මම දන්න අයියා කෙනෙක්ගේ, වයිෆ්ට නොසිතු ලෙස, මුහුන දෙන්න වෙලා තිබුනු අකරතැබ්බයක්....මේක. ඒ කතාව, එයාලට වගේම… මටත්…ඒ වගේම, මේ වගේ දේවල් ගැන නොදන්න, තව කාට හෝ ප්‍රයෝජනයක් වේවි, කියා හිතුන නිසා...පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවා.
හැබැයි..මේක වෙලා නම් ටික දවසක්. මගේ ප්‍රශ්නත් එක්ක ..දාන්න ටිකක් ප්‍රමාද වුනා.
ඒ අයියගේ අක්කා, නිතරම ගැස්ට්‍රයිටිස් හන්දා… වේදනා විදින කෙනෙක්. ඕක ඉතිං කොහොමටත් නිට්ටාවටම, හොද කරන්න බෑනේ. නිවැරදි ආහාර පිලිවෙත් අනුගමනය කිරීමෙන් පමනක්, පාලනය කර ගන්න..පුලුවන් අසනිපයක්ලු නේ.
ඒ කියන්නේ...
· නියම්ත වෙලාවට ආහාර ගැනීම.
· ගොඩක් සැර හා තෙල් අධික ආහාර අඩුවෙන් කෑමට ගැනීම.
· හැකි තරම් වතුර පානය කිරිම.
..............වැනි පිලිවෙත් අනුගමනය කිරීම.
කොච්චර අගුන බව දැන ගත්තත් කවුද අඹ උයලා කන්න අකමැති.
පහුගිය පොසොන් දවසේ...මේ අක්කත්, අයියා එක්ක දන්සැල් වැදලා. ඒ කෑමට අඹත් තිබිලා.
ඒ වෙලාවට ලෙඩ අමතකයි නේ. හොදට දන්සැල් වැදලා ගෙදර ඇවිත්... නිදියගෙන.
ඊලග දවසේ උදේ වෙනකොට, අක්කට ටිකට් එක ඇදිලා. එයාට අමාරු වැඩි හන්දා අයියා එයාව පුද්ගලික රෝහලක, ඕ.පී.ඩී. ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් ගෙනාවා. මොකද ...පොසොන් පෝය දවස්වල, හුගක් විශේෂඥ ඩොක්ටර්ස්ලා, නිවාඩු අරගෙන තිබුන නිසා. ඒ බෙහෙත් බිලා ටික වෙලාවකට පස්සේ, බඩ දැවිල්ල අඩු වුනත්, එයාට තදට හිස රිදෙන්න අරගෙන.
ඇගට පණ නැති හන්දා දවසෙම ඉදලා තියෙන්නේ ඇදේ.
ඊලග දවස වෙනකොට, ටිකක් විතර ඒ අමාරුව අඩු වෙලා.ඒ හන්දා අක්කා දවල්ට කෑම ටිකක් කාලා…. නාලා තියෙනවා.
ඊට පැයකට විතර පස්සේ, අක්කා අයියට කියලා තියෙනවා, එයාගේ බෙල්ල හරියෙන් තද වෙනවා, වගේ කියලා. ඒ වගේම… එයා කටේ එක පැත්තක් තද කරගෙන කතා කරන බවත්, අයියට තේරිලා තියෙනවා. ඒ අතරෙදි කට පොඩ්ඩක් පැත්තට යනවත් අයියා දැකලා.
අක්කත්.. පොඩි ලමයෙක් නෙවි නේ. මේ රෝග ලක්ෂන, මොන ලෙඩකට සම්බන්ධ ඒවාද කියලා දන්න හින්දා… එයා හොදටම බය වෙලා අඩන්න අරගෙන. අයියත් නොපෙන්නුවට එයත් හොදටම බය වෙලා. එයා ඉක්මනටම, අක්කව ගාල්ලේ මහමොදර රෝහලේ ඕ.පී.ඩී. එකට ගෙනිහින්. ඒ යනකොට, එයා … මතක ඇතුව එදා ….ඩොක්ටර් දිපු බෙහෙතුත් අරගෙන ගිහින්. බොන්න දියර බෙහෙතකුයි, එක පෙති වර්ගෙකුයි තමයි ඒ අතරේ තිබිලා තියෙන්නේ.
මුලින්ම අක්කගේ හැසිරීම ගැන ඩොක්ටර් බය වුනත්, අර දිපු බෙහෙත් පෙත්තේ නම දැකපු හැටියේ… කිව්වලු..බය වෙන්න එපා ...මේ දිපු පෙත්තට ඔය විදිහට "ඇබ්නොමල් මූ මන්ට්ස් " එන්න පුලුවන් කියලා. ඒ බෙහෙත, වහාම නතර කරන්නත් කියලා. අර ඇබ්නොමල් තත්වය මග හැරෙන්න කියලා වෙන පෙත්තක්, දිලා තිබුනා. පැය 5ක්..6ක් යද්දි ඔය ත්තවය අඩුවෙයි කියලත් කියලා.
ඔන්න… ඊට පස්සේ තමයි අයියගේ ඇගට ලේ ටිකක්, උනලා තියෙන්නේ.
ගෙදර ඇවිත් බෙහෙත් ගත්ත හැටියේ, ඒ ගති ටිකක් අඩුවෙලා. ඒත්.. අයියා, අක්කා ලගටම වෙලා, එයාව හොදින් නිරීත්ෂණය කරමින් ඉදලා තියෙන්නේ.
