Monday, March 21, 2011

සුදු ම සුදු සමනලි


සිතට සතුටක් මවන දසුනක

රුවක් අරගෙන ඔබ ඇවිත්

නෙත ම කළඔනවා.......

වරම් නැති බව හිතෙන පැතුමක

අකීකරු හිත දැවටෙමින්

ඔබ ම අයදිනවා.......

-----------------------------------------------

පාවෙනා සුදු වලා අහුරක

ඔබව සතපා

උණුසුමක් වෙන්නට හිතයි........

රෝස පැහැවන් දෙතොල් අද්දර

හාදු වපුරා

ආදරය දෙන්නට හිතයි.........

-------------------------------------------------

වෑහෙනා හසරැල් විලේ

දෑස් නොපියා

බලන් ඉන්නෙමි හරි හැඩයි.........

කියා ගන්නට බැරිව ලතවෙන

ආදරේ

කව් සිලුමිණක් පබදින හැඩයි...........