරෙයිද කියලා, බලන්නේ නැතුව..පණ ඇරගෙන..ආදරය කරන්නයි .. මට ඕන.

    ඒත්..මට මෙහෙමත් හිතෙනවා...
    හුඟ වෙලාවට, අපි ආදරය කරන දේවල් අයිති වෙන්නේ..අනුන්ට එහෙමත් නැත්නම්, අපි ආදරය කරන්න හදන්නේ..අනුන්ට අයිති..දේවල් වලට,කියලා.

    එහෙමයි කියලා..ටිකක් ආදරය කරන්න මට තේරෙන්නේ නෑ..දිල්.
    ඇත්ත...මම වාසනාවන්ත නම්..චංචලාගේ ආදරය මට ලැබේවි.

    මුලින්ම..ගොඩවැදිලා...ලස්සන අදහසකින් හිත පිරෙව්වට..ස්තුතියි,
    ඔයාට...දිල්. ‍


    Raven/-

    මාත් එක්ක හැමදාම ඉන්නවට ස්තූතියි.. Raven,
    ඔය කමෙන්ට් වලින් මට ලැබෙන දිරිය ... ගැන අමුණන්න වචන නෑ.
    මගේ සාර්ථකත්වය පිටුපස සිටින ශක්තිය ඔයාල තමයි.

    SSC NETWORK/-

    හොයාගෙන ආවට...සතුටුයි ඔයා ගැන.
    මම අදම ‍JOIN වෙන්නම්... දීපු හැම ඉඟියක් වෙනුවෙන්ම මගේ ස්තූතිය... ඔයාට.

    වේජනා/-

    අද නේද?.. මුලින්ම මගේ නවාතැනට ආවෙ...
    මට සතුටුයි ඒ ගැන... ගොඩක්.
    දවසක මට, චංචලාට ඔයාලා ගැන කියන්න පුළුවන් උනොත්... කොච්චර හොඳද?...

    දුකා/-

    දුකා.. ඔයාට තියෙන්නෙ පුදුම හැකියාවක්.
    ඇත්තටම මම එදා ඕක ලිව්වෙ, ගීතයකට ලියන පද රචනාවක් විදියටයි..
    මම හිතුවා, පුළුවන් උනොත් කවද හරි මේක, ගා‍යකයෙක් අතට පත්කරනවා කියලා...

    තව කෙනෙකුගෙ හිතක්, මේ විදියට තේරුම් ගන්න.. හැමෝටම බැහැ.

    හැමදාම දිරි දෙන්න එනවට... ස්තූතිය යාළුවා..

    Anonymous/-

    ආදරේ ගනන් වෙන තරමට මම කැමතියි..
    පෙරුම් පුරලා... කටු කාලා.. බලන් ඉඳලා ඉඳලා.. ගන්න ආදරේ මොනතරම් සුන්දරයි ද?...
    අපූරු අදහසකින්, මගේ පද පෙළ, ලස්සන කරාට ඔයාටත් ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  8. දැන් ඉතින් හිනියට තනුවක් හදලා මික්ස් කරලා එලියට දාන්න තියන්නෙ... හදවත ඇතුලෙ සංගිතය තිබුනොත් ඔන්න උනු උනු කැවුම් වගෙ විකිනෙයි... මොකද කියන්නෙ නිල් අහස වැඩෙ කරමුද මම ත් හොද බිස්නස් පාට්නර් කෙනෙක් තමයි.. මම අත ගාහපු ඔක්කොම බිස්බස් වැඩ ගොඩ දැම්මා පාඩුවක් නැතුව....

    ReplyDelete
  9. මම අදයි මේ පැත්තේ ආවේ හරිම අපූරු පද පෙළක් හැමොටම කොච්චර නම් ආදරය වටිනවද?

    ReplyDelete
  10. රවා/-

    මෙහෙමයි..රවා..සිංදු වලට කියලා, හදපු පද රචනා..ටිකක් මා ගාව තියෙනවා. මන්දා..ඒවා, හැම එකක්ම..ගී පද රචනා වලට ගැලපෙයිද කියන්න.
    සේරම ලියලා ඇත්තේ..ආදරය හා විරහව ගැන තමයි.

    මං දන්නවා..ඔයා වැඩ කාරයා කියලා. ඒ හන්දා මමත් රෙඩි.
    කියන්න මලයා..මොකක්ද මම කරන්න ඕන කියලා.

    ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය/-

    බොහෝම ස්තුතියි...යාලුවා..මුලින්ම.................මාවත් හොයාගෙන ආවට..ඒ වගේම, පද පෙල අගය කිරිම ගැන.

    අපි ඉපදුන දා ඉඳන්..හැමදාම ආදරය කරනවා..ආදරය හොයනවා.
    අපට මේකෙන් මිදෙන්න බෑ නේද..

    ReplyDelete
  11. හරිම ලස්සනයි. ජීවිතය විදින කෙනකුට පමණක් පහළ වෙන සිතුවිලි.

    ReplyDelete
  12. අනාගතයේදී අපට හැඟීම් දනවන ගීත ටිකක් ලැබෙයි වගේ. (හැබැයි හොඳ ගායකයන් සහ සංගීතයකට හැර ‍මේවා දෙන්න එපා)

    ReplyDelete
  13. අයියෝ.. මට එහෙම ලොකු හැකියාවක් නෑ..රන්දිල්.
    හැගීමක් හිතට දැනුනම අකුරු කරනවා විතරයි.
    ගීතයයි..කවියයි..අකර වෙනසක් තියෙනවානේ.
    තාම මම ඒක හොයනවා.

    ඔව්..හොඳ ගායකයෙක්ට දෙන්නයි..මාත් බලන්නේ.

    ඇවිල්ලා මාව දිරිමත් කලාට...ස්තූකියි..රන්දිල්.

    ReplyDelete
  14. හරි.
    සිතුවම ඇඳිලා තියෙන්නේ දැන්.
    දැන් තියෙන්නේ විස්තර කරන වෙලාවයි.

    /බිඟුවා...!

    ReplyDelete
  15. බිඟු/-

    සවිස්තරව කියන්න තව ටික දවසක් දෙන්න.. මචං.

    ReplyDelete