විනාඩි 15කට විතර පස්සේ, අයියා දැකලා තියෙනවා, අක්කගේ කට.. ආයෙමත් පොඩ්ඩක් පැත්තට යනවා. එයාගේ මුණ අල්ලලා බැලුවාම, හරිම තද ගතියක් අතට දැනිලා. අක්කාට කතා කරන්න කියලා කිව්වත්, එයා කතා කරන්නේ නෑලු බයටම. බොහෝම අමාරුවෙන් කතා තරන්න පොලඹවා ගත්තමලු දැනුනේ, කට හඩත් වෙනස් වෙලා කියලා. තොල් දෙකම… එයාට නොදැනිම, පිට අතට පෙරලිලා. කට ඇරියම දිවත් පැත්තට ගිහින්. අක්කා බයට, අත් දෙකෙන්ම කට වහ ගෙන..අමාරුවෙන් අඩන්න අරගෙන.
අයියා කියනවා එයා ජිවිතේ කවදාවත්ම ඒ වගේ දෙයක් දැකලා තිබුනේ නෑ කියලා.
ඒ හන්දා එයා බය වුනාලු පුදුම විදිහට.
හැබැයි… මේ තත්වේ, දිගටම තියෙන් නෑලු. එහෙම ටික වෙලාවක් තිබිලා, නැති වෙනවලු. ආයෙම ටික වෙලාවකින්, ඒ විදිහටම වෙනවලු.
අයියාට තේරිලා, බලන් ඉදලා හරියන් නැති බව. අක්කව එක්ක ගෙන ගිහින්, කරාපිටිය රෝහලට නතර වෙන්නම බලාගෙන. ඒ හිතුවා වගේම, එයාව.. රෝහලේ නතර කරගෙන. එහෙනුත් කියලා තියෙන්නේ, බය වෙන්න එපා..අර බෙහෙතට තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මහමෝදරින් දිපු බෙහෙත් පෙත්තක්ම, ආපහු දීලා. ඒ බෙහෙත ලේ වලට මිශ්‍ර වෙන්න ටික වෙලාවක් යනවා..ඊට පස්සේ ඔය තත්වේ මග හැරෙනවා කියලා.
ඊට පස්සේ, අර ලක්ෂණ, අඩු වෙවී… වැඩි වෙවී තිබිලා, රෑ 8ට විතර වෙනකොට සම්ර්‍පූර්ණයෙන්ම හොද වෙලා තියෙනවා. ඕක පටන් අරන් තිබුනේ දවල් 1.15ට විතර.
ඊට පස්සේ එයාලා ටිකට් කපන් ඇවිත්.
හැබැයි… රෝහලෙන් කියලා තියෙනවා, බෙහෙත් ගන්න යන සෑම විටකම..අර දිපු බෙහෙත හන්දා, තමන්ට සිදුවු කරදරය, අදාල වෛද්‍යවරුන්ට කියන්න කියලා..
ඒ බෙහෙත සාමාන්‍යයෙන් දෙන්නේ වමනය නතර කිරීමට හා කිරි දෙන මව්වරුන්ට, කිරි එරීමටලු.
මේ අක්කා බැදලා තාම මාස 5යි. බඩ දැවිල්ල ඇරුනාම එයාට වමනය තිබිලත් නෑ.
ඉතිං....හැමෝටම ප්‍රශ්නේ… ඇයි …. අර පුද්ගලික රෝහලේ ඩොක්ටර්, ඒ වගේ බෙහෙතක් දුන්නේ කියලා.
අඩුම ගානේ ඒ ඩොක්ටර්ට කියන්න තිබුනා, මේ පෙත්තට, සමහරුන්ට… මේ වගේ තත්ව එනවා ..ඒ හන්දා කල්පනාවෙන් ඉන්න...එතකොට, වහාම ඒ බෙහෙත නතර කරන්න කියලවත්. ඒ මොනවත්ම නොකියනේ මේ පෙත්ත දීලා තියෙන්නේ.
මෙහෙම බැලුවාම, දැන්…. බෙහෙත් ගන්න ඩොක්ටර්ස්ලා ගාවට යන්නත්, බයයි ..නේ.
ඇයි..එක ලෙඩකට බෙහෙත් ගන්න ගියාම..තවත් ලෙඩක් හදා ගෙන, එන්න වෙන නිසා.
ප.ලි-
ඔයාලගේ දැන ගැනීම පිණිස ඒ බෙහෙතෙ නම කියන්නම්….
" Maxolon "
මේ බෙහෙත, ලෙඩකට නිර්දේශ කලොත්… ඒ ගැන දෙපාරක් හිතන්න, අමතක කරන්න එපා.
ඒ වගේම, හැමෝටම මේ බෙහෙතෙන්… අනිසි බලපෑම් නොවෙන බවත්, සිහි තබා ගත යුතුයි.
ප.ලි-
අර අක්කා නම්, ඒ බෙහෙතෙ නම ඇහෙන කොට, තාමත් වෙව්ලන්න ගන්නවලු..
ඇයි… එයා මොන තරම්… දුකක් විදින්න ඇද්ද ..එදා.
ඒ වගේද..මානසිකව එයා වැටුන ඇද වැටිම........බය විම.