මම කල්පනා කලා, ඉස් ඉස්සෙල්ලම... මගේ හිතේ ආදරයක් කියලා....” හැගිමක් ” ඇති උන දවස...ගැන.
ගැහැනු පිරිමි විශේෂයක් නැතුවනේ... අපේ, ලමා අවධිය ගෙවිලා යන්නේ. සෙල්ලං කලෙත්... රංඩු කලෙත් කිසිම විශේෂත්වයක් නැතුව. සමහර කෙල්ලෝ හරි හරියට කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහන්න ආවා වගේම..අපිත් එයාලා උයන සෙල්ලම් බත් වලට, හට්ටි..මුට්ටි..දරකෑලි ..කෙසෙල් කොල එහෙම ගෙනත් දීලා උදව් පදව් කලා. දග වැඩ කරලා එකට හිනා වුනා වගේම..එක පොදියට බිම පෙරලගෙන ගහලා... අඩලත් තියෙනවනේ. ඇත්තටම.. අපට ඒ කාලේ ගැහැනු ලමයි කියන්නෙත් “තවත් එක්කෙනෙක් ” විතරක්ම වුනා. මම මේ කිව්වේ අපේ බාල කාලේ ගැන.
ඉතිං..යාන්තමට තරුණ වයසට එනකොට….. අපියි එයාලයි අතර පොඩි පොඩි වෙනස් කම් පෙනෙන්න පටන් ගත්තා. මට ඉන්නේ මල්ලිලාම දෙන්නෙක් හින්දා....ඒ වෙනස තේරුම් ගන්න කල් ගියා වැඩිද මන්දා. අපි ටික ටික ලොකු වෙනකොට... අපේ සෙල්ලම් කරන ගැන්සියේ ඉන්න කෙල්ලෝ එකා දෙන්න අඩු වෙන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට… බෙහෙතකට වත්, අපිත් එක්ක අච්චර fit එකේ හිටපු එක කෙල්ලෙක් වත් හොයා ගන්න බැරිව ගියා. කොල්ලෝ වෙච්ච අපිට මේක මාර ප්‍රශ්නයක්. පස්සේ.... අක්කලා නංගිලා ඉන්න ඇයෝ තමයි කෙල්ලන් “අන්තර්ධාන විමට හේතුව” හොයන් ඇවිත් කිව්වේ. උන්ටත්, අම්මලා මුලදි කියලා තියෙන්නේ පට්ට බොරු. ඒත්, අපේ ඈයොන්ගෙන් පුලුවන්ද හැමදාම ඔය වගේ දේවල් හංගන්න.
එච්චරටම යාලුවෝ වෙලා හිටිය සමහර කෙල්ලෝ…. පස්සේ දි මුණට මූණ හමු උනාමත්, යාන්තමට ඔලුව උස්සලා, වචනයක් දෙකක් විතරක් කතා කරලා .. ලැජ්ජාවෙන් හිනා වෙලා යන්න යනවා. ඇත්තමයි .. මට නම් මේ වගේ දේවල් හින්දා.. කෙල්ලෝ එක්ක තද වුන වෙලාවලුත් තිබුනා..ඇයි වදේ මොකද ..මුන්ට මේ වුනේ කියලා...හික්..හික්.
………ඔන්න මම ට්‍රැක් පැන්නා වගේ..........
ඉතිං.....සෙල්ලං කරන්න කෙල්ලොත් නැතුව, කොල්ලෝ සෙට් එක විතරක් ඉන්න කාලේ...අපේ ගෙදරට ආවා....අපේ අම්මට දුරින් නෑ වෙන කට්ටියක්. කට්ටියක් කිව්වට අම්මයි ...දුවයි. ඔහොම කවුරු හරි කෙනෙක් ගෙදරට ආවොත්, අපේ අම්මගේ සිරිත තමයි..ඒ අයගේ ඉස්සරහට අපිවත් ගෙනිහිල්ලා අදුන්නලා දෙන එක. නොතේරුනු කාලේ ඉස්සරහට දුවන් ගියාට...යාන්තමට තරුණ වේගෙන එනකොට...මට නම් පෙන්නන්නම බැරි වැඩේ..ඒක.
එදත් ඒ වැඩේ පුරුදු විදිහටම උනා. අම්මා කතා කලා. මම කලේ මල්ලිලා දෙන්නව පිටත් කරලා, ජනෙල් රෙද්ද මෑත් කරලා…. හොරාට ගේ සාලෙට ඇහැ දාපු එක. මේ වෙනකොට මම හතේ පන්තියේ විතර ඇති.
