
සුලග සේ පාවී යා වූ - සමනල් පාරාදීසයේ
එක පාරට හද සැලුනා - ඒ නිමේශයේ
දෙනෙත් සර විහිදා - මැවෙන සිනහා බලා
ලබා ගන්නට බැරි රුවක් ලග - හිත ම නතර උනා
-------------------------------------------------------------
හැමදාම හමු වෙන්න තිබුනා නම්
සිය දහස් වාරයක් - දැක ගන්න පිං ඇත්නම්
සසර පුරුද්දට උන්නා වාගෙම
ඔය හිතේ මට ඉන්න දෙනවා නම්
--------------------------------------------------------------
දුටුව දින හිත සැලී නොගියා නම්
සිනා වැස්සට තෙමී නොගියා නම්
අහම්බෙන් වත් හමුනොවී ඔබ
ඒ සැදෑ කල ඔහේ ගෙවුනා නම්