සිතට සතුටක් මවන දසුනක
රුවක් අරගෙන ඔබ ඇවිත්
නෙත ම කළඔනවා.......
වරම් නැති බව හිතෙන පැතුමක
අකීකරු හිත දැවටෙමින්
ඔබ ම අයදිනවා.......
-----------------------------------------------
පාවෙනා සුදු වලා අහුරක
ඔබව සතපා
උණුසුමක් වෙන්නට හිතයි........
රෝස පැහැවන් දෙතොල් අද්දර
හාදු වපුරා
ආදරය දෙන්නට හිතයි.........
-------------------------------------------------
වෑහෙනා හසරැල් විලේ
දෑස් නොපියා
බලන් ඉන්නෙමි හරි හැඩයි.........
කියා ගන්නට බැරිව ලතවෙන
ආදරේ
කව් සිලුමිණක් පබදින හැඩයි...........
කියා ගන්න බැරි ආදරේ.........
ReplyDeleteඔව්..සමහර විට කවදාවත්..ම මට කියා දෙන්න බැරි වේවි.
ReplyDeleteහිතක් ඇතුලේ මොනතරම් නම් දේවල් කියා ගන්න බැරුව හිර වෙලා තියෙනවද. දවසක් ඒ දේවල් ලෝකයටම නැති උනත් අදාල කෙනෙක් ලග කියලා දාන්න තියෙනවනම්..... අපට කොච්චර සැහැල්ලුවක් දැනෙයි ද !!!!!
ReplyDeleteඔව් මචං.....
ReplyDeleteඇස් දෙකේ විතරක් නෙවි...වචන වලත් ආදරේ පුරව ගෙන ඒ දේවල් මම කියන්න හිතන් හිටියත්.....?????????
අනේ මන්දා....
ලස්සනට ගලපලා ලියපු පද පේලි ටිකක් .........
ReplyDelete