(ඒ ආවේ අපට දුරින් නැන්දා වෙන කෙනෙකුයි එයාගේ දුවයි. එයාලා අතර කෙරෙන කතා බහ මට පැහැදිලිව ඇහුනේ නෑ.... ඒ මම වෙන සිහියක හිටිය හන්දා වෙන්නැති)
අනේ මන්දා, ඒ ගෑණු ලමයා දැක්කම …මට ඒ වෙලාවේ ආවේ…. මොන වගේ හැගීමක්ද කියලා.
ඉස්සෙල්ලම මට හිතුනේ එයා දිහා තව ටිකක් බලන් ඉන්නයි. මම හොරාට.. හොරාට හුග වෙලාවක් බලන් හිටියා...එයා දිහා.... මට ඇති වෙන්නෙම නෑ.
ඒත්.. මම බය උනා, මේක .....එයා හරි .. අපේ අම්මා හරි දැක්කොත් කියලා. එයා පැත්තට වාඩි වෙලා හිටියත්..අමුතු ලස්සනක් මම ඒ මුහුනේ දැක්කා. “හරිම ලස්සන ඇස් දෙකක්...”
මෙච්චර කෙල්ලන් එක්ක දග දාපු මට … මේ කෙල්ල දැක්කම “මොකද මේ උනේ කියලා” මම තනියම කල්පනා කලා.
අම්මා සාලේ ඉදන් කෑ ගහනවා .... මට “එන්න” කියලා. ඉස්සරහට ගිහින් ඒ මූණ හොදට බලා ගන්න ආස වුනත්...කවදාවත් හිතට නාපු ලැජ්ජාවකින් හිතම පිරිලා තිබුනා.
මම බැලුවා... මගේ වෙනදා තිබුන ගට්ස් වලට මොකද උනේ කියලත්.
මම ආයිත් හොරෙන් එයා දිහා බලන්න හැදුවා විතරයි ....එයා මාව දැක්කා. ඒ විතරක් නෙවි ..මම හීනෙකින් වත් නොසිතුව විදිහට..එයා නැගිටලා හිනා වේගෙන.. මම ඉන්න කාමරේ දිහාට ආවා. මට කරන්න ඕන මොනවද කියලා හිතන්න වත් බැරි වෙන වේගෙන්.... එයා කාමරේට ආවා. මම ටවල් රැක් එකත් පෙරලගෙන අල්මාරිය අස්සේ හැංගෙන්න හැදුවත් ..එතකොට එයා මාව දැකලා ඉවරයි.
හිතන්න...කෙල්ලක් දිහා… හොරෙන් බලන් ඉදලා..ඒ කෙල්ලගේ අතටම අහු වුනායින් පස්සේ...කොල්ලෙක් පත්වෙන තත්වේ. ඒ ගැන ඒ හන්දා ලියන්නෙම නෑ.
--------------------------------------------------------------------------------------------------
මම හිතන්නේ ඒක තමයි මම කෙල්ලේක් දිහා ...මට දැනෙන තරමින්... ආදරෙන් බලපු පලවෙනි බැල්ම වගේම...ආදරයක් ඇතිවුන පලමු දවස.
එත්................................................... ඒක ආදරයක් බවට නම් පත් වුනේ නෑ.
එකක් එතකොට මම වයස දාහතරක පමණ “ පොඩි පහේ කොලු ගැටයෙකු” වීම.
අනික තමයි වඩා වැදගත් දෙය.
ඇය මට වඩා වසර 3කින් පමන වැඩිමල් වීම.
කෙසේ උවත් ටික කලක් යනතුරු අප සහෝදර සහෝදරියන් ලෙස ලියුම් ගනු දෙනු පවා සිදු කර ගත්තා.
.....මට තාම මතකයි ඇගේ නම….-දීප්ති-.....
මගේ දිවියේ පුථම වතාවට, මා සිත ආදර හැගුමකින් සසල කලේ…. ඇගේ සිනහවේ හා දෙනයනේ රැදී දිප්තියම වන්නටද පුලුවන. මෙය නියම ආදරණීය හැගීමම දැයි තවම මා නෙදන්නා අතර...ආදරය කියා යම් දෙයක් ... මමද යන්තමින් හෝ ජිවිතයේ පලමු වරට…. අත්වින්දේ ඇය නිසා බව කියමි.
කොහොමින් කොහොම හරි මටත් ඉතිං .....නොදැන හරි ඉස්සෙල්ලම ආදරයක් හිතිලා තියෙන්නේ -අක්කා කෙනෙක්ට - නේද...
ප.ලි.
මම දන්නවා .. මීට වඩා ආදරණීය වූ …පුථම ආදර හැගීම් ..ඔයාලටත් ඇති.
කවුරු කවුරුත් කෙටියෙන් හරි ඒ ගැන සටහනක් තබලා ගියොත්...මරු නේද...අතීතය රස විදින්නත් එක්කලා.
(පෝසට් එක හිතුවට වඩා දිග උනා...සමා වෙන්ඩ ඕනා....)
This comment has been removed by the author.
ReplyDeleteDelete Comment From: විඳින්න එන්න
ReplyDeleteBlogger මධුරංග said...
පෝස්ට් එක දිග උනාට කමක් නෑ. ලස්සනට ලියලා තියෙන හන්දා. ඇත්තටම මමත් පොඩි කාලේ ගෑනු ළමයි එක්කලා සෙල්ලම් කරලා තියෙනවා. ඉස්සර මගේ වැඩේම සෙල්ලම් බත් උයන එක. අපේ මල්ලියි මමයි තව ගෑනු ළමයි තුන් හතර දෙනෙකුයි.
ඒ උනාට ඒ දවස්වල අපට එච්චර තෙරුමක් නෑ. සෙල්ලම් කරන්න කවුරු හරි හිටියම විතරක් ඇති. පස්සේ පස්සේ ඒ ගෑනු ළමයින්ට අර කියපු දේවල් සිද්ධ වෙච්චි නිසා ආයේ අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවේ නෑ.
මටත් පොඩිම කාලේ ඔය වගේ ආදරනීය හැගීම් පහල වෙලා තිබුනට එච්චර දුරදිග ගියපු ආදර කතා නම් නෑ.ඒ වා ඉතින් හෝමෝනවල වැරැද්ද නේ. ඒකට අපි මොනා කරන්නෙයි.
ඔය වගේ එක පොඩි ආදර කතාවක් මම බ්ලොග් ලිපියකත් ලිව්වා. ඉඩක් තියෙන වෙලාවක මෙතන ක්ලික් කරලා කියවන්න.
මම අදහන දෙයක් තියෙනවා. ඒක තමයි ගෙදරින් ළමයින්ට ආදරය නො අඩුවම ලැබෙනවනම් ඒ ළමයා ආදර සම්බන්දතා පටන් ගන්න උත්සහ කරන්නේ නෑ අවුරුදු 20ක්වත් යනකන්. නමුත් අද නම් ඒ තත්ත්වේ වෙනස් වෙලා තියෙන්නේ. කාලේ හැටි නේ
කාලේ වෙනස් - තාලේ අලුත්.
අක්කලාට ආදරේ කලා කිව්වම තමා මතක් උනේ. මාත් කාලයක් අක්කෙකුට ආදරේ කලා. වැඩේත් එලටම ගියා. ගෙවල් වලිනුත් දැන ගත්තා. ඒත් අවුලක් නේ නෑ.
ReplyDeleteඅප්පට සිරි...මම ඔහොම සීන් කීයක් කියාලා ලියන්නද....දකින හැම එකටම ඔහොමනේ මම
ReplyDeleteමං නම් මුකුත් කියන්නේ නෑ... මොකද මට මගේ අත්දැකීම් ඇත්තෙම නැති නිසා.
ReplyDeleteමාත් කාලයක් අක්කෙකුට ආදරේ කලා.
ReplyDeletemulinma grade 6 iddi tamai girl kenek gana adarayak athi une.namuth eka eyawath danne ne.
ආදරයට සීමා නෑ ළමයෝ!
ReplyDelete"ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්,
ReplyDeleteකරනු බැරි තහනම්..."
මධුරංග-
ReplyDeleteඒක නම් ඇත්ත. අද ඉන්න ළමයින්ට ලව් කරන එක පැෂන් එකක් වෙලානේ.යන්තම් බහ තෝරන කොටම පාර්ට්නර් කෙනෙක් ඕන වෙනවා.
මම ඔයාගේ ඉස්කොලෙදි වෙච්ච පලහිලව්වත් කියෙව්වා.
එක අතකට එහෙමත් නැත්නම් කිසි ගතියක් නෑ නේද..
ගෙදරින් හරි ආදරයක්..සොයා බැල්මක් කරන්න ..අද දෙමව්පියන්ට පුලුවන්ද කියන එක තමයි නේද..ප්‍රශ්නේ.
බලනකොට හැමෝම අක්කලට පෙම් කරලා තියෙන හැඩයි නේද..D
රත්ගමයා-
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ...කට පුරාම ඇත්තම කියලා..හික්..හික්.
prasanna86k-
ReplyDeleteහැබෑවට....ම.
කොහොමද ඕක විශ්වාස කරන්නේ කියලයි ..මම මේ කල්පනා කරන්නේ.
ස්තූතියි..මිත්‍රයා...මගේ ඉසව්වටත් පැමිණියාට.
Anonymous-
ReplyDeleteඒක හරිම සුන්දර කාලයක් නේද..
මම හිතන්නේ වැඩි දෙනෙක් හිතින් විතරක් හරි..අක්කෙකුට ආදරය කරලා තියෙනවා ..කියලා.
කතන්දර-
ReplyDeleteඒක නම් ඇත්ත තමයි කතන්දර ..අයියා.
ඔබ තුමාව සාදර ගෙෘරවයෙන් පිලි ගන්නවා..නිල් අහසට.
ටී.බී.-
ReplyDeleteඅන්න..අන්න..සිංදුවක්ම දාලා..ඒකෙන් ලිසස්ලා ඇරියා ..නේද.
මම ඇවිත් කන මිරිකලා අහ ගන්න කලින්...ඇත්ත.. පලමු පෙම ගැන ලිව්වොත්...යහපති.
මුලින්ම කෙල්ලෙක්ට කියල ආදරෙ කරේ 7වසරෙදි කෙල්ලනම් සෙට් කර ගත්ත.දික්වැල්ල කුමරතුන්ගෙට මයි එයයි දෙන්නම ගියේ.9වසරෙදි මාව මතර රාහුලේට දැම්ම ලවු එකත් ඉවර උනා.දැන් ලස්සන චුටි අහින්සක කෙල්ලෙක් ඉන්නව මගේ ජීවිතේම එයා.ගෙවල්වලින් බාල්දියක් නොවැටුනොත් බවතු සබ්බ මoගලම් තමයි.එහෙනම් අපි කැපුන.ලිපිය එලකිරි යාලුව.
ReplyDeleteමම http://magazinedown.blogspot.com/ admin
Anonymous-
ReplyDeleteඒ කාලේ ලව් කරන එක අද වගේ නෙවෙයි නේද.
මාර අහිංසකයි..ඒ වගේම සුන්දරයි.
හරිම සතුටුයි...හොද පෙම්වතියක් ලැබිලා ඉන්න එක ගැන.
ඉක්මනින්ම..භවතු සබ්බ මංගලම් කියන්න ලැබේවා කියා පතනවා.
ස්තූතියි..යාලුවා..මේ පැත්තට ගොඩ වුනාට.
ආදරේ කියන්නේ ආදරේට. ඒකට වයස උස පාට ජාතිය බලපාන්නේ නෑනේ මචන්.
ReplyDelete"මම ආයිත් හොරෙන් එයා දිහා බලන්න හැදුවා විතරයි ....එයා මාව දැක්කා. ඒ විතරක් නෙවි ..මම හීනෙකින් වත් නොසිතුව විදිහට..එයා නැගිටලා හිනා වේගෙන.. මම ඉන්න කාමරේ දිහාට ආවා. මට කරන්න ඕන මොනවද කියලා හිතන්න වත් බැරි වෙන වේගෙන්.... එයා කාමරේට ආවා. මම ටවල් රැක් එකත් පෙරලගෙන අල්මාරිය අස්සේ හැංගෙන්න හැදුවත් ..එතකොට එයා මාව දැකලා ඉවරයි."
ReplyDeleteඅයියෝ මේ ටික කියවනකොට මට තනියම හිනා. තාමත් හිනා :D.. හරිම රසවත් ලිපියක් නිල් අහස.. ආසාවෙන් කියෙව්වා.. හ්ම්.. මේ වගේ අත්දැකීම් හැබෑට කාටද නැත්තෙ.. :)
මම මේ ලියලා තියෙන්නේ ඇත්තම ඇත්ත කතාව.
ReplyDeleteඑදා ඇතිවුන ඒ ආදර හැගිම ගැන..අදටත් මට ලියන විදිය තේරෙන් නෑ..මුතූ.
නිල් අහසට පායන්න ආවට බොහෝම ස්තූතියි.
මනුසත්-
ReplyDeleteඅනිවා...මචං.
අද එහෙම හිතුනට...එදා..අක්කෙකුට ආදරය කිරීම වැරදි දෙයක් දෝ කියලා බයකුත් මට තිබුනා.
ආදරේ කරනකොට පස් මහ බැලුම් බලන්න ඕන නෑ මළේ . . . දැන් මොකෑ අලුත්ම තත්වේ . .?
ReplyDeleteඒක ඇත්ත.
ReplyDeleteඑදා තමයි මගේ තරුණ හිතට ආදරණීය හැගීමක් දැනුන පලවෙනි දවස.
හිත හදා ගන්න full game එකක් දෙනවා දුකා අයියා.
ඒත් මතකය මට සැරින් සැරේ ලොකුවට අරියාදු කරනවා.
මට පොඩි කාලෙ හිටිය යාළුවො ගැණු ළමයි... කෙලි යාළුවො 10ක් හිටියනම් කොල්ලො 2ක් විතර තමයි... ෆුල් ෆන් එකේ හිටිය... ඒකට දැන්, කෙල්ලෙක් ළගින් ගියත් සතියක් අපලයි.. ;)
ReplyDeleteදැන් පොඩි වුන් සෙල්ලම් ගෙවල් දාන්න දන්නවද දන්නෙත් නෑ..
අපූරු ආදර කතාව
ReplyDeleteඅපරාදේ වැඩිමල් උනේ ........
ReplyDeleteවෙලාව තමා ......
මගේත ආදර කතාව මම බ්ලොග් එකේ ලියන්න පටන් ගත්තා තාම ලියලා නම් ඉවර නැහැ .....
http://pansalhandiya.blogspot.com/2011/04/blog-post.html
හැබැයි මළයො උඹට වඩා ඒ අතින් මමනම් පසුගාමීයි. මොකද 7 වසරෙදි වගේ මට කෙල්ලො ගැණ දැණුනෙ නොදන්න සත්තු ජාතියක් විදියට විතරයි. හත අට වසර වලදි කෙල්ලො ගැන උනන්දු වුණ යාඵ කොල්ලො ගැන හිතුණෙ කොලු තාත්තල වෙන්න හදනව කියල.ඊට ටිකක් ලොකු වෙද්දි මාවත් කරකවල අතහැරිය මානසිකත්වයකට එක කෙල්ලෙක් ඇදල දාද්දී මගේ සම්භාව්‍ය මූලධර්ම මටම පෑගිලා ගියා. ඒත් කවදාවත් එයා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න තරම් ළංවෙන්න මම බයවුණා. හිතෙන් විතරක් ආදරය කලා. පස්සෙ මටත් තේරුණා අර උඩිව් ඉන්න අය කිව්ව වගේ ආදරයට සීමාවන් නෑ කියල පහු කාලෙ.
ReplyDeleteසාතන්-
ReplyDeleteඇයි බං දැන් කෙල්ලෝ ඇලජික්ද..හිකිස්.
අයේෂා-
ReplyDeleteඅපූරු..නැද්ද...firts love නේ.
කල්හාර-
ReplyDeleteඔව් . ඒක එහෙම නොවුනා නම්..ඒක මගේ First & Last Love එක වෙන්න තිබුනා. ඒතරම්ම මම එයාට කැමැත්තෙන් හිටියේ.
Outsider-
ReplyDeleteආදරේදි පසුගාමි වෙනවා ඇත්තේ ලැජ්ජාවට වෙන්න ඕන.
ඒත් හැමදාම එහෙම ඉන්න බැරි විදිහට කෙල්ලෝ අපේ හිතට එනවා...අපට හිතා ගන්න වත් බැරි විදිහට.
ආදරේට සීමා මායිම් කොයින්ද ..නේද.
ආදරයට ඕන ආදරයම විතරයි.
අනේ මන්ද......ආදරේට සිමා මායිම් කොහෙද කියල කොමෙන්ට් කරපු කිහිප දෙනෙක්ම කියල තිබුන...මටත් කියන්න වෙන්නේ එකම තමා
ReplyDeleteඉතිං..ඇයි අනේ මන්දා...කියන්නේ.
ReplyDeleteඔයා කියලා තියෙන්නේ ඇත්තනේ.